Cave Rock Temple

Cave Rock Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cave Rock Temple, Buddhist Temple, Sunanda Road, Dambulla.

Welcome to Cave Rock Temple, a sacred space of peace and devotion. 🌎

❤ Join us to stay connected to the temple's sacred traditions, learn Dhamma, and participate in meaningful community offerings.

28/08/2026
🙏 අපවත් වී වදාළ අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමිපාණන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමු.අපවත් වී වදාළ, රංගිරි දඹුලු රජමහා විහ...
19/08/2026

🙏 අපවත් වී වදාළ අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමිපාණන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමු.

අපවත් වී වදාළ, රංගිරි දඹුලු රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ධුරන්දර, මාතලේ මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක, දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවේණාධ්‍යක්ෂ,

අතිපූජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ

🌼 දෙවර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන් පවත්වනු ලබන පිංකම් මාලාව

රංගිරි දඹුලු රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවේණාධිපති හා පරිවේණාධ්‍යක්ෂ, දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී,

අතිපූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු පැවිදි සහෝදර හිමිපාණන් වහන්සේලා සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ආරාධනයෙන්,

අගෝස්තු 19 | ප.ව. 6.00
☸️ ධර්ම දේශනය

අගෝස්තු 20
🙏 අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පවත්වනු ලබන සාංඝික දක්ෂිණාව

📍 සිරි වළගම්බා මහ පිරිවෙන් පරිශ්‍රයේ දී

🙏 ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

━━━━━━━━━━━━━━━━━━

📺 අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමිපාණන් වහන්සේගේ නොමැකෙන මතකයන් නැවතත් සිහිපත් කරගනිමු.

අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ අපගේ කැමරා කාචයේ සටහන් වූ සුවිශේෂී අවස්ථා, දර්ශන සහ වටිනා මතක සටහන් Cave Rock Temple විශේෂ විකාශය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

🌐 නාහිමිපාණන් වහන්සේගේ මතකයන් නැරඹීමට:
https://caverocktemple.lk

⚠️ විශේෂයෙන් සලකන්න:
අගෝස්තු 19 සහ 20 යන දෙදින පැවැත්වෙන ඉහත පුණ්‍යකර්මයන් අප විසින් සජීවීව විකාශය නොකරන අතර, අපගේ විකාශය ඔස්සේ ඉදිරිපත් කෙරෙන්නේ අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේගේ අතීත මතක සටහන් පමණි.

🌼 උන්වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකළ උදාර මෙහෙවරත්, අප අතර ඉතිරි කර ගිය නොමැකෙන මතකයත් සදා ගෞරවයෙන් සිහිපත් කරමු.

මෙම පණිවිඩය Share කර නාහිමිපාණන් වහන්සේගේ උතුම් මතකය තවත් සැදැහැවතුන් අතරට රැගෙන යාමට ඔබත් එක්වන්න.

තෙරුවන් සරණයි! 🙏

#අඹගස්වැවේරාහුලනාහිමි #දෙවර්ෂපූර්ණපිංකම #ගුණානුස්මරණය #සිරිවළගම්බාමහපිරිවෙන #රංගිරිදඹුල්ල #දඹුල්ල #ධර්මදේශනය #සාංඝිකදක්ෂිණාව

✨🙏 ඇතාබැඳිවැව පුරවරය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඒකාලෝක කළ උත්තම පූජා ඇසළ මහා පෙරහැරඇසළ පුන් පොහෝ දින සන්ධ්‍යාවේ, සැදැහැවත් ...
03/08/2026

✨🙏 ඇතාබැඳිවැව පුරවරය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඒකාලෝක කළ උත්තම පූජා ඇසළ මහා පෙරහැර

ඇසළ පුන් පොහෝ දින සන්ධ්‍යාවේ, සැදැහැවත් ජනතාවගේ සාධු නාද මධ්‍යයේ ඇතාබැඳිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ උත්තම පූජා ඇසළ මහා පෙරහැර අතිඋත්කර්ෂවත් හා අභිමානවත් අයුරින් වීථි සංචාරය කළේය.

මෙවර පෙරහැර වඩාත් සුවිශේෂී වූයේ රංගිරි දඹුල්ල රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, දඹුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, අතිපූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද නායක හිමිපාණන් වහන්සේගේ 37 වැනි වස් වැසීම නිමිති කරගෙන පැවැත්වීම හේතුවෙනි. 🙏

ශාසනික හා සමාජීය මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව කැපවන අතිපූජ්‍ය නායක හිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ තවත් චිරාත් කාලයක් සම්බුදු සසුනට සේවය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා! 🌼

🥁 විචිත්‍රවත් ශාස්ත්‍රීය නර්තන
🌾 අපේ උරුමය කියාපාන ගැමි නර්තන
🔥 අභිමානවත් වෙස් නර්තන
🎆 අහස්කුස වර්ණවත් කළ මල්වෙඩි සංදර්ශන

ඇතුළු අලංකාර පෙරහැර අංග රැසකින් මෙම උතුම් පුණ්‍යෝත්සවය වර්ණවත් විය.

📅 දිනය : 2026 ජූලි 29
🕡 වේලාව : ප.ව. 6.30
📍 ස්ථානය: ඇතාබැඳිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය

🙏 share these memorable photographs with your friends and loved ones.

