ස්වර්ණමාලි මහා සෑ රඳුන් :: Swarnamali Maha Sa Radun

ස්වර්ණමාලි මහා සෑ රඳුන් :: Swarnamali Maha Sa Radun Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ස්වර්ණමාලි මහා සෑ රඳුන් :: Swarnamali Maha Sa Radun, Ruwanweli Maha Seya, Anuradhapura.

20/12/2025

#2026

තුන්ලොවට එකම සරණ  ❤️🙏
14/12/2025

තුන්ලොවට එකම සරණ ❤️🙏

🙏❤️🙏   💐
14/12/2025

🙏❤️🙏 💐

14/12/2025

02/11/2025

මනරම් ස්වර්ණමාලි මහා සෑයේ ඇතුලත තොරතුරු 🙏🌼☸️ ❤️🙏

🌼..බුද්ධ වන්දනාවේ අනුසස්..🌼බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් ව...
30/05/2025

🌼..බුද්ධ වන්දනාවේ අනුසස්..🌼

බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් වහන්‍සේ සමඟ වෙල් යායක් හරහා වැඩම කරමින් සිටියා. එක්තරා බ්‍රහ්මණයෙක් තමන් කුඹුරේ වැඩ අරඹන්න පෙර එක්තරා ස්ථානයකට වැඳ නමස්කාර කර කුඹුරු වැඩට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ, මෙහි ඔබ වැඳ නමස්කාර කරන්නේ කුමටද යනුවෙන් විමසුවා .

එවිට බමුණා පැවසුවේ ස්වාමීනි, අපේ පිය පෙළපතේ සැ‍වොම ‍‍මෙම ස්ථානයට වැඳ නමස්කාර කර කුඹුරු වැඩ ඇරැඹූ බැවින්, මා ද මෙලෙස කුඹුරු වැඩ අරඹන බව පැවසුවා. ‍බොහොම ‍‍හොඳයි බමුණ. ඔබ ඉතාම සුදුසු තැනකට යි වන්දනා ක‍ෙළ් යනුවෙන් බුදුන් වහන්සේ වදාළා.

මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්‍‍සේ පරිනිර්වාණයට පත් වුණාම ඒ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑ රඳුන් වහන්සේ තිබුණේ මෙතැනයි යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ පහදා දී, බුද්ධ ආනුභාවයෙන් සෑය මතු කර පෙන්නුවා. බමුණා ඇතුළු පිරිසට බුද්ධ වන්දනා‍වේ අනුහස් පැහැදිලි කළ විට සෝවාන් මාර්ග ඥාචයෙන් විශාල පිරිසක් නිවනට පත් වුණා. ඒ නිසා බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සාමාන්යය දෙයක් වශ‍යෙන් සලකන්න එපා. ඇතැමෙකු මෙවැනි විශාල පූජාවන් කුමටද කියා සිතනවා. එලෙස නිකම්වත් සිතන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් පූජා සත්කාර කළ ‍උත්තමයෙක් ලොවේ‍ කොහේවත් නැහැ. බුද්ධ පූජාවට ‍කෙතරම් ‍දෙයක් පූජා කළත් ඒ ගැන සිතා සතුටු වන්න. එය විශාල පිනක්. රුවන්මැලි මහා සෑයට කෙතරම් පළඳනාවන් පළඳවනවාද? කෙතරම් පූජාවන් කරනවාද? ඒ ගැන සිතා සතුටු වන්න. ඒ නිසා බුද්ධ වන්දනාව ‍‍‍ගෞරවයෙන් කරන්න. හැකිතාක් පූජා සත්කාරයන් සිදු කරන්න. මේවා අනුන්ට නෙමෙයි තමන්ට යි. සංසාර ගමන දුකෙන් සිටින්නේ නැතිව සැපවත් ජීවිත පෙළක් ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්නට, අපායෙන් නිදහස් වෙන්නට පුළුවන්.
අනන්ත බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ තුනුරුවන්ට ගෞරවය පුද කළා. බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා වශයෙන් ධම්ම රත්නයට ගෞරවය පුද කළා. සිතේ රදැඬඳීබං නැගෙන තරමට ම පූජාව මහත්ඵල මහානිසංස වෙයි. මල්, පහන්, ගිලන් පස, දාන මාන පූජා කර ලක්ෂ ගණන් මනු ලොව, ‍දෙව් ලොව, බඹ ලොව සිටි චරිත තිබෙනවා. බුදු කෙනෙකුට දෑත් එකතු කර වන්දනා කළත් එය විශාල පිනක්. අනඳ හාමුදුරුවෝ දවසක් දෑත එකතු කර වැඳගෙනම කථා කළා.

