16/05/2026
"කල්ප ලක්ෂයකින් වුවද මෙවන් උතුම් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකගේ නිමවීමට දායක වන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි."
ශාක්‍ය මුනීන්ද්‍ර වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සිව් බුදුරජාණන් වහන්සේලා උදෙසා ඉදිවන "සිව් සම්බුදු මහා සෑ රජුන්" වහන්සේගේ සෑ ගර්භය නිර්මාණය කිරීමේ මහා පින්කම මේ වන විට ආරම්භ වී ඇත. සෑ ගර්භය ශක්තිමත්ව නිම කිරීම උදෙසා ගඩොල් ලක්ෂයක ප්‍රමාණයක් අවශ්‍ය කෙරේ.
සංසාර සාගරයෙන් එතෙර වනු රිසි, පින් කැමති පින්වත් ඔබ සැමටත් මේ උතුම් පූජාවේ කොටස්කරුවෙක් වන්නට මෙන්න අනගි අවස්ථාවක්!
* එක් ගඩොලක වටිනාකම: රුපියල් 40/- කි.
* ඔබට ගඩොල් 10ක්, 50ක්, 100ක් වශයෙන් හෝ ඔබේ ශක්ති ප්‍රමාණයෙන් මෙම උතුම් පුණ්‍ය මහෝත්සවයට දායක විය හැක.
🏛️ බැංකු තොරතුරු:
* ගිණුමේ නම: විහාර සංවර්ධන අරමුදල
* ගිණුම් අංකය: 229 - 2 - 001 - 2 - 0042848
* බැංකුව: මහජන බැංකුව (People's Bank), හංවැල්ල ශාඛාව
📍 ස්ථානය: මහමෙව්නාව භාවනා අසපුව - පාළුගම, දොම්පේ.
📞 විමසීම් හා වැඩිදුර තොරතුරු සඳහා: 077 351 1141
"එක් ගඩොලක් හෝ පූජා කරමින් මේ මහා සෑ රජුන්ගේ ගර්භයට ශක්තියක් වන්න. සසර දුක නිවන මෙවන් පින්කමකට සම්බන්ධ වී අනුපමේය පින් රැස්කර ගන්න."