Dope Siri Sumanaramaya Bentota

Dope Siri Sumanaramaya Bentota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dope Siri Sumanaramaya Bentota, Buddhist Temple, Bentota.

14/04/2026
09/12/2025

🔹පත්ත නික්කුජ්ජන කර්මය

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි.

එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය.

🔸ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය.
ඒ මෙසේ ය.

“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”

එහි තේරුම මෙසේ ය:

🔸මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.

1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
4. භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
6. බුදුන්ගේ අගුණ කියා ද,
7. ධර්මයේ අගුණ කියා ද,
8. සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

👉 පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි.
බෞද්ධයාගේ අත්පොත

"ජීවිතයට සවියක්" සහන යාත්‍රා දෙවන අදියර හලාවත ප්‍රදේශයේ ගං වතුර උවදුරින් අවතැන් වූ අපේම ආදරණීය ජනතාව වෙනුවෙන් හැකි අයුරි...
09/12/2025

"ජීවිතයට සවියක්" සහන යාත්‍රා දෙවන අදියර හලාවත ප්‍රදේශයේ ගං වතුර උවදුරින් අවතැන් වූ අපේම ආදරණීය ජනතාව වෙනුවෙන් හැකි අයුරින් පිහිට වීමට අපහට හැකි විය. අප කල්‍යාණ මිත්‍ර බැරගම නාගිත හිමියන්ගේ සම්බන්ධීකරණය මත මෙම සත් ක්‍රියාව සාර්ථක ලෙස නිම කිරීමට හැකියාව ලබුණි.

මේ වෙනුවෙන් උදව් උපකාර කළ හා දිවා රෑ නොබලා ක්‍රියා කළ සියළුම දෙනා හට අනේක වාරයක් පින් සිදු වේවා..

තෙරුවන් සරණයි 🙏😘

ගංවතුර හා නාය යෑම්වලින් අනතුරට පත්ව අසරණව සිටින අපේම ජනතාව වෙනුවෙන් දින එක හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුල අවශ්‍ය කරන වි...
01/12/2025

ගංවතුර හා නාය යෑම්වලින් අනතුරට පත්ව අසරණව සිටින අපේම ජනතාව වෙනුවෙන් දින එක හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුල අවශ්‍ය කරන වියළි ආහාර ද්‍රව්‍යයන් හා ඇඳුම් ඇතුළු බොහෝ ආධාර ප්‍රමාණයක් මේ වන විට අප විහාරස්ථානයට ලැබී ඇත.

විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සුළු හෝ දෙයක් ගෙනැවිත් භාර දුන් ඔබ සියලු දෙනාටම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කර සිටින අතර ඒ උතුම් පින් බලයෙන් ඔබ හැමදෙනාටම නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

මෙම ද්‍රව්‍යයන් ද ඇතුළුව තවත් බොහෝ ද්‍රව්‍යයන් සමගින් ලොරි රථ 4ක් පමණ අද රාත්‍රියේ *බෙන්තොට සහන යාත්‍රා* හසලක බලා පිටත් වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

තෙරුවන් සරණයි...🙏

Our temple has received a large amount of aid, including dry food and clothing, for our own people who have been affected by floods and landslides and are helpless in a very short period of one and a half days.

I have repeatedly thanked all of you who have brought and handed over even a small thing for the people in distress, and I pray that you all will be blessed with good health and wealth by the power of that noble merit.

All arrangements are being made to leave for Hasalaka tonight with about 4 lorries carrying these materials and many other materials.

May the blessings of the three...🙏

29/11/2025

ඔබට ලබාදිය හැකි යම් වියළි ආහාර ද්‍රව්‍යයක් තිබේනම් අද හෙට සහා අනිද්දා දහවල් 12 ට පෙර අප විහාරස්ථානයට ගෙනැවිත් බාර දෙන්න.

Address

Bentota
80500

Telephone

+94773223239

Website

Alerts

Be the first to know and let us send you an email when Dope Siri Sumanaramaya Bentota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Dope Siri Sumanaramaya Bentota:

Share