𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

  • Home
  • Sri Lanka
  • Colombo
  • 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි වැටෙන්න වැටෙන්න තැලෙන්න තැලෙන්න
තවත් විශ්වාසය වැඩි වන හරි තැන කතෝලිකත්වය තුල
ජේසුගෙ ආදරයයි
(1)

අද දින සුබ අස්න 🌾31 තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සම...
16/09/2026

අද දින සුබ අස්න 🌾

31 තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ”මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා,
32 ‘අපි ඔබට නළා පිම්බෙමු.
ඔබ නැටුවේ නැත;
අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි
කියන දරුවන් හා සමාන වෙති. 33 ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. 34 මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. 35 දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”

#සුබ_අස්න_සැප්තැම්බර්_16

🔔 සීනු හඬින් ලොව පිබිදෙන 🎶❄️ 🎄 නත්තල දොර ළඟ හිනැහෙන 🛐💖 🕯️ අසිරිමත් නත්තල් උදාවට 🎁✨තවත් දින 100ක් පමණි 🎅🌟⏳Get ready for t...
15/09/2026

🔔 සීනු හඬින් ලොව පිබිදෙන 🎶❄️ 🎄 නත්තල දොර ළඟ හිනැහෙන 🛐💖 🕯️ අසිරිමත් නත්තල් උදාවට 🎁✨
තවත් දින 100ක් පමණි 🎅🌟⏳

Get ready for the festive magic! 🌟✨🔔 🌲🎉🎅

15/09/2026

යාච්ඤා ඉල්ලීමක්!
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් අද දින සිදුකිරීමට නියමිත පිරිමි දරුවෙකුගේ අතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක කර දෙනමෙන් ජේසුගෙන් ඉල්ලමු 🙏

අද වික්ෂෝප දේව මාතා මංගල්‍යය දිනයයී ✝️🙏🏻😇      - වික්ෂෝප දේවමාතා භක්තිය- ලොව පුරා කිතුණු ජනතාව වික්ෂෝප දේව මාතාවන් ,නැතහ...
15/09/2026

අද වික්ෂෝප දේව මාතා මංගල්‍යය දිනයයී ✝️🙏🏻😇

- වික්ෂෝප දේවමාතා භක්තිය-
ලොව පුරා කිතුණු ජනතාව වික්ෂෝප දේව මාතාවන් ,නැතහොත් දුක්බරිත කන්‍යාමරිය තුමියගේ (Our lady of sorrows )මංගල්‍යයන් දෙකක් සමරනු ලබයි. එනම්
සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින සහ සෑම වසරකම චතාරික සමයේ මහා සිකුරාදා දිනට පෙර යෙදෙන සිකුරාදා දිනයයි. (වික්ෂෝප සිකුරාදා).

ශු. බයිබලය තුල කන්‍යා මරියතුමිය විදි වේදනාවල් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ ශු. ලූක් හා ශු. ජොහාන් යන සුවිශේෂ තුලය.
ශුද්ධවර ලූක් තුමාගේ සුවිශේෂය තුල කුඩා ජේසු බිලිදුන් දේව මාලිගයේ පිදීමට යන අවස්ථාවේ මරියාවන් හට සිමියොන් නම් නැමැත්තෙක් පැවසූ වදන් ඇතුලත් ය.
ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක්මෙන් තුවාල වනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිසයි කීය.
( ලූක්.2:35)
ශුද්ධවර ජොහාන් තුමාගේ සුබාරංචිය තුල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත සිටියදී මරියතුමියට සහ ජුවාම් තුමාට පැවසූ වදන් විස්තර කරයි.
කුරුසියේ එල්ලී සිටි ජේසුස් වහන්සේ සිය මෑණියන් ද, තමා ප්‍රේම කල ශ්‍රාවකයා වූ ජුවාම් තුමාද ලග සිටිනු දැක. "ස්ත්‍රීය මෙන්න ඔබේ පුත්‍රයා "යයි සිය මෑණියන් හට වදාළ සේක.
(ජොහාන් 19:26)

ප්‍රධාන කොට බයිබලය තුල ඉහත සදහන් වගන්ති හැරුණුකොට දේව මතාවන් විදි දුක් වේදනාවල් පිළිබඳව පැහැදිලි විස්තර ඇතුලත් නොවූවත්, ජේසුස් වහන්සේ කුඩා කල සිට උන්වහන්සේට වසර 12 වන තුරු සහ උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය තුලද එතුමිය උන්වහන්සේ සමගින් සිටි බව බයිබල් කතුවරුන්ගේ සදහන් තුල පැහැදිලිය . මේ අනුව ජේසුස් වහන්සේගේ කුඩා කල සිට උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය තුලත් උන්වහන්සේ සමගින්ම සිට මවක් වශයෙන් ඇය දැරූ කඨූර වේදනාවල් සිහිකර කතෝලික සභාව මෙන්ම ලොව පුරා කිතුනු ජනතාව එතුමිය තම ජීවිතය තුල දැරූ වේදනාවෙන් අවස්තා සතක් සිහිපත් කරයි.

