26/08/2026
අපගේ මංගල්‍ය මතකයන් 2026 ✝️❤️
ආදරයෙන්, විශ්වාසයෙන් හා එකමුතුවෙන් සමරනු ලැබූ අපගේ වාර්ෂික මංගල්‍යයේ සුන්දර මතකයන්… 🙏✨
ශුද්ධ වූ පූජාවන්, යාච්ඤාවන්, ගීතිකා සහ සහෝදරත්වයෙන් පිරුණු මේ මංගල්‍යය අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කළ ආශීර්වාදමත් අවස්ථාවක් විය.
මෙම සුන්දර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම පියතුමන්ලාට, සංවිධායක මණ්ඩලයට, ගායනා කණ්ඩායමට මීගමුව කටුනේරිය හලවත මාරවිල ජා ඇල සහ නන් දෙසින් පැමිණි බැතිබර වන්දනා කරුවන්ටද සියලුම මීසම්වාසීන්ට ගම්වාසීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය.
මංගල්‍යයේ බර කරට ගෙන අප මෙහයවූ මීසම් පූජක තුමන් වන ගරු රොශාන්ත ප්‍රනාන්දු පියතුමනි ඔබට අපගේ අවංක ආදර ස්තූතිය පුද කර සිටිමු,ඔබ අප සෙවනෙන් නික්ම ගියත් ඔබ අප පවුලට අයත් මීසම් පව්ලේම සාමජිකයෙකි ,ඔබවහන්සේට දේව සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා පියතුමනී ✝️✨♥️
ඔබ සැමට මහවැලි මාතවන්ගේ පිහිට ආශිර්වාදය නිබදවම ලබෙන සුභ මංගල්‍යයක් වේවා
“ස්වාමීන් වහන්සේගේ කරුණාව සදාකාලයටම පවතින්නේය.” — ගීතාවලිය 136:1 ✝️
මේ මංගල්‍යයේ සුන්දර මතකයන් සමඟින්… 📸❤️
මහවැලි මාතා දේවස්ථානය – ලත්පන්දුර