St. Anthony's Association of Padua

  • Home
  • St. Anthony's Association of Padua

St. Anthony's Association of Padua පාදුවා හී ශු. අන්තෝනි මුනිඳුන්ගේ සහෝදර සමිතිය

කොළඹ 13 අළුත් හෙට්ටිවීදිය වික්ෂෝප දේව මාතා දහම් පාසල සහ මීසම් සංඝය එක් සංවිධානය කළ පාද නමස්කාරය 2026.02.22
22/02/2026

කොළඹ 13
අළුත් හෙට්ටිවීදිය වික්ෂෝප දේව මාතා දහම් පාසල සහ මීසම් සංඝය එක් සංවිධානය කළ පාද නමස්කාරය 2026.02.22

25th Anniversary Celebration.👭🧑‍🤝‍🧑Pipena Kekulu Holy Childhood Society.    New chetty parish✝️
22/02/2026

25th Anniversary Celebration.
👭🧑‍🤝‍🧑Pipena Kekulu Holy Childhood Society.
New chetty parish✝️

2024.10.06 🌟 ඉරු දින🌟නව හෙට්ටිවිදිය අප වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ පැවති 204 වෙනි මහා මංගල්‍ය දිව්‍ය පූජාව✝️🙏
16/10/2024

2024.10.06 🌟 ඉරු දින🌟
නව හෙට්ටිවිදිය අප වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ පැවති
204 වෙනි මහා මංගල්‍ය දිව්‍ය පූජාව✝️🙏

06/10/2024

අප වික්ෂෝප දේව මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

ඔක්තෝබර් 6වන ඉරු දින මංගල්‍යය මහා දිව්‍ය පූජාව

පෙරහැර සවස 6.00

*ඔබ සැමට ආරාධනා කරමු.*

දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය - අගෝස්තු 15 𝚃𝚑𝚎 𝙰𝚜𝚜𝚞𝚖𝚙𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝙱𝚕𝚎𝚜𝚜𝚎𝚍 𝚅𝚒𝚛𝚐𝚒𝚗 𝙼𝚊𝚛𝚢 | ¹⁵ᵗʰ ᴬᵘᵍᵘˢᵗ⭕⭕සැම  වසරකම  අගො...
15/08/2024

දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය - අගෝස්තු 15

𝚃𝚑𝚎 𝙰𝚜𝚜𝚞𝚖𝚙𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝙱𝚕𝚎𝚜𝚜𝚎𝚍 𝚅𝚒𝚛𝚐𝚒𝚗 𝙼𝚊𝚛𝚢 | ¹⁵ᵗʰ ᴬᵘᵍᵘˢᵗ

⭕⭕සැම වසරකම අගොස්තු 15 දා ශුද්ධවූ සභා මාතාව මරියතුමියගේ මහිමාන්විත ස්වර්ගාරෝපණ මංගල්‍යය සිදු කරනු ලබයි. ⭕

〽️මරියවහන්සේගේ ස්වර්ගාරෝපණය තුළ අදහස් කරන්නේ එතුමිය පරිපූර්ණ පුද්ගලභාවය තුළ නැතහොත් ආත්මය සහ ශරීරය සමග ස්වර්ගයට ඔසවාගනු ලැබීමයි.

〽️බොහෝ අය මෙය ජේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණය හා සමග පටලවා ගනිමින් විකෘති කරති. එම නිසා මුලින්ම මේ අතර වෙනස විමසා බලමු.

1) ස්වර්ගාරෝහණය (Ascension , Ascensio)
2) ස්වර්ගාරෝපණය ( Assumption, Assumptio)

❗❗ස්වර්ගාරෝහණය ❗❗

✳️ ස්වර්ගාරෝහණය යනු තම බලයෙන් හා තම මහිමයෙන් ස්වර්ගයට යාම වේ . මේ ආකාරයට කිසිදු ආධාරයක් නොමැතිව ස්වර්ගයට යනු ලැබුවේ ජේසුස්වහන්සේ පමණි.

❗❗ස්වර්ගාරෝපණය❗❗

✳️ ස්වර්ගාරෝපණය යනු යම් කෙනෙකුගේ බලයෙන් හා මහිමයෙන් ආධාරය සහිතව ස්වර්ගය වෙත ඔසවාගනු ලැබීම හෝ පිවිසීම වේ. මෙය ජේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයට කිසිසේත්ම සම්බන්ධ නැත. මෙය මරියතුමියට ජේසුස්වහන්සේගෙන් ලැබූ වරප්‍රසාදයකි.

