Sri Kalyaniwansha Parshawaya - Amarapura Nikaya

Sri Kalyaniwansha Parshawaya - Amarapura Nikaya ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී කල්‍ය?

අමරපුර  ශ්‍රී කල්‍යාණිවංශ  පාර්ශවයේ උපසම්පදා පුහුණුවේ අවසන් ලිඛිත පරීක්ෂණයේ අවස්ථා
13/06/2025

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ උපසම්පදා පුහුණුවේ අවසන් ලිඛිත පරීක්ෂණයේ අවස්ථා

අපවත් වී වදාළ , මහනුවර,උඩවත්ත කැලේ දළඳා තපෝවනයේ අනුශාසක,මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝ නායක,ත්‍රිපිටකවේදී පූජ්‍ය තපෝවනයේ සංව...
23/04/2025

අපවත් වී වදාළ , මහනුවර,උඩවත්ත කැලේ දළඳා තපෝවනයේ අනුශාසක,මධ්‍යම පළාතේ උපප්‍රධාන සංඝ නායක,ත්‍රිපිටකවේදී පූජ්‍ය තපෝවනයේ සංවර නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පාංශකූල කටයුතු 2025 - 04 - 25 වන දින පස්වරු 2:00 ට දළදා තපෝවන විහාරස්ථානයේ දී සිදු කෙරේ .

මහා ලේඛකාධිකාරී නායක ස්ථවිර

අද දින සිය සුපින්බර දිවි ගමනේ ජන්ම දිනය සිහිපත් කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධූරන්දර, මිණිඔළුව විද්‍යාවාස මහ ...
25/08/2024

අද දින සිය සුපින්බර දිවි ගමනේ ජන්ම දිනය සිහිපත් කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධූරන්දර, මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිෂ්වර, අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, ධර්මකීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත‍්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර, සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසන ශෝභන අතිගෞරවාර්හ මකුලෑවේ විමල මහා නායක මාහිමිපාණන් වහන්සේ⁣ට නිදුක් නිරෝගි දිගාසිරි සුව සපිරි සුපින්බර ජන්ම දිනයක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු !

© සංගායනා

අපවත් වී වදාළ පූජ්‍ය පාද බටපොල නන්ද නා හිමිපාණෝ..දක්‍ෂිණ ලංකාවේ ගාලු වැල්ලබඩ පත්තුවේ අම්බලන්ගොඩ බටපොල ග්‍රාමයේ සුභද්‍රාර...
01/08/2024

අපවත් වී වදාළ පූජ්‍ය පාද බටපොල නන්ද නා හිමිපාණෝ..

දක්‍ෂිණ ලංකාවේ ගාලු වැල්ලබඩ පත්තුවේ අම්බලන්ගොඩ බටපොල ග්‍රාමයේ සුභද්‍රාරාම විහාරයේ අධිපතිව වැඩ විසූ ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහානායක බටපොල අනෝමදස්සී මහ නා හිමියන්ගේ ශිෂ්‍යවර ශාස්ත්‍රපති බටපොල නන්ද හිමියෝ බටපොල සුභද්‍රාරාම මහා විහාරයෙහි අධිපති ධුරය හොබවමින් 2024 ජූලි මස 31 වන දින අපවත් වී වදාළාහ.

1955 අප්‍රේල් 29 වන දින බටපොල පොල්ලැව්වේ කේ.ටී. පේදිරිස් සිල්වා සහ ඒ.එම්. ලෝරනෝනා යන මවුපිය යුවළගේ කනිටු පුතු ලෙස ජන්ම ලාභය ලද කුමරුවන්ට ආනන්ද ලාල් නම ලැබුණේය.

ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස “පන්සලේ ඉස්කෝලය “ නමින් හැඳින්වුණු බටපොල බෞද්ධ මිශ්‍ර‍ පාඨශාලාවට ඇතුළත් කෙරුණේය. පසුව කල්‍යාණතිස්ස විද්‍යාලයට ඇතුළත්ව අට වන විය ගෙවෙන්නට මත්තෙන් ඔහු පැවිදි කරවීමේ තීරණයට මවුපිියෝ එළඹ සිටියහ.

1963 දෙසැම්බර් මස 29 වන දින ඒ කුමරු හට බටපොල අනෝමදස්සී නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බවත් “බටපොල නන්ද” අභිධානයත් ලැබෙන අතර, බද්දේගම රතනසාර විශ්වවිද්‍යාල පිරිවෙනට පිවිසීමේ භාග්‍ය උදා කර ගත්හ.

