සදහම් පදනම Sri Sadhaham Padanama

සදහම් පදනම Sri Sadhaham Padanama A social media page with Ven. Galigamuwe Gnanadeepa Thero's Sadaham programs, Dhamma sermons, social care

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.

කුඩා කල පටන්ම ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින්, දහම් පොත්පත් කියවමින් දහම් දැනුම එක් රැස්කල කෑගල්ල ප්‍රදේශයේ උපන් මේ දරුවා තරුණ

වයසට පැමිණෙත්ම තමන් කැලණිය විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි කලමණාකරන උපාධිය පවා අතහැර සසුන් ගතවිය.

ගොඩකවෙල මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානයේදී පැවදි වීමෙන් පසු ආරණ්‍යගතව කලක් ධර්මය ප්‍රගුණකොට ගැබුරු ධර්ම කාරනා සරල ලෙස විස්තර කරමින් ධර්ම දේශනා කිරීමටත්, භාවනාමය වැඩසටහන් රට පුරා නොයෙක් නගරවල සිදුකරමින් නිවන් මග කියාදීමටත්, දහම් පොත්පත් රැසක්ම රචනා කිරිමටත්, බොහෝදෙනාගේ හිත සුව පිනිස නොයෙකුත් ආගමික වැඩසටහන් සංවිධානය කරමින් බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ලොව පුරා ප්‍රචාරය කිරිමට කැප විය.

අද වන විට ගලිගමුවේ ඤාණදීප හිමියන් කියු පමණින් ලොව පුරා වෙසෙන සැදැහැවත් බෞද්ධයන්නට රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍ය තුලින්, ලොව පුරා බෙදාහැරෙන දහම් පොත්පත් හා ලිපි ලේඛන තුලින්, අන්නර්ජාලයේ ධර්ම දේශානා තුලින් ලෝකයේ රටවල් ගණනාවක සිදු කොට ඇති ධර්ම ප්‍රචාරක කටයුතු තුලින් සැදැහැවතුන් අතර දහම්මග නිවරදිව කියාදෙන කල්‍යාණ මිත්‍රයෙකු ලෙස ඉමහත් ගෞරවයක් ලබා ඇත.

ධර්ම ග්‍රන්ථ හතලිහකට ආසන්න ගනනක් රචනා කොට ඇති උන්වහන්සේගේ ඇතැම් පොත්පත් නොයෙක් භාෂා වලින් පවා පරිවර්ථනය කොට ලොව පුරා බෙදා හැර ඇත.

බුදුරාජාණන් වහන්සේ වැඩමකල සොලොස්මස්ථාන මුල්කොට ගෙන මහා සදවන්දනා නමින් උන්වහන්සේ ලක්දිව සිදුකරන මහා පිංකම්, ඒ ආශිතව සිදුකරන තුන්යම් රාත්‍රි ධර්ම දේශානා, සර්වඥ ධාතූන් වහන්සේලා පිලිබද ඉතිහාස තොරතුරු ඇසුරෙන් සිදුකරන දේශනාවක් නිසා අද ලක්ෂ ගණනින් සැදැහැවතුන් උන්වහන්සේගේ පිංකම් වටා එක් රොක් වී ඇත.

පිරිසිදු නිර්මල ථෙරවාදි බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් ඉමහත් වෑයමක් දරමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන අතරම අසරණ මිනිසුන් වෙනුවෙන් ද නිවාස ඉදිකරදීම, ආබාධිත මිනිසුන්නට රෝද පුටු අත්වාරු ආදි උපකරන බෙදාදීම, ඉතා දිලිදු ගම්මාන තෝරාගෙන වියලි ආහාර මළු, රෙදිපිලි, පාසල් දරුවන් හට පාසල් උපකරණ බෙදා දෙමින් ශ්‍රී ඤාණදීප සදහම් පදනම යටතේ රට පුරා සමාජ සේවා කටයුතු රැසක්ද සිදුකරනු ලබයි.

ආරණ්‍යගත ගත භික්ෂුන් වහන්සේලා උදෙසා ආවාස සාදා පුජා කිරීම, වෙහෙර විහාරස්ථාන වලට බුද්ධ ප්‍රථිමා, විහාර මන්දිර, බෝධි ප්‍රාකාර, වතුර පහසුකම්, කුටි සෙනසුන් ඉදිකරදිම ද උන්වහන්සේගේ මුලිකත්වයෙන් සිදුකරගෙන යනු ලබයි.

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්ම දේශනා, දහම් පොත්, දහම් ලිපි, ධර්ම සාකච්ඡා සිය ගනනක් ඇතුලත් කොට ඇති මේ වෙබ් අඩවිය පරිශිලනය කිරීම තුලින් ධර්ම රසය විදගනිමින් ආධ්‍යාත්මික දියුණුව කරා යන මගක්, පින් දහම් රැස් කරගැනීමට මගක් විවර වනු ඇත.

Address

294/7 Thisara Mawatha
Athurugiriya

Alerts

Be the first to know and let us send you an email when සදහම් පදනම Sri Sadhaham Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සදහම් පදනම Sri Sadhaham Padanama:

Share