Dharmodaya Buddhist Center

Dharmodaya Buddhist Center Official page of Sri Dharmodaya Buddhist Center - Colombo , Sri Lanka.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, බස්නාහිර පළාත් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, නිකායාරක්ෂක දායක සභා මෙහෙයුම්...
18/05/2026

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, බස්නාහිර පළාත් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, නිකායාරක්ෂක දායක සභා මෙහෙයුම් කමිටුවේ ලේකම්, ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන විභූෂණ බලගල්ලේ ධම්මසීහ නායක ස්වාමීන් වහන්සේට,

දීර්ඝායුෂ පිරි පින්බර ජන්ම දිනයක් වේවා..!

14/05/2026

බැති සිතින් ආරාධනා...

ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය බලගල්ලේ ධම්මසීහ ස්වාමීන් වහන්සේ සහ විහාරවාසී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසනා පරිදි , ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධතාවය ඇතුව ශ්‍රී ධර්මෝදය දායක සභාව, ශ්‍රී ධර්මෝදය තරුණ සංවිධානය, ශ්‍රී ධර්මෝදය කුලඟන සමිතිය, ශ්‍රී ඥානාවාස දහම් පාසල හා සංවර්ධන සභාව , ඒකල එක්සත් වෙළද සංගමය , මෛත්‍රී මාවත බෝධිරාජ සමිතිය, මෛත්‍රී මාවත ඌව වෙලඳ ව්‍යාපාරික ආයතනය, දර්ශන කලායතනය හා ඒකල ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරනු ලබන වෙසක් කලාපය ඒකල මෛත්‍රී මාවත ඇවිදින මංතීරු පරිශ්‍රයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමිය තුල 2026 මැයි මස 30 වන දින සිට ජුනි මස 07 වන දින දක්වා පැවැත්වේ.

වෙසක් කලාපය තුල ඉදිවන විශේෂ පීඨිකාවක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දැක වන්දනා කිරීම.

ඒකල මෛත්‍රී මාවත දිගාසිරි ෆාමසි අධිපති සුමිත් විමලවීර මහතාගේ මූලිකත්වයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් ඉදිවන පරිවාර කූඩු 150කට අධික උස අඩි 50කට වැඩි ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම වෙසක් පහන් කූඩුව.

උදම්මිට නිමල් ඩන්කන් මහතාගේ නිර්මාණශීලීත්වයෙන් රණමයුර නර්තන විශේෂාංගය.

පහන්කූඩු, දන්සැල්, බක්තිගීත, වෙසක් නාට්‍යාංග ඇතුලත් මෙම වෙසක් කලාපයට ඔබ සියලු දෙනාට බැතිසිතින් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි,
ශ්‍රී ධර්මෝදය මාධ්‍ය ඒකකය.

ඒකල ශ්‍රී ධර්මෝදය විහාර කාර්ය සාධක සමිතියේ ගරු ලේකම් , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ උප සභාපති , ආගමන විගමන දෙ...
13/05/2026

ඒකල ශ්‍රී ධර්මෝදය විහාර කාර්ය සාධක සමිතියේ ගරු ලේකම් , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ උප සභාපති , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරල් ඉරාජ් චමින්ද පතිරාජ මැතිඳුන්ට සුභ ජන්මදිනයක් වේවා !!

ශ්‍රී ධර්මෝදය මාධ්‍ය ඒකකය.

බැති සිතින් ආරාධනා...ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය  බලගල්ලේ ධම්මසීහ ස්වාමීන් වහන්සේ සහ විහාරවාසී මහා ...
13/05/2026

බැති සිතින් ආරාධනා...

ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පූජ්‍ය බලගල්ලේ ධම්මසීහ ස්වාමීන් වහන්සේ සහ විහාරවාසී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසනා පරිදි , ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධතාවය ඇතුව ශ්‍රී ධර්මෝදය දායක සභාව, ශ්‍රී ධර්මෝදය තරුණ සංවිධානය, ශ්‍රී ධර්මෝදය කුලඟන සමිතිය, ශ්‍රී ඥානාවාස දහම් පාසල හා සංවර්ධන සභාව , ඒකල එක්සත් වෙළද සංගමය , මෛත්‍රී මාවත බෝධිරාජ සමිතිය, මෛත්‍රී මාවත ඌව වෙලඳ ව්‍යාපාරික ආයතනය, දර්ශන කලායතනය හා ඒකල ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරනු ලබන වෙසක් කලාපය ඒකල මෛත්‍රී මාවත ඇවිදින මංතීරු පරිශ්‍රයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමිය තුල 2026 මැයි මස 30 වන දින සිට ජුනි මස 07 වන දින දක්වා පැවැත්වේ.