❓❓ස්වර්ගාරෝපණය පිළිබද ඓතිහාසික සාක්ෂි මොනවාද ?

🔶🔸මෙය ආරම්භයේ සිටම ලියවී ඇත. ජෙරුසලමේ මොඩස්ටස් තුමා හා කොන්ස්තන්තිනෝපල්හි ජර්මෙන්තුමාගේ ලේඛන වල මේ පිළිබද සදහන්ව ඇත.
මේ පිළිබදව මුලින්ම දේශනාකරන ලද්දේ ජෝර්දානයේ තෙයොටෙක්නොස් රදගුරු තුමාවේ. එමෙන්ම ජෝන් ඩැමසිස් තුමා, පාදුවාහි අන්තෝනි මුනිතුමා , මහා ඇල්බට් තුමා , තෝමස් ඇක්වයිනාස් තුමා හා බොන්වැන්චර් තුමා වැනි අය සදහන් කර ඇත.

❓❓ස්වර්ගාරෝපණයට ශුද්ධ ලියවිල්ලෙහි පදනමක් තිබේද ?

🔰මෙම මාතෘකාව කොටස් දෙකකට බෙදා කථා කළ යුතුය.

1) ස්වර්ගාරෝපණය
2) මරියතුමියගේ ස්වර්ගාරෝපණය

මරියතුමියගේ ස්වර්ගාරෝපණය ගැන ශුද්ධ ලියවිල්ල තුල සදහන්වී නැත. එලෙසම ශුද්ධ ලියවිල්ල තුළම ජේසුස්වහන්සේ පිළිබදවත් සෑම දෙයක්ම ගැන සදහන්ව නොමැති බව එහි සදහන් ය. ශු.ජුවාම් 20:30 හා 21:25 යන පද තුළින් ඒ බව මනාව ගම්‍ය වේ.

"මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක."
- ශු. ජොහාන් 20:30 -

"ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි."
- ශු. ජොහාන් 21:25 -

🔰ජේසුස්වහන්සේ කල කී දේ සියල්ලම ශුද්ධවු ලියවිල්ල තුළ සදහන් නොවන බව ශුද්ධවු ලියවිල්ලම සදහන් කරයි නම් මරියතුමිය පිලිබද සියල්ල ශුද්ධවු ලියවිල්ල තුළ සදහන් කර නැති වීම විමතියට කරුණක් නොවේ.
නමුත් ශුද්ධ ලියවිල්ල ලියවී ඇත්තේ කියවන විට ලිවීමක් ලෙස යැයි සිතන අය මෙය විකෘති කරති. නමුත් මුළු ශුද්ධ ලියවිල්ල ලියවුණේ සභා සම්ප්‍රදාය තුළින් බව ඔවුන් නොදනිති. පළමු කොටම ලියවී ඇත්තේ ශු.පාවුළු තුමාගේ ලිපියයි.

💠💠 ස්වර්ගාරෝපණය💠💠

〽️මෙය ශුද්ධ ලියවිල්ලට ආගන්තුක සංකල්පයක් නොවේ. උත්පත්ති 5:24 හි ඒනොක් පිලිබද කථාවත් ,
2 රාජාවලිය 2:11 හි එළියා පිළිබද කථාවත් මේ සදහා ඉදිරිපත් කළ හැකිය. නව ගිවිසුමේ ස්වර්ගාරෝපණය සම්බන්ධව සභාවේ විශ්වාසය ගොඩනැගී ඇත්තේ ගැලවීම හා උත්ථානය පිළිබද ශුද්ධවු ලියවිලි පදනම මතයි. ඒ සම්බන්ධව ශු.ජුවාම් 5:24-29 ,ශු.ජුවාම් 14:18, රෝම 8:9-11 සහ 1 කොරෙන්ති 15:22-23 කොටස ඉදිරිපත් කළ හැක.

