The Saint of Nature - සොබාදහමේ සුදුවරයාණෝ

The Saint of Nature - සොබාදහමේ සුදුවරයාණෝ Be praised, my Lord, through Sister Moon and the stars; in the heavens you have made them, precious and beautiful.

16/04/2023

අද දේව දයාවේ ඉරුදිනයයි... ✝️
දයාවේ අප දෙවිඳුනි...

16/04/2023

අද සමාජයේ බොහෝ දෙනෙකුට අමතක වූ දෙවියන් වහන්සේගේ පොරොන්දුව.. අපට යුක්තිය පැමිණෙන්නේ උන්වහන්සේ තුළින් පමණි අප මොර ගැසිය යුත්තේ උන්වහන්සේ ඉදිරියේ පමණි. සියල්ලන්ට තම සිත් සැනසෙන ව්‍යාජ යුක්තියක් නොව දෙවියන් වහන්සේගේ සැබෑ යුක්තිය ඉටු වේවා !!!! ✝️💟❤️‍🩹

08/04/2023

තේජස මහිමය පිරි රජිඳාණෝ........

උන්වහන්සේ උකුත් වූ සේක. උන්වහන්සේ උත්ථාන වූ සේක. උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක....

රජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ ය..

ඔබ සැමට උත්ථාන වූ කිතු සමිඳුන්ගේ ආශිර්වාදය බහුලව ලැබෙන සුභ පාස්කු මංගල්‍යක් වේවා !!!😇😍

අද අලෙලුයියා සෙනසුරාදා දිනයයි අප ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විජයග්‍රාහී උත්ථානය බලාපොරොත්තුවෙන් සිටින දිනයයි✝...
08/04/2023

අද අලෙලුයියා සෙනසුරාදා දිනයයි අප ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විජයග්‍රාහී උත්ථානය බලාපොරොත්තුවෙන් සිටින දිනයයි✝️

පාතාලයට බැස උන්වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කර වදාළාහ ✝️😍

08/04/2023

අද අලෙලුයියා සෙනසුරාදා දිනයයි අද අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විජයග්‍රාහී උත්ථානය බලාපොරොත්තුවෙන් සිටින දිනයයි. ඉතින් අපි මෙදින යාච්ඤාශීලීව සුදානම් වෙමු උන්වහන්සේගේ ඒ විජයග්‍රාහී උත්ථානයට.... 😍

07/04/2023

ඉර සඳ සහ තරු (පසම්) ✝️✝️

මහ සිකුරාදා දිනය වෙනුවෙන් ඔබට අපෙන් පිදෙන පුංචි තිළිණය Son of God (දේව පුත්‍රයා) චිත්‍රපටය.පහත Link එක ඔස්සේ ඔබට බාගත කළ...
07/04/2023

මහ සිකුරාදා දිනය වෙනුවෙන් ඔබට අපෙන් පිදෙන පුංචි තිළිණය Son of God (දේව පුත්‍රයා) චිත්‍රපටය.

පහත Link එක ඔස්සේ ඔබට බාගත කළ හැක 😍

Link : https://mega.nz/folder/imQRTQzC

07/04/2023

කුරුසේ නැග අත් විහිදා...

අප ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මරණය සමරන අද මහ සිකුරාදා දිනයයි..

06/04/2023

අද මළු මහත් කිතුණු සභාවට සහ මුළු ලෝකයටම සුවිශේෂී දවසක් ඒ සදාතනික දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ලෙස දේවත්වය අතහැර මනුෂ්‍යයෙකු වී අප අතරට පැමිණ එදා මෙදා තුර සකළ මනුෂ්‍ය සංහතියේම පාපයන් උදෙසා තමන් වහන්සේම යාගයක් වූ දවස අද වීමයි. අද පුරාණ ගිවිසුමේ දිවැස්වැකි සම්පූරණ වූ දවසයි. එදා ලෝක ආරම්භයේ ඒදන් උයනේ දී ආදම් සහ ඒව කළ පාපය නිසා දෙවියන් වහන්සේ හා මනුෂ්‍යා අතර සම්බන්ධතාව බිඳ වැටුණා. මනුෂ්‍යාට ස්වර්ග රාජ්‍ය අහිමි වුණා. ඒ පුරාතණ සර්පයාගේ ශාපය බිඳ දමා ස්වර්ග රාජ්‍යයේ දොරගළු මනුෂ්‍යාට යළි විවර කර දුන් දවසයි. මුළු ලෝකයාගේම දෛවය සහ ඉරණම වෙනස් වූ දවසයි. අද අපට දෙවියන් වහන්සේගේ දරුවන් වීමට හැකියාව සහ දෙවියන් වහන්සේට පියාණනි කියා ඇමතීමට බලය ලැබුනේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමනීය යාගය නිසයි. උන් වහන්සේ පාපයේ වන්දිය ගෙවා අපව උන්වහන්සේගේ රුධිරයේ මිලයෙන් මිලදී ගනු ලැබුවා ඉතින් මේ විශේෂ දවස වන මහ සිකුරාදා දිනයේ අපි උන් වහන්සේගේ පූජනීය පිවිතුරු සුන්දර නිමක් නැති ප්‍රේමයට ඇතුළු වෙමු ජේසු පිහිටයි!!!

මහා බ්‍රහස්පතින්දා දිනය අදයි..✝️❤️👑️ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තම ශ්‍රාවකයින්ගෙ පාද දෝවනය කර නිහතමානී බවේ සහ බැහ...
06/04/2023

මහා බ්‍රහස්පතින්දා දිනය අදයි..✝️❤️👑️

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තම ශ්‍රාවකයින්ගෙ පාද දෝවනය කර නිහතමානී බවේ සහ බැහැපත් කමේ ආදර්ශය ලබා දුන්නෙ අදවන් දිනකයි.

(ජොහාන් 13 : 1 - 15)❤️✝️👑️

තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි. පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන, රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. “හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.
මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි .


එලෙසම තම ශ්‍රාවකයින් සමග අවසන් බොදුන වලදා පූප හරහා උන්වහන්සේගෙ ශ්‍රී ශරීරයත් මිදියුස වලින් උන්වහන්සේගේ ශ්‍රී රුධිරයත් පවරාදෙමින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ උන්වහන්සේ නැවත වඩින තුරු උන්වහන්සේගෙ මේ බොදුන පවත්වන්නැයි උපදෙස් දෙමින් පූප කැඩීමට ශ්‍රාවක පිරිසට බලය දෙමින් පූජාත්වරය නැමැති සක්‍රමේන්තුව ස්ථාපිත කරේද අදවන් දිනකය..🍞🍷🍇 ✝️ 👑️

උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක. එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.

(ශුද්ධවර ලූක් 22:19‭-‬20 NRSV)

Address

Diyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when The Saint of Nature - සොබාදහමේ සුදුවරයාණෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share