29/07/2026
උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් කෙරෙන ශාසනික පණිවිඩය
ශාසන ඉතිහාසයේ අතිශය සුවිශේෂී මෙන්ම පූජනීය සිදුවීම් රැසකට හිමිකම් කියන උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ මව් කුස පිළිසිඳ ගැනීම, ගිහිගෙයින් නික්මී අභිනිෂ්ක්‍රමණය කිරීම, පස්වග තවුසන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" දේශනා කිරීම සහ තීර්ථකයන්ගේ මානය බිඳ හෙලනු පිණිස යමා මහ පෙළහර පෑම ඇතුළු ශාසනික සංදේශ රැසක් සනිටුහන් වන්නේ මෙම උතුම් ඇසළ පෝය දිනයේදීය.
එසේම ශ්‍රී ලංකාද්වීපය තුළ ප්‍රථම ඛණ්ඩසීමාව සම්මත කිරීම සහ මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ ආරම්භය සිදු වූයේද මෙදිනමය.
මෙම අභිමානවත් මෙන්ම පින්බර දිනයේදී, බුදුදහමේ අදිටනින් අනුගමනය කරමින් මෙලොව මෙන්ම පරලොව සුභසිද්ධිය උදෙසා ධර්මානුකූලව දිවි ගෙවීමටත්, සිත් සතන් තුළ කරුණාව, මෛත්‍රිය සහ ශාන්තිය වර්ධනය කරගැනීමටත් අප සැම අදිටන් කරගනිමු.
ඔබ සැමට උතුම් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ශාන්තිය හා පින්සිරි පිරි දිනයක් වේවා!
— මාධ්‍ය ඒකකය, බණ්ඩාරවෙල දෝව රජමහා විහාරය —