09/08/2026
ජේසු පිහිටයි 🙏
අද දවසේ දේවවචනය:
📖ගීතාවලිය 37:5
ඔබගේ මාර්ගය (සැලසුම) ස්වාමීන්ට භාරදෙන්න;
උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබන්න,
උන්වහන්සේ එය ඉෂ්ටකරන සේක.
ස්වර්ගීය පියාණන් වහන්ස,
🌿මගේ ජීවිතයේ සියළුම සැලසුම් ඔබවහන්සේට භාර දෙමි! ඔබවහන්සේව පමණක් විශ්වාස කරමි!
🌿අද දිනයේ මා තුල මා අඩු වී ජේසුස් වහන්සේ මා තුල වැඩි වීමට උන්වහ්සේගේ ගුණාංග මා තුල වැඩිවීමට දේව කරුණාව මා හට දුන මැනව!
🌿ඔබවහන්සේගේ කැමැත්ත සහ සැලැස්මට අනුව ජීවත්වීමට සුදුසු පරිසරයක් මා අවට ඇති කල මැනව!
🌿අද දවසේ සියළුම වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට ජේසුස් වහන්සේගේ සියළු අනුග්‍රහය මට වැඩි කරදුන් නිසා ස්තුතියි!
✝️උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි ජීවමාන නාමයෙන්!
ආමෙන්🙏🙏🙏