ඒ ආනිසංසය මෙලෙස පහදා දුන්නා.

ආනන්දය, ඔබට වන්දනාමය පිනෙන් සක්විති රජකම් සතක් ද ශක්‍ර භවනේ හත් වරක් ද, රදැදේශ රජකම් ද සීමාවක් නැහැ. නමුත් ආනන්දය ඔබ එතරම් සම්පත් ‍අ‍ත් නොවිඳ ‍මේ ජීවිත‍යේ ම රහත් ව නිවනට පත් වන බව වදාළා. බලන්න දෑත එකතු කර වන්දනා කිරීමේ කුසල බලය කෙතරම් ද කියා. ඒ නිසා දෑත් එකතු කර තමන්ගේ නිව‍සේ තුනුරුවන් වන්දනාව ශ්‍රද්ධාවෙන් කර ගන්න. එය නිවසටත්, තමන්ටත්‍, දකින්නන්ටත්, පළාතටත් හොඳයි. මෙ‍ලොව පරලොව දෙලොවටත්, සංසා‍රෙටම හොඳයි. නිවන් සුව අව‍බෝධ කරගන්න පුළුවන්. ‍

මේවා තුනුරුවන් වන්දනාවෙන් ලැබෙන පිනක් බව වටහා ගෙන කටයුතු කරන්න. රදැඥා පාරමිතාව හොඳින් පිරෙයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, සිහි වෙනකොට අනුස්සති භාවනාවක් වශයෙන් වැඩෙනවා. බුද්ධ වන්දනාවෙන් අකුසල කර්ම පවා යටකරන්න පුළුවන්. පංචානන්තරීය පව් හැර අන් සියලූ‍ පව් යට කරන්න පුළුවන්. ‍‍මේ ගැන සිතා කල්පනා කර කවුරු වුණත්, බුද්ධ පූජාවට, වන්දනාවට ගෞරවය පුද කළ යුතු යි. එවිට කාටවත් වරදින්නේ නැහැ.

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාට රදැකාශ කර තිබෙන්නේ පින කෙතරම් සැප විපාක දුන්නාද යනුවෙන්. අවසාචයේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විතව පටිසම්භිදා ප්‍රාප්තව රහත්වී තිබෙනවා. එතරම්ම බුද්ධ පූජා වන්දනාව වටිනවා.

මහා ප්‍රජාපතී ගෝතමිය ද , පියුමතුරා බුදුරජාණන් වහන්සේ වගේ ශාසන කාල‍යේ නිතර පන්සලට යන සැදැහැවතියක්. බුද්ධ වන්දනාව, බණ ඇසීම, භාවනාව, දන් දීම, කරනවා. ‍මෙලෙස තුනුරුවන්ට වන්දනා කිරීමේ පින ඇයට කල්ප ලක්ෂයක් සැප විපාක දුන්නා. නරකාදී සතර අපා දු‍කෙන්, දුගී දුප්පත් භාව‍යෙන් අත් මිඳුණා. දෙව්ලොව, බඹ ලොව, රජගෙදර උපත ලැබුවා. රාජ ම‍හේෂිකාවක් වුණා. ‍‍මෙ‍ලෙස සියලූ‍ සත්කාර ලැබීමට වන්දනා කිරීමේ පින, හේතු වූ බව ඒ උත්තමාවිය වදාළා. සතර අපායක් පැත්තකටවත් ‍නොගොස් එතරම් මනරම් ජීවිත පෙළක් ලබන්නට, මහත් ආනුභාව බලයක් ලැබුණේ තුනුරුවන්ගේ ආනිසංස නිස යි. ‍ ‍‍මේ ගැන සිතා කවුරුත් චිත්ත ප්‍රසාදයෙන් නුවණ පහළ කර‍ගෙන නිවන් සුව පතා බුද්ධ පූජා වන්දනාව කර ගන්න.

