Ven Galagoda Aththe Gnanasara Thero

Ven Galagoda Aththe Gnanasara Thero රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය ගලගොඅත්තේ ඤාණසාර ස්වාමීන් වහසේගේ
නිළ Facebook පිටුව.
(1)

13/08/2026

...

13/08/2026

බෝධි වන්දනා ගාථා - Bodhi Wandana Gatha

#බෝධිවන්දනා #බෝධිවන්දනාගාථා #බුදුගුණ #බුද්ධවන්දනා #බුදුසරණයි #බෞද්ධ #බුදුදහම #ධර්මය #ධර්මදේශනා #පින්කම් #පින්බරවීඩියෝ

අද සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, බෝම්බ ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරිදා දේවමෙහෙයට කාදිනල්තුමා සහභාගී නොව...
17/06/2026

අද සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, බෝම්බ ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරිදා දේවමෙහෙයට කාදිනල්තුමා සහභාගී නොවීමට බලපෑ විවිධ හේතු කියමින් එය සාධාරණීකරණය කරන අතරතුර, ඒ අතරින් එක්තරා වැදගත් කරුණක්ද ප්‍රකාශ කළේය. එනම්, පාස්කු උත්සවයේ ප්‍රධානතම දේවමෙහෙය පැවැත්වෙන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බැවින් සහ ඉරිදා උදෑසන පැවැත්වෙන දේවමෙහෙය එතරම් ප්‍රධාන නොවන බැවින්, කාදිනල්තුමා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දේවමෙහෙයට සහභාගී වූ බව කියා සිටියි.

දැන් සුරේෂ් සලේ වෙත එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ, ප්‍රහාරයට සති තුනකට පෙර 'පෙත්තා' නැමති යුද හමුදා බුද්ධි අංශ තොරතුරු කරුවෙකු මාර්ගයෙන් යුද හමුදා කඳවුරකින් විශේෂ GPS උපකරණයක් ලබාගෙන, සලේගේ නියෝගය පරිදි සහරාන්ගේ කණ්ඩායමේ මුස්ලිම්වරුන් සිව්දෙනෙකුට මීගමුව ප්‍රදේශයේ කතෝලික පල්ලි පිහිටා ඇත්තේ කොහේද සහ පාස්කු දේවමෙහෙයන් සඳහා පැමිණෙන ජනගහනය කොපමණද වැනි විස්තර ලබා දුන් බවයි.
නවීන යුද හමුදා GPS උපකරණ, බුද්ධි තොරතුරු සහ දත්ත සමඟ මෙම ප්‍රහාරය සහරාන්ට සංවිධානය කර දුන්නේ නම්,
වැඩිම පිරිසක් සහභාගී වන ප්‍රධාන පාස්කු දේවමෙහෙය පැවැත්වෙන්නේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බව නොදැන සිටියේ කෙසේද?
සලේගේ පියා මුස්ලිම් වුවද, ඔහුගේ මව කතෝලික කාන්තාවකි. එසේ නම්, සලේ මෙය සංවිධානය කළේ නම් ප්‍රධාන දේවමෙහෙය කුමක්ද යන්න සලේට නොදැන සිටීමට හැකිද?
සත්‍යම මග වේවා.
මම
ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
2026/6 / 17

ඉතා වගකීමෙන් කියමි,,අපේ ශාසනභාරධාරි මහානායක හිමිවරුන්ගේ සිට සමස්ත සංඝයාට එකමුතු වන ලෙස බල කරන වැඩපිලිවෙලක් සදහා  මහන්සි ...
17/06/2026

ඉතා වගකීමෙන් කියමි,,
අපේ ශාසනභාරධාරි මහානායක හිමිවරුන්ගේ සිට සමස්ත සංඝයාට එකමුතු වන ලෙස බල කරන වැඩපිලිවෙලක් සදහා මහන්සි ගැනීම කාලෝචිත වේ.
1953 සිට ආරම්භ වී 1990 ගණන් වල සිට වර්ධනය වූ ඉස්ලාම් මූලධර්මවාදි මතවාදය වඩාත් සංවිධානාත්මක ලෙස වර්ධනය වු අයරු අකුරක් නෑර සාක්ෂි සහිතව අදාල තොරතුරු මා සතුවේ.

ලෝකේම කතා කරන ප්‍රශ්නයක් අපේ මහ ලොකු දේශපාලන කෙරුමන්ට නොතේරෙන.

නිලධාරීන් කීදෙනෙක් දන්නව ද ඉස්ලාමික අන්තවාදයේ ඉගැන්වීම්
ගැන.
කී දෙනෙක් හදීස් කියවලා තියෙනවද. මුස්ලිම් සමාජය තුලින් ඉස්ලාම් දැඩි දෘෂ්ටිවාදයට යොමු කරන ඇතැම් දේශකයෝ අදත් වැඩ.
එක දශමයකින් ඒ වැඩපිලිවෙල අඩු වෙලා නෑ.
අද යුරෝපෙට බටහිර ට උත්තර නෑ. ඉස්ලාම් අන්තවාදය විසින් ඇතිකල බලෑම් වලට උත්තර සොයන්න.
ඒ රටවල් වල කාදිනල් තුමන්ලා අර සභා මේ සභා අර නිකාය මේ නිකාය කවුරුවත් එලි බහින්නේ නෑ.
මොකද යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් එකම මුලය එකම සර්ව බලධාරි දෙවියන්ගේ කැමත්ත.
සහාරාන් පන්නයේ ඉස්ලාම් අන්තවාදීන් ලෝකේ හැම තැනම මිනී මරණවා.
නයිජීරියාවේ මුස්ලිම්.— ක්‍රිස්තියානි ගැටුම්