#උත්තමපූජාඇසළමහාපෙරහැර #ඇතාබැඳිවැව #ශ්‍රීබෝධිරුක්ඛාරාමය #දඬුබැඳිරුප්පේමහින්දනාහිමි #37වනවස්වැසීම #රංගිරිදඹුල්ල #ශ්‍රීවිෂ්ණුමහාදේවාලය #ඇසළපුන්පොහොය #බෞද්ධඋරුමය

🚞 ගලේවෙල – දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කරගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනමධ්‍යම අධිවේගී මාර්ගයේ IV අදියර යටතේ ඉදිකිර...
31/07/2026

🚞 ගලේවෙල – දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කරගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම අධිවේගී මාර්ගයේ IV අදියර යටතේ ඉදිකිරීමට නියමිත කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගයේ ගලේවෙල සිට දඹුල්ල දක්වා කොටසට අදාළ ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

🙏 මෙම වැදගත් අවස්ථාව සඳහා රංගිරි දඹුල්ල රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, දඹුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, අතිපූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද නායක හිමිපාණන් වහන්සේ වැඩම කරමින් සිය ගෞරවනීය සහභාගිත්වය ලබා දුන්හ.

ප්‍රදේශයේ ජනතාවට සහ ඉඩම් හිමියන්ට බලපාන මෙම ජාතික සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උන්වහන්සේගේ වැඩමවීම සහ මඟපෙන්වීම මෙම අවස්ථාවට සුවිශේෂී වැදගත්කමක් එක් කළේය.

එම අවස්ථාවට අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය අලුත්ගම උපනන්ද ස්වාමීන් වහන්සේ ද වැඩම කළහ.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව හිමිකම් පරීක්ෂණ සඳහා දින ලබාදීම සහ අදාළ ක්‍රියාපටිපාටිය පිළිබඳව ඉඩම් හිමියන් මූලික වශයෙන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට දඹුල්ල මහ නගර සභාවේ ගරු නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් අත්පත් කිරීමේ අංශයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ වැලමිටියාව, අතුපාරයාය හා පහළවැව යන වසම්වල ඉඩම් හිමියෝ සහභාගි වූහ.

📌 ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙම ජාතික සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරමු.

#දඬුබැඳිරුප්පේමහින්දනාහිමි #රංගිරිදඹුල්ල #ශ්‍රීවිෂ්ණුමහාදේවාලය #මධ්‍යමඅධිවේගීමාර්ගය #ගලේවෙල #දඹුල්ල

🌸🙏 අපගේ උණුසුම් සුභාශිංසන...!කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධූරයට පත් වූ,මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්...
07/07/2026

🌸🙏 අපගේ උණුසුම් සුභාශිංසන...!

කැලණිය විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධූරයට පත් වූ,

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, අස්ගිරිය මහ පිරිවෙන් අධ්‍යක්ෂ, ගෞරව ශාස්ත්‍රපති, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේට,

රංගිරි දඹුල්ල රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, අතිපූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද නායක හිමිපාණන් වහන්සේගේ හෘදයාංගම සුභාශිංසන හා ආශිර්වාදය පිරිනමනු ලබයි.

මෙම ගෞරවනීය පත්වීම, ශ්‍රී ලාංකේය බෞද්ධ අධ්‍යාපනයටත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, සසුනේ අනාගත අභිවෘද්ධියටත් මහඟු ශක්තියක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

🌼 තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
🌼 අධ්‍යාපන, ශාසන හා ජාතික සේවාවන් තවදුරටත් සාර්ථකව ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය ලැබේවා!

#රංගිරිදඹුල්ලරජමහාවිහාරය
#ශ්‍රීවිෂ්ණුමහාදේවාලය
#අතිපූජ්‍යනාරම්පනාවේආනන්දහිමි
#කැලණියවිශ්වවිද්‍යාලය
#කුලපති




🌕🙏 රංගිරි දඹුලු පොසොන් කලාපය 2026 – පින්බර පොසොන් අසිරිය දඹුල්ලෙන්! ✨ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ මැද පන්සල් සිර...
01/07/2026

🌕🙏 රංගිරි දඹුලු පොසොන් කලාපය 2026 – පින්බර පොසොන් අසිරිය දඹුල්ලෙන්! ✨

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ මැද පන්සල් සිරි වළගම්බා මහ පිරිවෙන් භූමියේ ආරම්භ වූ රංගිරි දඹුලු පොසොන් කලාපය, දහම් බැතිමතුන්ගේ සිත් සනසන ආධ්‍යාත්මික පින්බිමක් බවට පත්ව ඇත. 🌼🪔

මෙම පොසොන් කලාපය රංගිරි දඹුල්ල රජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර අතිපූජ්‍ය දඬුබැඳීරුප්පේ මහින්ද නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා උන්වහන්සේගේ මඟපෙන්වීමෙන් උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.

🪔 ඔබ වෙනුවෙන්...
✨ විචිත්‍රවත් තොරණ් රාජයා
🙏 දිනපතා බෝධි පූජා පිංකම්
🎶 භක්ති ගීත වැඩසටහන්
🍚 මහඟු දන්සල්
🌸 පොසොන් බැතිබරත්වය විඳින්නට අසිරිමත් පරිසරයක්

📅 ජූලි 01 වනදා දක්වා මෙම අසිරිමත් පොසොන් කලාපය ඔබ සැම වෙනුවෙන් විවෘතව පවතී.

ඔබත් පවුලේ සැම සමඟ පැමිණ පොසොන් පුර පුණ්‍යමය සුවය විඳින්න. මෙම පින්කම ඔබගේ මිතුරන් හා නෑදෑයන්ටත් දැනගැනීමට මෙම සටහන Share කරන්න. 🤍

📍 ස්ථානය: රංගිරි දඹුල්ල රජමහා විහාරය – මැද පන්සල්, සිරි වළගම්බා පිරිවෙන් භූමිය

🙏 සාදු! සාදු!! සාදු!!!

#රංගිරිදඹුල්ල

Address

Sunanda Road
Dambulla
21100

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Cave Rock Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Cave Rock Temple:

Shortcuts

Share