16/01/2023
භජේථ මිත්ථේ කල්‍යානේ ...
---------------------------------------------------
සමාජ මාධ්‍යජාලයන් ඔබ භාවිතා කරනවා ඔබ සිතනවා බොහෝ දුරට එහි අපි පිරිස තෝරන්න ඔනි නැනේ කියලා..නමුත් හැමවිට ඇසුරු කල යුත්තන් පමනක් ම තෝරාගන්න
✴️ඔබව නුරුස්සන පුද්ගලයන් ඉස්සාවෙන් පෙලෙන අය ඔබගේ ජීවිතය ට එබෙන්නෙ ඔබව රිදවීමට යමක් කියා යන්නනම් එවැනි ඇසුරක් තුලින් ඔබට කිසිවක් නොලැබේ ...
සමාජ මාධ්‍ය තුලත් delete ඉවත්කිරීම ලෙසත් block ලෙසත් සකසා ඇත්තේ අනවශ්‍ය අය ඉවත් කිරිමටයි...ඉතින් ඇයි ඔබ ඇසුරට නොගැලපෙන අය සමග ගැටෙන්නෙ...අත් හැර ඔබේ ගමන යන්න...🙂
කුනුකන්දල් සොයනවා වෙනුවට විසිකරන්න --------------
අනුන්ගේ විවේචන😕 අනුන් කාපු බීපු හැටි අනුන්ට අපහාස කිරීම😕 මඩගැසීම් නින්දා අවලාද 😑අන් අයගේ ඕපාදූප සෙවීම බොහෝ හිස් මිනිසුන් විසින් නිර්මාණය කරගත් ක්‍රියාවන්ය ඔවුන් කාලය සම්පූර්ණයෙන් කා දමන්නේ අනුන් ගැන කතා කිරීමටයි.🖐️
සමාජ මාධ්‍ය ජාලා අතරත් බොහෝ සෙයින් අප්‍රමාණව මෙකියන හරයක් නොමැති සමූහ පිරි ඉතිරී යන්නේ ඒවාට එකතුවෙන අඥානයන් නිසයි .🧐🧐
ඕපාදූප විවේචන ගඳගහන කුණුගොඩක් හා බඳුයි .ඒවා සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඒවාට මැදි වෙන්නම් ඒ කුණු ගඳ තුළින්ම තුළින්ම පෝෂණය වේ .එම නිසා සෑම සමූහයකට ම ආරාධනා කළ පමණින් නොයන්න.🖐️⚠️️
ඒ වෙනුවට මනස සුවපත් කරන සමූහ සමූහයට එකතු වෙන්න සමූහයකට එකතුවෙන් ඔබටත් ඔබේ මතු දියුණුවටත් යහපත් වේවි .ද්වේශය මෝහය ඇති වෙන තැනට වඩා ඔබව නිවන තැන වඩාත් උතුම් ..❤️🙏
කුණු ගොඩේ සිටියත් , කුණු මල්ලට රිංගා එය ගඳ බවට විලාප නැගීමත් දෙකම එක සමානයි .✍️
ලැබූ අල්ප මනුෂ්‍ය ජීවිතය වටිනාකම් ඇති මිනිසුන් සමඟ වටිනාකම් ඇති සමූහ සමඟසතුටින් ගෙවන්න ..නොසැලී ක්‍රියාකරන්න..❤️🙂
තෙරුවන් සරණයි දෙවි පිහිටයි