29/05/2026
🔴🫵උඹ කවදා හරි සල්ලි හොයන දවsaka... මතක තියාගනින් මේ සෙල්ලම් දහය! 🤫🔥
ලංකාවේ ගොඩක් උන්ට එකපාර සල්ලි ලැබුණාම වෙන්නේ "හිඟන්නාට පාන් ලැබුණා වගේ" නටන්න ගන්න එක. අන්තිමට සල්ලිත් ඉවරයි, හිටපු තැනටත් වඩා පල්ලෙහාට වැටෙනවා. උඹටත් කවදා හරි හීනෙකින්වත් හිතපු නැති ගාණක් අතට ආවොත්, සල්ලි ටික බේරගෙන සැබෑ "වැඩ්ඩෙක්" වෙන්න නම් මේ දහය මොළයට ගහපන්! 🧠👇
1. මුලින්ම කට වහපන්! (අම්මාටවත් කියන්න එපා) 🤫
සල්ලි ලැබුණා කියලා මුළු ගමටම Facebook Live ඇවිත් කියන්න ඕන නෑ. අම්මාට-තාත්තාට වුණත් කියන්න එපා. මොකද උඹේ සල්ලි දැක්කම උන් උඹට වඩා බය වෙනවා, නැත්නම් නෑදෑයෝ ටික වටකරගෙන බෙදන්න හදනවා. සල්ලි කියන්නේ නිහඬව භුක්ති විඳින්න ඕන බලයක්!
🌟මේකෙන් අදහස් කරන්නේ අම්මා තාත්තාව අමතක කරපන් කියන එක නෙවෙයි යකෝ. උන්ට රජවරුන්ට වගේ සලකපන්, උපරිමයෙන් බලපන්. හැබැයි උඹ ළඟ තියෙන "ඇත්තම ගාණ" උන්ටවත් කියන්න එපා!
මොකද, එකක් ඒ මිනිස්සු ඒ වගේ ලොකු සල්ලි කන්දක් දැක්කම අනවශ්‍ය විදිහට බය වෙනවා. අනික, උන්ගේ හිත හොඳකමටයි ආඩම්බරේටයි ගිහින් නෑදෑයෙක්ට හරි කිව්වොත්... වටේම ඉන්න පරපෝෂිතයෝ ටික උඹේ සල්ලි ටික හූරන් කන්න වටවෙනවා නියතයි. අම්මා තාත්තාට සැප දීපන්, හැබැයි බැංකු පොතේ බැලන්ස් එක රහසක් විදිහට තියාගනින්. ක්‍රියාවෙන් සලකපන්, කටින් නෙවෙයි! 🧠
2. අර ණය ටික බේරපන් යකෝ! 💸❌
බැංකුවට, මයික්‍රෝ ෆයිනෑන්ස් එකට, online ලෝන් ඇප්ස් වලට විතරක් නෙවෙයි... "හෙට දෙන්නම්" කියලා යාලුවාගෙන් ඉල්ලගත්ත රුපියල් පන්සීය පවා සතයටම බේරපන්. ණයකාරයෙක් වෙලා සුපිරි කාර් පැද්දට වැඩක් නෑ, හිතේ නිදහසයි වටින්නේ.
3. සල්ලි ටික එකවුන්ට් එකේ ගන්න බැරි වෙන්නම තියපන් 🏦🧘♂️
සල්ලි වැටුණු ගමන් "ඇඟ කසන්න" ගන්නවා මොනවා හරි කරන්න. එපා! මාස තුන හතරක් ඒක එකවුන්ට් එකේම තියෙන්න ඇරපන්. උඹේ මොළය ඒ සල්ලි කන්දරාවට හුරුවෙනකන් කිසිම තීරණයක් ගන්න එපා. කලබලකාරයා හැමදාම පරදියි.
4. එකපාරටම "ලොකු මිනිහෙක්" වෙන්න යන්න එපා 🏠❌
සල්ලි ආපු ගමන් පැල්පතෙන් මාලිගාවට පනින්න ලෑස්ති වෙන්න එපා. ඉන්න තැනම හිටපන්. එකපාරටම කොළඹින්, හයිලෙවල් ප්ලේස් එකකින් ගෙවල් කුලියට ගන්න ගියොත් සල්ලි ටික ඉවරවෙද්දි උඹ ආයෙත් පාරට වැටෙන්නේ ඊට වඩා වේගෙන්.