වෙසක් කලාපය තුල ඉදිවන විශේෂ පීඨිකාවක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දැක වන්දනා කිරීම.

ඒකල මෛත්‍රී මාවත දිගාසිරි ෆාමසි අධිපති සුමිත් විමලවීර මහතාගේ මූලිකත්වයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් ඉදිවන පරිවාර කූඩු 150කට අධික උස අඩි 50කට වැඩි ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම වෙසක් පහන් කූඩුව.

උදම්මිට නිමල් ඩන්කන් මහතාගේ නිර්මාණශීලීත්වයෙන් රණමයුර නර්තන විශේෂාංගය.

පහන්කූඩු, දන්සැල්, බක්තිගීත, වෙසක් නාට්‍යාංග ඇතුලත් මෙම වෙසක් කලාපයට ඔබ සියලු දෙනාට බැතිසිතින් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි,
ශ්‍රී ධර්මෝදය මාධ්‍ය ඒකකය.

01/03/2026

ලේ දන්දීම 2026
සියලු දෙනා මෙත්සිත් පෙරදැරිව පැමින ලේ දන් දෙමු🩸

ලේ දන්දිමේ මහා පින්කමඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දිමේ පින්කම 2026/03/01 වන ඉරිදා දි...
28/02/2026

ලේ දන්දිමේ මහා පින්කම

ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දිමේ පින්කම 2026/03/01 වන ඉරිදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ .

එදින ලේ දීම සඳහා පැමිණ සහභාගී වන ලෙස කාරුණිකව දන්වා සිටිමු. අසරණ රෝගියෙකුගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ මා හැඟි පින්කමට දායක වීමට මෙම දිනය වෙන් කරන ලෙස මෙත් සිත් පෙරටුව දන්වා සිටිමු .

තෙරුවන් සරණයි ,
ශ්‍රී ධර්මෝදය තරුණ සංවිධානය .

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මෙම නව නිල  ෆේස්බුක් පිටුව හා ඔබත් එකතු වන්න....
31/08/2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මෙම නව නිල ෆේස්බුක් පිටුව හා ඔබත් එකතු වන්න....

16/08/2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික බස්නාහිර පලාත් සංඝ සභාවේ ගරු නියෝජ්‍ය ලේඛකාධිකාරි, ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්‍ය පූජ්‍ය බලගල්ලේ ධම්මසීහ නායක ස්වාමීන් වහන්සේටත්, විහාරවාසී ගෞරවනීය මහා සංඝ රත්නයටත්, දායක පින්වතුන්ටත්, අභිනවයෙන් ඉදි කරන ලද ධර්ම මන්දිරය සංඝාවාසය සහිත තෙමහල් ගොඩනැගිල්ලටත්, ලෝවාසී සැමටත් සෙත්පතා 2025.08.15 වන දින සිදුකරන ලද මහ පිරිත් සජ්ඣායනාව...!

12/08/2025

ඒකල ශ්‍රී ධර්මෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය සහිත ධර්ම මන්දිරය සම්බුදු සසුනට පූජා කිරීමේ පින්කම….

28/01/2025
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා ලේඛකාධිකාරි, කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති ...
27/01/2025

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි, කුලියාපිටිය දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති , රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍යතර අත්තංගනේ සාසනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර සිදු කරනු ලබන ජාතික, ආගමික, ශාසනික, සාමාජීය හා අධ්‍යාපනික උදාර ලෝක ශාසනික සේවාව තවදුරටත් සිදුකරලීමට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවායි ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි..!!!
බලගල්ලේ ධම්මසීහ ස්ථවිර..

Address

Ekala

Telephone

0112236254

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmodaya Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share