උන්වහන්සේ 1975 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

1979 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගන්නා උන්වහන්සේ එම වසරේදී ම සාමණේර අවධියේ පටන් තමන්ට ඥානා ලෝකය සැපයූ බද්දේගම රතනසාර විශ්වවිද්‍යාල පිරිවෙනෙහි පරිවේනාචාර්ය පදවියකට පත්වූහ.

1983 රජයෙන් ලද ගුරුපත්වීමකට අනුව නන්ද ස්වාමීන්ද්‍රයෝ මැදිරිගිරිය යාය 8 විදුහලට වැඩම කර එහි වැඩ භාර ගත්හ. 1989 කොළඹ ශාන්ත මයිකල් විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස උසස් වීමක් ද සහිතව ස්ථාන මාරුවක් ලබන නන්ද හිමියෝ 2001 වසර දක්වා එහි සේවය කළහ.

බෝධිය වටා රන් වැටක් සවිකරවු උන්වහන්සේ විහාරස්ථානය වටා මීටර් 500 පමණ දිගට විහිදෙන අඩි 12කට වඩා පුළුල් මාවත කාපට් අතුරවා පැති බැමි බැඳ පන්සල් භුමිය වටා සුවිසල් ප්‍රාකාරයක් ඉදිකර වුහ.

බටපොල සුභද්‍රාරාම මහා විහාරාධිපති , විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය බටපොල නන්ද නා හිමිපාණන් වහන්සේ කලක් අප මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර කළ්‍යාණිවංශ මහ නිකායෙහි නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන්ද වැඩ විසූහ. උන්වහන්සේට නිවන් සුව පතමු.

මහාලේඛකාධිකාරී,
ආචාර්ය පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමවිසුද්ධි නායක ස්ථවිර
මහා ව්හාර වංශික ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකාය

අපවත් වී වදාල අතිපූජනීය ශ්‍රිමත් මහානායක ම හිමිපාණන් වහන්සේගෙ 84 වෙනි ජන්ම දිනය අදයි . ......ශ්‍රි ලංකා අමරපුර මහා නිඛාය...
20/12/2023

අපවත් වී වදාල අතිපූජනීය ශ්‍රිමත් මහානායක ම හිමිපාණන් වහන්සේගෙ 84 වෙනි ජන්ම දිනය අදයි . ......

ශ්‍රි ලංකා අමරපුර මහා නිඛායේ උත්තරීතර මහා නායක ධූරය හෙබවූ අප කල්‍යාණවංශ නිකායේ මහා නායක ව වැඩ සිටි අග්ගමහා පණ්ඩිත අභිධජමහාරට්ඨගුරැ කම්මට්ඨානාචාර්ය දොඩම්පහළ චන්දසිරි මහා නායක මාහිපාණන් වහන්සේගේ 84 ජන්ම දිනය අදයි .......

පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා ..........

2023.07.22 දින සිදුකිරීමට නියමිත අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ උපසම්පදා විනයකර්මය පිළිබඳව මහාලේඛකාධිකාරී ස්වාමීන් වහන්...
18/07/2023

2023.07.22 දින සිදුකිරීමට නියමිත අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ උපසම්පදා විනයකර්මය පිළිබඳව මහාලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගේ නිවේදනය.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ ආදිකර්තෘ ,බ්‍රහ්ම ශ්‍රී අතිපූජ්‍ය කතලුවේ ගුණරතනතිස්ස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ   අපවත් ව...
17/07/2023

අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ ආදිකර්තෘ ,බ්‍රහ්ම ශ්‍රී අතිපූජ්‍ය කතලුවේ ගුණරතනතිස්ස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී අද දිනට වසර 191ක් සපිරේ. (1832 ජූලි 17-2023).උන්වහන්සේ පැතූ බෝධියකින් නිවනින් සැනසෙත්වා !

https://www.youtube.com/live/NFP6bLhKp7I?feature=share
22/05/2023

https://www.youtube.com/live/NFP6bLhKp7I?feature=share

දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන්ද්‍රයන්වයණ්සේ වෙනුවෙන් පවත්වන මතක ධර්ම දේශනයදේශකයන් වහණ්සේ පූජ්ය රාජගිරිය....

26/03/2023

මහාකළ්‍යාණි සීමාව පිහිටුවා.බුරැමයේ සම්බුදු සසුන නගා සිටුවිම සම්බන්ධයෙන් ධම්මචේතිය රජු විසින් කරවූ ශිලා ලිපි 10

මහාකළ්‍යාණී සීමාව මියැන්මාර්
24/03/2023

මහාකළ්‍යාණී සීමාව මියැන්මාර්

Address

Shailabimbarama Maha Viharaya
Dodanduwa
80250

Telephone

+94774027553

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Kalyaniwansha Parshawaya - Amarapura Nikaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Kalyaniwansha Parshawaya - Amarapura Nikaya:

Share