ඡුත්ත මානවක උපාසක තුමාට විශාල විපතක් වන බව බුදුරජාණන් වහන්සේ දැක මඟ වැඩම කර ගාථා තුනක් වදාළා. .යො වදතං පවරො මනු ජෙසු. යනු‍වෙන් මේ ළමයා වීණාවත් වාදනය කරමින් ‍‍ම ගාථා තුන ගායනා කළා.

මේ දරුවා ගුරු පඬුරු රැගෙන යන බව ‍සොර සතුරන් දැන ඔහුව දුන්නෙන් විද මරා මුදල් පැහැර ගත්තා. ‍මේ දරුවා මිය ගොස් සුගතියේ උපත ලැබුවා. තුනුරුවන් සරණ ගිය, තුනුරුවන්ගේ ගුණ ගායනා කළ දරු‍වෙක්, මහා දිව්‍ය රාජයෙක්ව උපත ලැබුවා.

බුදුරජාණන් වහන්සේ ද ඒ මළ කඳ ළඟට වැඩම කර ග‍මේ ජනතාව, ඥාතීන්, දිසාපා‍මොක් ආචාර්යවරයාගේ සිසුන් සියල්ල ද ‍‍මෙතැනට එක් රැස් වුණා. මෘත සිරුර අයත් දෙව් ලොව උපන් දිව්‍ය පුත්‍රයා බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගායනා කිරීමේ පිනෙන් දිව්‍ය රාජයෙක් වුණා යැව් තුනුරුවන් වන්දනා පූජාවේ විපාක වාරය පහදා දුන්නා. මේවා හොඳින් කවුරුත් කල්පනාවෙන්‍ ලොවුතුරු බුදු දහම කෙරෙහි පැහැදීමෙන් ‍ගෞරව සම්ප්‍රයුක්තව ම වැඩි වැඩි‍යෙන් පින් දහම් කළොත් වරදින්නේ නැතිව සුගතියක වාසය කළ හැකියි.

විශේෂයෙන් අපායෙන් නිදහස් විය හැකි යි. එතරම් වාසනාවක් ලොවේ තවත් නැහැ. එ‍සේනම් පිනට දහමට අනුව කටයුතු කර තම චිත්ත සන්තානයේ පවතින සති, ධම්මවිඡුය, විරිය,පීති, පස්සද්ධි, සමාධි, උ‍පේක්ෂා යන ‍බොජ්ඣංග ධම්ම හත හැකිතාක් දියුණුවෙන් තම බෝධි පාක්ෂික ධර්මද දියුණු‍වෙන් සිත ගත නිවා සනසාගෙන මේ ගමන ඉදිරියට යන්න. අඩුපාඩු ‍දෙස ‍නොබලා ඒවා ඉවසා දරාගෙන ඳxබŠදඳී දී ගුණ දියුණුවෙන් ආපස්සට ‍‍නොගොස් ඉදිරියටම යන්න.

ඒ නිසා ලොවුතුරා බුදු දහමේ සඳහන් කරන ජය සංකේතය වන නිවන් සුව දක්වා යාමට උතුම් ගමන් මග බුදුන් වහන්සේ අපට පහදා දුන්නා. ඒවා ‍ හොඳින් කල්පනා‍වෙන් පිනට දහමට ගුණයට නැඹුරුව ශීලාදී ගුණ දියුණු‍වෙන් සම්මා සම්බුද්ධ ශාසනය ද රැකගෙන ඉදිරියට ගි‍යොත් තම ජීවිතයේ මෙ‍ලොව මෙන්ම පරලොව ද බැබළී නිර්වාණ ධර්මය අවබෝධ කරගත හැකි යි.