❓❓මරියතුමියගේ ස්වර්ගාරෝපණ මංගල්‍යයේ ඉතිහාසය

〽️ක්‍රි.ව පස්වැනි සියවසේ මැද භාගයේ ජෙරුසෙලමේ දේච වාක්‍ය සංග්‍රහයක අගෝස්තු 15 වැනිදා මරිය තුමියගේ දිනය ලෙස සලකා මංගල්‍යයක් සිදු කළ බවට තොරතුරු හමුවී ඇත. වැඩිකල් යන්නට මත්තෙන් මෙය මරියතුමියගේ ( Noimesis , Dormitio) "නිද්‍රාවට සැපත් වීමේ මංගල්‍යය" බවට පත්විය. බිසන්තියානු සම්ප්‍රදාය තුළ ක්‍රි.ව 6,7 වන විට ප්‍රධාන මංගල්‍යයක් සැමරුනු බවට ලිඛිත සාක්ෂි ඇත.
හයවන සියවස වන විට ගලිකානු පිළිවෙත් තුළ ජනවාරි 18 ⁣මරියතුමියගේ මංගල්‍යයක් හමුවෙයි . හත්වැනි සියවස තුල මෙය මරිය තුමියගේ ස්වර්ගාරෝපණය ලෙස සැමරිණි.
හත්වැනි සියවස වනවිට රෝමයේ තිබුණේ ද (අගෝස්තු 15) "Natale Sanctac Mariae" හෙවත් "සාන්ත වූ මරියෝත්තමාවන්ගේ උත්පත්ති මංගල්‍යය" යි. ක්‍රි.ව 813 මයින්ස් (Mainz) හි පැවති සම්මන්ත්‍රණයේදී චාලිමෙන් රජු මරියතුමියගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය ලෙස නම වෙනස් කලහ. ක්‍රි.ව 600 දී මොරිස් අධිරාජ්‍ය විසින් මෙය සැමරිය යුතු මංගල්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පෙරදිග පිළිවෙත් රෝමයට හදුන්වා දෙන්නට පුරෝගාමියෙක් වූ පළමු සර්ජියස් පාප්තුමා මෙය රෝමයේ ආරම්භ කරන ලදී. හතරවන ලියෝ පාප්තුමා විසින් මෙය අනුමත කරන ලදී.

❓❓1950 දී ඡන්දයකින් ස්වර්ගාරෝපණය ස්ථිර කළ බවට බොහෝ මූලධර්මවාදී කණ්ඩායම් විසින් විකෘති කරනු ලබති. එසේනම් 1950 දී සිදු වූයේ කුමක්ද ?

〽️එය කරුණු 4 කින් සමන්විත වේ. එනම් ;
1)ජනවන්දනාව ගැන කරුණු සලකා බැලීම
2) සභා පියවරුන්ගේ සහ දේශනාවාදීන්ගේ ලේඛන හා දේශනා සලකා බැලීම
3) දේවධර්ම ශාස්ත්‍රයේ විශාරද මත
4) ශුද්ධ ලියවිල්ලේ පදනම යන කරුණු ය.

〽️12 වන පියුස් පාප්තුමා මේ කරුණු සියල්ලම ගැඹුරින් සලකා බලා ආරම්භයේ සිටම ස්වර්ගාරෝපණය ගැන තිබුණු විශ්වාසය පිළිගත යුතු සත්‍යයක් සැටියට ප්‍රකාශ කළේය. මෙය වේදයක් ප්‍රකාශ කළා නොව තිබුණු ඉපැරණි වේදයක් අළුතින් ප්‍රකාශ කළා පමණි.

❓❓එය සිදු කළේ කෙසේද ?

