09/04/2015
2015:03:31 වන දින ජාකොමේ ගොන්සාල්වෙස් තරුණ සමිතිය මගින් පැවැත්වූ චතාරික මහා පශ්චත්තාපික මෙහෙය,එදින අප බලාපොරොත්තු සුන් කරමින් අප වැඩසටහන ආරමභ කිරීමට හෝරාවකට ප්‍රථම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා අපගේ සියලු අභිප්‍රායන් සුන් වෙමින් යන මොහොතක අප තුල වූ ශුද්ධාත්ම ක්‍රියාකාරිත්වයත් කෙසේ හෝ වැඩසටහන පවත්වනවා යන නොසැලෙන අධිෂ්ටානයත් නිසා එළිමහනේ සියල්ල සුදානම් කර තිබුනත්, ඉතා සුළු වෙලාවක් තුල වැඩසටහන පැවැතිවීමට අවශ්‍ය සියලුම දේ දේවස්ථානය තුලට රැගෙන විත් ස්ථාන ගත කෙරු අප සියලු දෙනාට පැන නැගුනු ඊලග අභියෝගය නම්, වැඩසටහන පවත්වන්නේ කා සඳහාද යන්නයි.මක්නිසාදයත් ඒ මොහොත වන විට දේවස්ථානය තුල දස දෙනෙකුට නොවැඩි පිරිසක් පමණක් සිටි නිසාවෙනි.එහෙත් එයින්ද නොසැලුණු අප සාමාජික සාමාජිකාවන් එම සුළු පිරිසට හෝ වැඩසටහන සිදු කිරීමට ස්ථිර අධිෂ්ටානයෙන් පසු විය,කිසිවකුටත් විශ්වාස කල නොහැකි අදහාගත නොහැකි දේ සිදුවුයේ එවිටය ,අප වැඩසටහටන ආරම්භ කිරීමට සැරෙසෙන විට අදික වර්ෂාව නොසලකා දේවස්ථානය වෙත ඇදෙමින් තිබු මහා ජනසමුහය අප දේවස්ථානයේ පියතුමන්ලා පවා පුදුමයට පත් කිරීමට සමත් විය.දේවස්ථානය තුල වූ දස දෙනාගේ පිරිස සිතාගත නොහැකි ලෙස වැඩි විය ,එය අප විසින් අපේක්ෂා කරන ලද ප්‍රමාණයද ඉක්මවා ගියේය,දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුල සියල්ල සාර්ථක විය ,සිතුවාටත් වඩා වැඩසටහන සාර්ථක විය ,චතාරික සාමය තුල මා අත්දුටු පාතිහර්යය එයයි . සටහන : නිමේෂ් රන්දික.