ක්ෂණ සම්පත්තියක් සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා ඇති මෙම බුද්ධෝත්පාද කාළය තුළ කුසල් දහම්හි නිරත වී සසරින් එතෙරව ලබන සදාකාලික නිවන් සුවය ලබා ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා

04/12/2024

උතුම් මහා සෑයට කල අසිරිමත් සම්බුද්ධ පූජාවක්..🙏❤️🪷

©Paramee suwaya fb pege.

🙏🌼

අසාමාන්‍ය පින් ඇති මහානුභාව සම්පන්න තුසිත දෙව්ලොවවාසි විහාරමහා දේවතාවිය....එදවස තිස්සමහාරාම මහා සෑය අභිසදි මහරහතන්වහන්සේ...
13/09/2024

අසාමාන්‍ය පින් ඇති මහානුභාව සම්පන්න තුසිත දෙව්ලොවවාසි විහාරමහා දේවතාවිය....

එදවස තිස්සමහාරාම මහා සෑය අභිසදි මහරහතන්වහන්සේලාගෙන් ආශිර්වාදය ලබාගෙන මහවැළි ගගෙන් එතෙරවත්ම පිවිසෙන්නේ මහියංගනය මියුගුණ මහා සෑය අසලට. එහිදි විහාරමහාදේවිය දකිනවා මහියංගන මියුගුණ මහා සැය ගරාවැටි තියෙන ආකාරය.වහාම ඇය ගැමුණු කුමරාව කැදවලා මේ ගැන කතිකා කරනවා.ඔවුන් දැන් සේනාවත් එක්ක පිටත්වෙන්නේ එළාරව පරද්දන්න.ඒත් මේ මොහොතේ මවුරැජින පුත් කුමාරයාව මෙහෙයවන්නේ සියල්ලටම කලින් ගරාවැටී තියෙන මේ මියුගුණ මහා සැය පිළිසකර කරන්න.

සම්මා සම්බුද්ධ සාසනයට ජීවිත පරිත්‍යාගයෙන් ආදරය කල මේ මවුබිසවයි පුත් කුමාරයයි දස මහා යෝධයන් සහිත අතිප්‍රබල සේනාව සමගින් එක්වෙලා ගරාවැටී තිබුනු මහියංගන මියුගුණ සෑය පිළිසකර කරනවා.ඒට පස්සේ තමයි එළාර ආක්‍රමණිකයා පළවා හරින්න ඉදිරියට යන්නේ.එතනින් පටන් ගන්න විජයග්‍රාහී සටන කෙළවරවන්නේ විජිතපුරය දක්වා වු සියලු බළකොටු සුනු විසුනු කරලා එළාරව මුලුමනින්ම පරාජය කරලා.

ලක්ධරණීතලය අනතුරට පත්වූ සෑම මොහොතක සිය දිවි දෙවෙනි කොට මවුබිම රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණි වීර උත්තමාවිය , ලංකා රාජ්‍යයත් ,සම්මා සම්බුද්ධ සාසනයත් වෙනුවෙන් වීර පුත්කුමාරයෙක් බිහිකර සම්මා සම්බුද්ධ සාසනයේ භාරකාරීත්වය දරන මේ පින්බිම රැකදෙමින් ඒකසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් මතු සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්රී බුදුපියාණන්වහන්සේගේ ගිහිකල බ්‍රහ්මවතී නම් පින්වත් මවුතුමිය වන්නට තරම් අග්‍ර පාරමි ශක්තියකින් හෙබි මහා පින් ඇති, වත්මනේ තුසිත දෙව්ළොව විරාජමානව වැඩසිටින්නාවූ විහාරමහා දේවතාවිය අපගේ ලක් ධරණීතලයත් සම්මා සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරදෙන සේක්වා.

රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් සහ ජනරංජනයට පත්කරමින් ඉතා ධාර්මිකව රාජ්‍යය පාලනයට පින්වත් කාවන්තිස්ස මහ රජතුමාට සහය දුන් සහ පින්වත් දුටුගැමුණු මහරජතුමාව මෙහෙයවූ පින්වත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !

අසීමාන්තික තේජෝ බල පරාක්‍රමයකින් වැඩ සිටින්නාවු දේවතාවියනි, මේ පින්බිම දෙසට හෙලනා එක නෙත් යොමුවක ඇති ප්‍රබලතාව මෙලෙසැයි කිව නොහැක.මහේශාක්‍ය සෘධිබලසම්පන්න දේවතාවියට ආරාධනා!

'' චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං ''

ස්වර්ණමාලි දෙවඟන...🙏අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන ආචාරවිටි නම් ග්‍රාමයේ නොයෙක් ප්‍රමාණයේ රන්බිජු පහළ වී තිබ...
17/04/2024

ස්වර්ණමාලි දෙවඟන...🙏
අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන ආචාරවිටි නම් ග්‍රාමයේ නොයෙක් ප්‍රමාණයේ රන්බිජු පහළ වී තිබුණි. ඒ රන්බිජු අතර වියතක් පමණ, අඟලක් ප්‍රමාණ වූ ස්වර්ණ බීජයෝ අති විශාල බිම් කඩෙක පැතිර තිබුණි.

ඒ සියලු ස්වර්ණ බීජයන් මහා ස්තූපය සඳහා රජතුමා විසින් වෙන්කරන ලද්දේ ය. අනුරපුරෙන් නැගෙනහිර දිශාවේ සත් යොදුනක් ගිය තැන මහවැලි ගඟෙන් එතෙර ව තඹවිටි නම් ගමෙන් මහා සෑය උදෙසා තඹ සහ යකඩ ලැබුණි. අනුරපුරයට ඊසාන දිගින් යොදුන් සතරක් ගිය තැන සමන් වැව නම් විය. එහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය.

අනුරපුරයෙන් දකුණු පසට අට යොදුනක් ගිය තැන අම්බට්ඨකෝල නම් ජනපදයේ එක්තරා ගල ්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙසට පස් යොදුනක් ගිය තැන උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් මෙන් ම, ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද, පබළු ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය. අනුරපුරයෙන් උතුරු දිශාවට සත් යොදුනක් පිය මැන්න තැන පෙලවැව් නම් ජනපදයකි. එම වැවට වැටෙන ඳීය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල දියබෙරලිය මල් පැහැ එනම් තද නිල් පාටින් යුතු අතිසුන්දර වූ නිල් මැණික් සතරක් උපන්නේ ය. ඒ මැණික් දුටු සුනඛ වැද්දෙක් රජතුමා බැහැ දැක තමා දුටු මහා මැණික් සතර පිළිබඳ ව දැනුම් දුන්නේ ය. මේ සියලු වස්තූන් පිළිබඳ ව තොරතුරු එක් දිනක් ඇතුළත ම දැන ගන්නට ලැබුණි. ඒ තොරතුරු රැගෙන ආ සියලු දෙනාට ම දුටුගැමුණු රජතුමා ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියලු වස්තුව ම රුවන්වැලි මහා සෑය උදෙසා ම දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම ය.

මේ ලෙසින් මහා ස්තූපය කරවන්නට සියලු වස්තුව සම්පූර්ණ වූ කල,වෙසක් පුන් පොහෝ දවසේ වීසා නැකතේ දී මහා සෑයේ කටයුතු ආරම්භ කරන ලද්දේ ය. එහි දී මහා සෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව් දුවක්, රහතන් වහන්සේලා මුණ ගැසී ඇයගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත් නො කරන ලෙස ඉල්ලා සිටියා ය. රහතන් වහන්සේලා එම දෙවඟනට මහා ස්තූපයේ ආනුභාව පිළිබඳ ව පවසා වෙන විමානයකට යන ලෙස සුදුසු රුකක් පෙන්වා දුන්හ.

