18/02/2026
Ad Multos Annos Vivat !!! 🕊️🤍
පූදැදුරු වරම් ලැබූ අප මීසම් පුතු....
ගරු. සජිත් තිළිණ (නි.ම.නි.) පූජාප්‍රසාදීන් වහන්සේ
බේරුවල මීසමේ සාන්ත ආනා අප දේවස්ථානයට අයත් කේ. රාජා මහතාගේ සහ කේ. පි. අනුලා මහත්මියගේ බාල පුතුනුවන් ලෙස වර්ශ 1991 පෙබරවාරි මස 21 වන දින සජිත් තිළිණ දරුවා උපත ලැබීය.
පසුව බේරුවල රෝමානු කතෝලික කනිටු විදුහලෙන් හා මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය ලබා, කුඩා කල සිටම දෙවිඳුන් කෙරෙහි ඇල්මක් දැක්වූ මොහු වර්ශ 2012 ජනවාරි මස 15 වන දින කොහුවල සාන්ත ජෝසප් නිර්මල මරිය නිකායික කනිටු දෙව්සත්හලට ඇතුළත් වූයේ පූජක පුතෙකු වීමේ අපේක්ෂාවෙනි. එහිදී කිසිඳු පියතුමෙකුගේ හෝ අන් කවරෙකුගේ මෙහෙයවීමකින් තොරව ඔහු විසින්ම පැවිදි ජීවිතය තෝරා ගැනීම විශේෂ කරුණකි.
ඉන් අනතුරුව මන්නාරම නි.ම.නි දෙව්සත්හලින් අධ්‍යාපනය ලබා පසුව බණ්ඩාරවෙල "සිදුපියනිල" ආධුනිකාරාමයේදී තම ප්‍රථම වේද භාර ලබාගනිමින් නිර්මල මරිය නිකායික පැවිදිවරයෙක් ලෙස පත් විය.
පසුව අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළත්ව දර්ශනවාදය පිළිබද උපාධිය ලබා ගත්තේය.
අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලට ඇතුළත්වී දේව ධර්මය පිළිබඳ උපාධිය සහා සභා නීතිය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
2025 අගෝස්තු මස 07 වන දින මට්ටක්කුලිය ද මැසනෝද් ප්‍රාදේශාදිපති නිවසේ දේවස්ථානයේදී අනුරාධපුර රදගුරු තැම්පත් අති උතුම් දේවධර්මාචාර්‍ය නෝබට් අන්ද්‍රාදි (නි.ම.නි.) හිමිපාණන් වහන්සේගේ සුරතින් තේවාචාර්‍ය වරම් ලබා ගත්තේය.
උන්වහන්සේ තේවාචාර්‍ය වරම් ලබාගැනීමෙන් අනතුරුව පූජක පුහුනුවීම් සඳහා මට්ටක්කුලිය සන්ත මරියා මීසම වෙත පත්වීම ලද අතර 2026 ජනවාරි මස 25 වන දින තම පූජක පුහුණුවීම් අවසන් කලේය.
වර්ශ 2026 ක් වූ පෙබරවාරි මස 14 වන දින මරදාන පාතිමා හී අප ස්වාමිදූවගේ දේවස්ථානයේදී හලාවත පදවි රදගුරු තැම්පත් අති උතුම් දේවධර්මාචාර්‍ය දොන් විමල්සිරි ජයසූරිය හිමිපාණන් වහන්සේගේ සුරතින් උතුම් වූ පූජක සක්‍රමේන්තුව ලබා ශුද්ධවූ සභාවේ, නිර්මල මරිය නිකායික නිත්‍ය පූජාප්‍රසාදීන්වහන්සේ නමක් ලෙස ගරු. සජිත් තිළිණ පූජාප්‍රසාදීන් වහන්සේ දේව සේවය සඳහා මුළුමනින්ම කැප විය.