5. හෙටම ජොබ් එකෙන් අස්වෙන්න එපා! 💼🛑
"මගේ ගාව සල්ලි තියෙනවා, මක්කටද බොස්ගේ බැනුම් අහන්නේ" කියලා හෙටම resignation letter එක මූණට දාලා එන්න එපා. ජොබ් එකක් කියන්නේ උඹව දවස පුරා එක තැනක රඳවාගන්න, උඹේ හික්මීම (discipline) තියාගන්න පට්ටම ටූල් එකක්. සල්ලි ආපු ගමන් නිකම් හිටියොත් උඹ වෙන විනාශෙකට හරි ඇබ්බැහි වෙනවා සුවර්! හොද ආයෝජනය ක් කරල අයින් වෙනවන වෙයེ.
6. වාහන කටු, බ්‍රෑන්ඩඩ් රෙදි පස්සේ දුවන්න එපා 🚗💎
සල්ලි ආපු ගමන් රත්තරන් මාල දාලා, V8, මේ වසරේ අලුත්ම කාර් එක බස්සන්න හදන්න එපා. උඹ දාන ශර්ට් එකේ බ්‍රෑන්ඩ් එකෙන් නෙවෙයි උඹේ වටිනාකම තීරණය වෙන්නේ. ශෝ ඕෆ් (show off) කරන්න ගියොත්, ඒ සල්ලි ආපහු යන්නෙත් ඒ වගේම වේගෙන්.
7. යාලුවෝ, නෑදෑයෝ එක්ක බිස්නස් කරන්න එපා! 🤝❌
"මචං මගේ ගාව අදහසක් තියෙනවා, උඹ සල්ලි දාපන්" කියලා එන බස්සන්ගේ ලණුවලට අහුවෙන්න එපා. නෑදෑයෝ, ක්ලාස්මේට්ලා එක්ක බිස්නස් කරන්න ගියොත් සල්ලියි, යාළුකමයි දෙකම නැතිවෙලා අන්තිමට උසාවි ගානේ ලගින්න වෙන්නේ.
8. ළමයින්ට උඹේ "සල්ලි සෙල්ලම්" පෙන්වන්න එපා 🧑🍼🤫
උඹට ළමයි ඉන්නවා නම්, උන්ට හිතෙන්න ඇරපන් උඹ තාමත් සාමාන්‍ය මනුස්සයෙක් කියලා. නැත්නම් උන් හැදෙන්නේ මහන්සි නොවී හැමදේම ගන්න පුළුවන් සල්ලාලයෝ වගේ. උන්ට සල්ලි නෙවෙයි, සල්ලි හොයන ක්‍රමය උගන්වපන්.
9. "Status Quo" එක තියාගන්න 🚶♂️✨
ඊයේ කාපු පරිප්පුයි බතුයි අදත් කාපන්. ඊයේ ඇඳපු සාමාන්‍ය ඇඳුම අදත් ඇඳපන්. උඹේ වෙනස්වීම තියෙන්න ඕන උඹේ බැංකු පොතේ සහ පෞරුෂය ඇතුළේ විතරයි, පිටත පෙනුමේ නෙවෙයි. සිරාම සල්ලිකාරයෝ ඉන්නේ සරලව.
10. කට පරිස්සම් කරගනින් 🤐🚨
ලංකාවේ මිනිස්සුන්ට අනෙකා දියුණු වෙනවා බලන් ඉන්න බෑ. උඹ ළඟ සල්ලි තියෙනවා කියලා දැනගත්ත ගමන් එක්කෝ හූරන් කන්න බලයි, නැත්නම් වල කපන්න බලයි. ඒ නිසා උඹේ "සැබෑ තත්ත්වය" උඹ විතරක් දැනගෙන හිටපන්.
💡 අවසාන කතාව:
එකපාර සල්ලි කන්දක් ලැබිලත්, අවුරුද්දක් යද්දි ආයෙත් හිඟන්නෝ වුණු උන් ඕන තරම් ලංකාවේ ඉන්නවා. හේතුව? උන් සල්ලි කළමනාකරණය කරන්න කලින්, තමන්ගේ "ආසාවල්" කළමනාකරණය කරන්න දන්නේ නැති එක.
🫡මොළයෙන් ගේම ගහපන්. සල්ලි ආ දවසට සද්ද නොකර රජෙක් වගේ ජීවත් වෙයන්! 👑🔥
#සුචරිත