17/02/2025
ජේසු පිහිටයි 🤍🌹
ජේසුව මම දැකලා නැති උනාට උන්වහන්සේගේ ප්‍රාතිහාර්‍යයන් මම හැමදාම අත්දකිනවා ❤️
අපි ඉල්ලන දේවල් ඇයි අපිට නොලැබෙන්නේ ?
අපි ඉල්ලන දේවල් අපිට නොලැබෙන්නේ ඒ දේවල් ලැබෙන්න සුදුසු නැති නිසා නැත්තන් ඒ දේවල් ලැබෙන්න සුදුසු වෙලාව තවමත් පැමිණ නැති නිසා . අපිට තේරෙන වයසේ ඉදලා දෙවියන්වහන්සේගෙන් දේවල් ඉල්ලනවා ඒත් ඒ දේවල් වලට ස්තූතියි කරන්න අපිට මතක් වෙන්නේ නෑ නේද ?
හැම මොහොතකම උන්වහන්සේට ප්‍රශංසා කරන්න ගෞරව කරන්න ස්තූති කරන්න . ලැබුන දේවල් වලට පමණක් නොව නොලැබුන ඒත් ඔබ ඉල්ලන සියල්ල ලැබුනා සේ සලකා උන්වහන්සේට ස්තූති කරන්න ❤️ දේව සැලැස්ම තුල ඔබගේ විශ්වාසය ගොඩනගාගන්න . අපට උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ පොරොන්දු ,සැලැස්ම කෙරෙහි සැකයක් ඇති වෙන සෑම මොහොතක් තුලම උන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දු සිහියට ගන්න ඒවා මෙනෙහි කරන්න . තමන්ට හිමි සියල්ල අතහැර නොදන්නා දේශයකට යන්න කි වූ ගමනේ ආබ්‍රහම්ටත් සැකයක් අවිශ්වාසයක් ඇති වෙන්න ඇති ඒත් දේව කැමැත්තට අනුව සියල්ල අතහැර දේව කැමැත්තට අවනත වී උන් වහන්සේ දුන් පොරොන්දු තුල විශ්වාසය අලුත් කිරීම තුල සියල්ල හිමි කරගත් ආබ්‍රහම් දෙස බලන්න . ඔහුගේ බිරිඳ දරුවන් සෑදීමට නොහැකි වඳ ස්ත්‍රීයක් එහෙත් දෙවියන්වහන්සේ ඔහු මගින් පරපුරක් ඇති කරන බවට පොරොන්දු උනා . එලෙසම තමන්ට හිමි දේශයක් ලබා දෙන බවට පොරොන්දු උනා . මේ සියල්ල යතාර්ථයක් කරගැනීමට ආබ්‍රහම් තුමාට හැකි වූයේ ඔහු දෙවියන් වහන්සේට යටහත් පහත්ව උන්වහන්සේ කි වූ දේ විශ්වාසයෙන් අයිති කරගත් නිසා ❤️ ඉතින් ඔබත් දේව කැමැත්තට හිස නමා උන්වහන්සේ අපට පවරන කාර්ය සිදු කරන්න .
මෙය ලෙහෙසි නොවුනත් ඉවසීමෙන් අභියෝග වලට මුහුණ දෙන්න . විශ්වාස කරන්න උන්වහන්සේට සියල්ල කරන්නට පුලුවන් බව සහ පෙරලන්න නොහැකි සිංහාසන පවා පෙරලීමේ බලයක් උන්වහන්සේට ඇති බව .
'' විය නොහැකි දේ විය හැකි දේ බවට පත්වෙයි "
මේ වචන අදහා ගන්න ඔබේ ජිවිත තුලත් පෙරලීමට නොහැකි රාජකීය සිංහාසන ඇති ඒවා සිහියට ගන්න . සිදුවෙන්නට නොහැකිදේ පවා සිදු කිරීමට තරම් අධිකාරී බලයක් උන්වහන්සේ තුල ඇති බව සිහියට ගන්න . දිනපතා සෑම මොහොතේම උන්වහන්සේට ප්‍රශංසා කරන්න ❤️ .
නොවරදවාම දේවමෑනියන්ට ජපමාලය උච්චාරනය කරන්න සිහියට ගන්න ❤️🙏
Ama Dissanayaka ✍