පෙබරවාරි මස 15 වන ඉරුදින ගරු. සජිත් තිළිණ පියතුමාගේ කුළුඳුල් හා තුති පිදීමේ දිව්‍ය යාගය උන්වහන්සේගේ උපන් ග්‍රාමය වන බේරුවල, සාන්ත ආනා දෙව් මැදුරේදී, බේරුවල මීසම් පුත්‍ර, කොළඹ අගරදගුරු තැම්පත් අති උතුම් දේවධර්මාචාර්‍ය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, නිර්මල මරිය නිකායේ කොළඹ ප්‍රාදේශිකයේ ප්‍රාදේශාදිපති අතිගරු. රොෂාන් සිල්වා පූජාප්‍රසාදීන් වහන්සේ, උප ප්‍රාදේශාදිපති පූජාප්‍රසාදීන් වහන්සේ ඇතුළු නිර්මල මරිය නිකායික පූජාප්‍රසාදීන් වහන්සේලා හා සහෝදර තුමන්ලා, මීසම් පූජක පුතුන්, කලුතර දිසා පූජාප්‍රසාදීන් වහන්සේලා, පැවිදි සොහොයුරියන්, පැවිදි සොහොයුරන්, අම්පිටිය ජාතික දෙව්සත්හලේ ගරු නවක පූජාප්‍රසාදීන් වහන්සේගේ සමකාලීන පූජක මිතුරන්, මීසම්වාසීන් හා පවුලේ සැමගේ සහභාගිත්වයෙන් ගරු ගාම්භීරව දෙවිඳුන්ට පුද දුන්හ.
කටුවපිටිය ද මැසනෝද් ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයේ භාණ්ඩාගාරික පියතුමා ලෙස පත්වීම ලද ගරු. සජිත් තිළිණ (නි.ම.නි.) පූජාප්‍රසාදීන් වහන්සේ පෙබරවාරි මස 23 වන දින සිට උන්වහන්සේගේ නව තනතුරේ රාජකාරී ඇරඹීමට නියමිතය.
ගරු. සජිත් තිළිණ පූජප්‍රසාදීන් වහන්සේගේ දේව කැඳවීම වෙනුවෙන් හා එතුමන් වෙනුවෙන් නිතර දෙවිදුන් යැදි සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් ඔවුන් වෙනුවෙන් දෙවිදුන් යදින බවත් දන්වා සිටින අතර මෙදින වැඩකටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය දැක්වූ ගරු. මීසම් සේවක ජූඩ් සුරේශ් පියතුමා ඇතුළු මීසම්වාසී සියලු දෙනාට නවක පියතුමා ඇතුළු පවුලේ සැම ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ දන්වා සිටි.
අදින් ඇරඹි මේ දේව සේවය හා පූජකවරයේ වගකීම් දෙවිඳුන්ට ප්‍රසන්නව කරගෙනයාම සඳහා ඉදිරියටත් ඔබගේ නිරන්තර යාච්ඤා ගරු. පියතුමා වෙනුවෙන් ඔප්පුකරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටින බව දන්වනු කැමැත්තෙමමි.
දෙවිඳුගේ සන්නාහයෙන් සන්නද්ධව නපුරාගේ ගිණිමය ඊතල මැඩලීම සඳහා ඔබගේ ආලේපිත දෑත් දේව සේවය සදහා යෙදවීමටත් දෙවි සමිඳුන්ගේ මිදි උයනේ කැපවී සේවය කරන්නටත් එතුමන්ගේ බැටලු රැළ නිසි මං ගැන්වීමටත් අවැසි දිරිය සවිය සුදතුම් බලය ශු. ආනා මෑණියන්ගේ, නිර්මල කන්‍ය මරියාවන්ගේ හා ශු. එව්ජින් ද මැසනෝද් මුනිඳුන්ගේ මැදිහත්කම තුළ දෙවිසමිඳුන්ගෙන් ලැබේවායි ගරු. මීසම් සේවක පියතුමා ඇතුළු මීසම් සංඝය වෙනුවෙන් ගරු පියතුමෙනි ඔබවහන්සේට අපි මෙලෙස සුභාෂිංසන එක් කරන්නෙමු.
🤍✨💐
Dear Rev. Fr. Sajith Thilina OMI, We Congratulate you on your new life in the name of the Lord.
"May God’s grace fill your heart, His wisdom guide your words, and His love shine through your service. As you shepherd His people, may you always find strength in prayer, joy in ministry, and peace in His presence."
May God bless you abundantly.
🤍💐✝️
The Church of Our Lady of Holy Rosary - Aluthgama
St. Lazarus Church - Bandarawatta, Beruwala
St Anne's Youth Society Beruwala
Oblate Scholasticate Kandy
Oblate Province of Colombo
Sajith Thilina