ඉතියෝපියාවේ මුස්ලිම් - ක්‍රිස්තියානි ගැටුම්
කෙන්යාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
එරිත්‍රියාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
සුඩානයේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්

ඉන්දුනීසියාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
ඇමරිකාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
එංගලන්තයේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
සවුදි අරාබියේ මුස්ලිම් මුස්ලිම් ගැටුම්
ඉරාකයේ මුස්ලිම්- මුස්ලිම් ගැටුම් හා මුස්ලිම් -ක්‍රිස්තියානි ගැටුම්
පකිස්තානයේ මුස්ලිම්- මුස්ලිම් ගැටුම් හා මුස්ලිම් -. ක්‍රිස්තියානි ගැටුම්,,මුස්ලිම් - හින්දු ගැටුම්
ලිබියාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්
බංග්ලාදේශයේ මුස්ලිම් -බෞද්ධ ගැටුම් හා මුස්ලිම් -හින්දු ගැටුම්
ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් -ක්‍රිස්තියානි ගැටුම් මුස්ලිම් -බෞද්ධ ගැටුම්
තායිලන්තයේ මුස්ලිම් -බෞද්ධ ගැටුම්
මියන්මාරයේ මුස්ලිම් -බෞද්ධ ගැටුම්
ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් හා හින්දු ක්‍රිස්තියානි ගැටුම් උතුරු අයර්ලන්තයේ ප්‍රොතෙස්තන්ත - කතෝලික ගැටුම්

එමෙන් ම ප්‍රංශය. ජර්මනිය ,බෙල්ජියම, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය,පිලිපීනය,සිරියාව ආදි රටවල ද අඩු වැඩි වශයෙන් විවිධ පන්නයේ ප්‍රහාර දිනපතා වාර්තාවන අයුරු අප දකිමු.
මෙතරම් ආසන්න සිදුවීම් වාර්තාවෙද්දි අපේ වග කිවයුත්තන් නිහඩව සිටීම බරපතල ගනයේ වරද්දා ගැනීමකි.
කාදිනල් තුමා ඇතුලු කතෝලික සභාවට මෙවැනි අන්තවාදයන් පිලිබද කොලවල ලියාගත් ලස්සන වදන් මාධ්‍ය හමුවේ හෙලිකල හැකි වුවද සැබෑ අන්තවාදය හමුවේ මුනිවත රැකීම පුදුමයට කරුණක් නොවේ.
එමෙන්ම අප රටතුල වර්ධනය වන අන්තවාදය පරාජය කිරීම අද දවසේ අපගේ අනුල්ලංඝනීය වගකීම වන්නේ ය.
ඒ වගකීම මෙරට භික්ෂුන් ඉටු කල යුතුය.
ඔබ ඊට බල කල යුතුය.
මම
ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
2026/ 06 /17

17/06/2026

සාක්කි ඔක්කොම තියෙනවා නම් ඇයි ඉතින් නොසෑහෙන්න යමෙකුට වද දෙන්නේ ?????

අපි සංවිධානය වෙලා  විවිධ බාධක මැද මේ අන්තවාදි ගෝලීය බලවේග ගැන සෝදිසියෙන් හිටියා. වැදගත් විදියට කිව්වා ඒ ගැන ලොකු අවබෝධය...
16/06/2026

අපි සංවිධානය වෙලා විවිධ බාධක මැද මේ අන්තවාදි ගෝලීය බලවේග ගැන සෝදිසියෙන් හිටියා. වැදගත් විදියට කිව්වා ඒ ගැන ලොකු අවබෝධයක් නොමැති කම සහ ඒ වනවිටත් අන්තවාදි බලවේග සමග සිටි මොලකරුවන් ආරක්ෂක අංශ නොමග ඇරියා. අහිංසක මුස්ලිම් මිනිස්සු ගුටි කෑවා. එ පුංචි පල්ලි ගිනිබත් කෙරුවා. මැරුවා. කඩවල් විනාශ කලා. ඒ අයගේ පැමිනිලි නොසලකා හැරියා.
ආරක්ෂක අංශ වලට සමීපව හිටපු අය කිව්වේ ඕවා මහ ලොකු දේවල් නොවෙයි. නිකායවල් අතර ගැටුම් කියලා.
අපි කියලා කියලා බැරිම තැන දැඩි ස්වරයෙන් රටේ මිනිස්සු අවධානවත්ව තිබ්බා.
මතක තියාගන්න. අපේ උන්ට ස්වල්ප දෙනෙක්ට හැර පෝස්ට් එක්ක දාන්න බෑ. මතක තියාගන්න තවමත් අන්තවාදින්ගේ මුදල් කතා කරන බව. මේ 2008 ——ම⁣ේ ගැන අලෙවි මව්ලානා කිව්ව⁣ේ 2007

16/06/2026

සිංහලුන් කියන්නේ හරි පුදුම ජාතියක්,,වැඩ කලත් බැනුම් ~න⁣ොකලත් බැනුම්. කිසිවක් බලාපොරොත්තු නොවී පුලුවන් අය වැඩ කරන්න.

Address

Sri Jayawardenepura Kotte
Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when Ven Galagoda Aththe Gnanasara Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share