- මරියාවන්ගේ හදවත සිදුරු කළ දුක් කඩු පහර සත -

i) සිමියොන් තුමා කී අනාගත වාක්‍ය.

ii) ඊජිප්තු දේශයට පලා යෑම.

iii) ජෙරුසෙලම් දේව මාලිගාව තුල ජේසු තුමා නැතිවීම

iv) කල්වාරි මාර්ගයේදී මරියතුමියට ජේසු තුමා හමුවීම.

v) කුරුසිය මත ජේසු තුමා උකුත් වීම.

vi) ජේසුස් වහන්සේගේ මෘත ශරීරය මරියතුමිය තම ඇකයට ගැනීම.

vii) ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ගල්ලෙනෙහි තැම්පත් කරනු ලැබීම.

අද දින සුබ අස්න 🌾25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්...
15/09/2026

අද දින සුබ අස්න 🌾

25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26 එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ”ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. 27 ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ”මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.

#සුබ_අස්න_සැප්තැම්බර්_15

ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය දිනය අදයි ✝️💓🙏අද ශ්‍රී කුරුසියේ මංගල්‍යය දිනයි. ශ්‍රී කුරුසිය අපේ විජයග්‍රහණයේ සංකේ...
14/09/2026

ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය දිනය අදයි ✝️💓🙏

අද ශ්‍රී කුරුසියේ මංගල්‍යය දිනයි. ශ්‍රී කුරුසිය අපේ විජයග්‍රහණයේ සංකේතයයි. අපට ගැලවීම සලසා දුන්නේ මේ ශ්‍රී කුරුසියයි. එබැවින් එදා මිනිසුන්ට එපා උන කුරුසිය අද විජයග්‍රහණයේ ශුද්ධවූ සංකේතයයි.

ජේසු එදා සිය කුරුසිය දරාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ක්‍රියා කල නිසා අප සැමට ගැලවීම ලැබුනා. අප ජීවිතයේත් ප්‍රශ්න ගැටළු මාධ්‍යයේ ඒවලට බය වෙන්නේ නැතුව දේව කැමැත්තට ඉඩ දීලා උන්වහන්සේ කැමති පරිදි සියල්ල පාලනය කරන්න දෙනවානම් අවසානයේ අපිටත් ප්‍රශ්න තුළ ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙනවාමයි.

ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. නමුත් අපි කිතුනුවන් ලෙස ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනි ආකාරය වෙනස්. ඔබ ජීවිතය සම්පුර්ණයෙන්ම ජේසුට බාර දී තිබෙනවානම් ඔය ප්‍රශ්න මහා ලොකු දේවල් නෙමේ. ජේසු සේරම විසදලා ඔබට නිදහස ලබා දෙනවාමයි. හැබැයි වෙන්න ඕනි ජීවිතය සම්පුර්ණයෙන්ම උන්වහන්සේට බාර දීමයි. ඒ කියන්නේ ප්‍රශ්න එද්දී විතරක් ජේසුව හොයාගෙන යන එක නෙමේ කියල මතක තියා ගන්න ඕනි.

ℂ𝕖𝕪𝕝𝕠𝕟 ℝ𝕠𝕞𝕒𝕟 ℂ𝕒𝕥𝕙𝕠𝕝𝕚𝕔𝕤 නියම කතෝලික අපි

අද දින සුබ අස්න 🌾13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14 පාළුකරයෙහි දී මෝසෙස...
14/09/2026

අද දින සුබ අස්න 🌾

13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, 15 උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.” 16 ”දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.

#සුබ_අස්න_සැප්තැම්බර්_14

13/09/2026

114 වන වාර්ෂීක මංගල්‍යය සජීවී විකාශය
Catholic Social Media Admins of Srilanka (CSMAS) සහෝදර පිටු හරහා

අද දින සුබ අස්න 🌾21 එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය...
13/09/2026

අද දින සුබ අස්න 🌾

21 එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 22 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
23 ”මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. 24 ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකො‍්ටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. 25 ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. 26 එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය. 27 ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
28 එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය. 29 එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය. 30 එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය. 31 ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. 32 එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. 33 මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය. 34 ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. 35 ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”

#සුබ_අස්න_සැප්තැම්බර්_13

12/09/2026

පොල්ගහඅගාර ශුද්ධවු නිර්මල ආරෝග්‍ය දේවමාතා දේවස්ථානයේ වාර්ෂීක මංගල්‍ය සැදෑ මෙහෙය 2026

114 වන වාර්ෂීක මංගල්‍යය සජීවී විකාශය
Catholic Social Media Admins of Srilanka (CSMAS) සහෝදර පිටු හරහා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි:

Shortcuts

Share