ස්වර්ණමාලී දෙව්දුව රහතන් වහන්සේලාගෙන් තමා ගේ නාමයෙන් මහා සෑය බඳීනා ලෙස ඉල්ලා සිටිමින්, රහතන් වහන්සේලාගේ ආයාචනයට සතුටු වී රන් තෙලඹු ගසින්ඉවත් ව වෙනත් විමානයකට යන්නට කැමැත්ත පළ කර සිටියා ය. ඇයගේ ඉල්ලීමට සවන්දුන් රහතන් වහන්සේලා 'ස්වර්ණමාලී' යන නාමය සහිත ව මහා ස්තූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට දැනුම් දුන්නාහු ය.

මහා සෑය ස්ථාපනය කරන භූමියෙහි සත් රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය. විචක්ෂණ නුවණ ඇති මහා ප්‍රඥාවන්ත වූ දුටුගැමුණු මහ රජතුමා යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා, ඒවා කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් අනතුරු ව ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීමට ආකාශ ගංගාව ගලා වැටෙනා කල්හි නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි, සියුම් සුවඳ මැටි ඇති, නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑය පිහිටුවන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවන ලදී.

එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසුදු වූ කරගල් ද, ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණයක් ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් එළන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය ද සමකොට තලවා ඒ මත සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන එනු ලැබූ පළිඟු මැණික් ගල් අතුරනු ලදහ. එහි ද සියලු සිදුරු වැසෙන්නට නවනීත මැටි අතුරන ලද්දේ ය.

ඉන් අනතුරුව රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. ඒ මත අඟල් අටක් පමණ ඝනකම් වූ ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඉන් අනතුරුව ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරියල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් හතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. මේ ආකාරයෙන් අපගේ දුටුගැමුණු මහ රජතුමා ඉතා පහන් සිතින් යුතුව මහා සෑය පිහිටුවන ස්ථානයේ කළ යුතු මූලික කටයුතු සිදුකළ සේක.

මේ ලෙසින් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ව අප ගේ දුටුගැමුණු මහ රජතුමා ඒ රිදී තහඩුව මත ගොඩනැගෙන මහ සෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා විහාරයේ බෙර හසුරුවා මහා සංඝරත්නය රැස් කරවා මෙසේ ආරාධනා කර සිටියේ ය.

“පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා මහා සෑය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදාවන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. ආදර බැතියෙන් යුතුව පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වා‘යි, භික්ෂු සංඝයා වහන්සේට ඇරයුම් කළේය. ඉන් අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හට ද “පින්වත් ජනතාවනි, හෙට දිනයේ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සමාදන් ව සුවඳ මල් ආදිය ගෙන මහ සෑය පිහිටුවන පුණ්‍ය භූමිය වෙත පැමිණෙත්වා“ යැයි ආරාධනා කර සිටියේ ය. එලෙස ම ඇමතිවරුන්ද මහා සෑ භූමිය සැරසීමේ කටයුතු කරවන්නට කියා යෙදවීය. රජතුමාගෙන් ලැබුණු ආඥාවට අනුව, අප තථාගත බුදුරජාණන් වහ්නසේ කෙරෙහි ප්‍රිය ගෞරවාදර ඇති ඔවුහු පැමිණ නොයෙක් ආකාරයෙන් මහා සෑය පිහිටන බිම අලංකාර කළහ.

තෙරුවන් සරණයි...

ලක්වාසි ලෝකවාසි සැමට සිතුම් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා 🌹🙏
26/01/2024

ලක්වාසි ලෝකවාසි සැමට සිතුම් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා 🌹🙏

උතුම් මහා සෑයට සිදුකල අසිරිමත් ආලෝක පූජාවක් අනුමෝදන් වෙමු 🙏❤️🙏🌹🧘🙏
27/08/2023

උතුම් මහා සෑයට සිදුකල අසිරිමත් ආලෝක පූජාවක් අනුමෝදන් වෙමු 🙏❤️🙏🌹🧘🙏

Address

Ruwanweli Maha Seya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණමාලි මහා සෑ රඳුන් :: Swarnamali Maha Sa Radun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share