〽️වේදයක් සෑදීමට කිසිසේත් නොහැකිය. 1946 මැයි 1 වැනිදා 12 වන පියුස් පාප්වහන්සේ විසින් "ඩෙයි පෙරායි වර්ජිනිස්" ( Dei Perai Virginis) ලොව පුරා සිටින සියළු රදගුරු තුමන්ලාගෙන් මරියතුමියගේ ස්වර්ගාරෝපණය වේද සත්‍යයක් සැටියට ප්‍රකාශ කළ යුතුද නැද්ද යන්න පිළිබද විමසා සිටියේය. එවකට සිටි රදගුරුතුමන්ලා 1191 දෙනාගෙන් 1169 ක් එසේ කරන ලෙස අනුමැතිය දුන්නේය. ඉන් වසර හතරකට පසුව එනම් 1950 නොවැම්බර් 01 වෙනිදා "මියුනිෆිචෙන්ටිස්සිමුස් ඩේඋස් " (Munificentissimus Deus) මෙම ඉපැරණි වේද සත්‍යතාවය ප්‍රකාශ කරන ලදී. එය හදිසියේ සිදු වූවායයි සිතිය නොහැකිය. කැමැත්ත විමසා වසර 4 කට පසුව තීරණය කිරීම තුළ එය දෙවියන්වහන්සේගේම සැලසුමක් බව පැහැදිලි වේ. කාලය ගැන ශුද්ධ ලියවිල්ල තුල සදහන් වේ. (ගලාති 4:4-7) දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේදී මරියතුමියගේ ස්වර්ගාරෝපණය "දෙවියන්වහන්සේගේ වන්දනාගාමි ජනතාවට කිසියම් බලාපොරොත්තුවක් හා සැනසීමක් බවට ප්‍රකාශ කලාය. (ජාතීන්ගේ ආලෝකය 68)
මෙම නිල නිවේදනය ප්‍රකාශ කිරීම සදහා 1950 නොවැම්බර් 01 වැනිදා රෝමයේ පවත්වන ලද නිල පිළිවෙතට ඒ සමයේ දී කොළඹ අගරදගුරුව සිටි තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණෝද සහභාගී විය.

〽️එදින එම අවස්ථාවට සහභාගී වූ සියළුම රදගුරුවරු හා කාදිනල්වරුන්ගේ නම් සාන්ත පීතර බැසිලිකාවේ මහා දොරටුව අසලම ලොකු අකුරින් ලියා ඇත. අගරදගුරු තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ නමද එහි සදහන් වී ඇත. එය ශ්‍රී ලාංකික කතෝලික අපද දැනගත යුතු කරුණකි.

🔻🔺මරියතුමිය ස්වර්ගාරෝපණය වූ ස්ථානයේ ගොඩ නගා ඇති දෙව්මැදුර 🔺🔻

◼️පුරාණ ගිවිසුමේ සඳහන් වන පරිදි දාවිත්ගේ නුවර වශයෙන් හැඳින්වෙන සියොන් කන්ද මත මරියතුමියගේ ස්වර්ගාරෝපණය සිදු වූ බව සඳහන් වේ . වර්තමානයේ එම ස්ථානයේ හගියා මරියා සියොන් දේවස්ථානය හෙවත් ද ඩොමීෂියන් නමින් දෙව්මැදුරක් නිර්මාණය කර ඇත. මෙහිදී දේවමාතාවන් දිගු නින්දකට පත් වූ බවත් එම නින්දේදීම එතුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගය වෙත ඔසවනු ලැබූ බවත් විශ්වාස ⁣කෙරේ. එම දෙව්මැදුරේ දේවමාතාවන්වහන්සේ සයනය කරන ස්වරූපය දැක්වෙන එතුමියගේ ජීවමාන ප්‍රමාණයේ සැතපෙන ප්‍රතිමාවක් දැකගත හැකිය. ඒ නිර්මාණය කර තිබෙන්නේ චෙරි දැවයෙන් හා ඇත්දළවලිනි. ඇත්තෙන් ම එය ඉතාමත් සුවිශේෂී නිර්මාණයකි . මොසායික් හෙවත් වීදුරු ගල් වලින් ගල්වලින් නිර්මිත මෙම දෙව්මැදුරේ පොළොව මත හා ශුද්ධ වූ ත්‍රිත්වය හා අපෝස්තුලුවරු අපෝස්තුලුවරු නිරූපණය කර ඇත . ක්‍රි.ව 383 දී බයිසෙන්තියානුවන් විසින් මුලින්ම ඉදි කරනු ලැබූ මෙම දෙව් විමන ක්‍රි.ව 415 දී ජෙරුසෙලමේ රදගුරු හිමිපාණන් විසින් විශාල කර හගියා සියොන් යනුවෙන් නම් කර ඇත.

ඔබ සැමට ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ යාච්ඤා මැදිහත්කම සපිරුණු සුබ මංගල්‍යයක් වේවා ❤️✝️🙏

ස්තූතියි
ජේසු පිහිටයි ❤

15/08/2024
16/06/2024
15/06/2024
190th Annual Feast St. Anthony of Padua💒🎆💕13th June.Pray for us❤️
15/06/2024

190th Annual Feast St. Anthony of Padua💒🎆💕
13th June.
Pray for us❤️

Address

St. Anthony's Association Kochchikade Colombo 13

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Association of Padua posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share