22/08/2026
ශ්රී ලංකීය සංගීත ක්ෂේත්රයේ අමරණීය නාමයක් දිනූ ප්රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී පෙරේරා මහත්මිය පිළිබඳ මතකාවර්ජනයයි...
මුල් අවධිය සහ අධ්යාපනය
*උපත: ඇය 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙව්වන්දූව ප්රදේශයේදී උපත ලැබුවාය. ඇයගේ පියා වින්සන්ට් පෙරේරා වන අතර මව ලියනගේ එමලි පෙරේරා වේ. ඇය නන්දා මාලනී පෙරේරා විය
*පාසල් කාලය:
නව යොවුන් වියේදී කොළඹ කොටහේනට පැමිණි ඇය, කොටහේන ශ්රී ගුණානන්ද විද්යාලයට ඇතුළත් වූවාය. එහිදී ටී. එන්. මාග්රට් පෙරේරා ගුරුතුමිය යටතේ මූලික සංගීතය හැදෑරීය.
කලා ජීවිතයට පිවිසීම
*ප්රවිෂ්ටය: 1956 වසරේ බොරැල්ල තරුණ බෞද්ධ සංගමය (YMBA) මගින් පැවැත්වූ පද්ය ගායනා තරගයකින් රන් පදක්කමක් දිනාගැනීම ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය විය.
*ගුවන්විදුලියට පිවිසීම:
එම තරගයේදී ඇයගේ කුසලතා දුටු ගුරුවරියක විසින් ඇයව එවකට කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ ලංකා ගුවන්විදුලියේ 'ළමා මණ්ඩපය' වැඩසටහනට හඳුන්වා දුන් අතර, එහිදී ඇය ගැයූ "බුදු සාදු" ගීතය අතිශය ජනප්රිය විය.
*උසස් සංගීත අධ්යාපනය: බී. වික්ටර් පෙරේරා මහතාගෙන් වැඩිදුර සංගීතය හැදෑරූ ඇය, හේවුඩ් සෞන්දර්ය ආයතනයේ වසරක් අධ්යාපනය ලැබීමෙන් පසු, 1963 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විද්යාපීඨයට ඇතුළත් විය. පසුව 1984 දී ඇය එහි ප්රථම පෙළ සාමාර්ථයක් සහිතව 'විශාරද' උපාධිය ලබා ගත්තාය.
සුවිශේෂී ගායන හා නිර්මාණ දායකත්වය
*චිත්රපට පසුබිම් ගායනය: ශ්රී ලංකාවේ ප්රථම වර්ණ චිත්රපටය වූ 'රන්මුතු දූව' (1961) චිත්රපටයේ පණ්ඩිත ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්යක්ෂණය යටතේ නාරද දිසාසේකර සමඟ ගැයූ *"ගලන ගඟකි ජීවිතේ"* ඇයගේ ප්රථම චිත්රපට ගීතයයි
*ජනප්රිය ගීත සහ ප්රසංග: "සන්ණාලියනේ", "රන් දහදිය බින්දු බින්දු", "අම්මාවරුනේ" වැනි යුග යුගවල ගැයෙන අමරණීය ගීත රැසක හිමිකාරිනියකි. ඇය ආරම්භ කළ 'සත්යය ගීතය', 'පවන' වැනි ඒක පුද්ගල ගීත ප්රසංග මාලා මෙරට සංගීත ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදු කළේය.
සම්මාන හා ඇගයීම්
සිය ගායන ප්රතිභාව වෙනුවෙන් ඇය සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් දිනාගෙන ඇත.
ශ්රී ලංකාවේ විශ්වවිද්යාලයකින් කාන්තා කලාකාරිනියකට ප්රථම වරට පිදූ දර්ශන සූරී (Doctor of Philosophy - Fine Arts) ගෞරව උපාධියෙන් 2017 වසරේදී ඇය පිදුම් ලැබුවාය.
ප්රවීණ ගායන ශිල්පී සුනෙත් ගෝකුල මහතාගේ ආදරණීය බිරිඳ වූ ඇය, දියණියන් දෙදෙනෙකුගේ (වරුණි සහ අමා) මවකි. දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ඇය, වයස අවුරුදු 82 දී 2026 අගෝස්තු 20 වන දින නාවල පිහිටි ඇගේ නිවසේදී අභාවප්රාප්ත වූවාය.
ශ්රී ලාංකීය තාරුණ්ය හා අනාගත පරපුර උදෙසා ඇය නොබියව කැප වූ ඇය, 2022 වසරේ දී අරගල භූමියට ද පැමිණියේ තාරුණ්යයේ පැත්තේ සිටිමිනි... ඇය ලාංකීකයන් "තුන් හෙළේ කැළෑ තුළ සිංහ පැටවුන්" ලෙස ආමන්ත්රණය කරන්නට විය... ශ්රී ලාංකිකයන් තුළ සෞන්දර්යාත්මක සුන්දර මිනිසුන් බිහි කිරීමට ඇය සමත් විය..
එසේ නම් අවසරයි කුඩා ගමක දිලිදු පවුලකින් උපන්, කොළඹ හැටේ වත්තේ සිට ගෙන්දගම් පොළව පය ගැසූ, එදා ගුවන්විදුලියට පැමිණි පුංචි කෙල්ල, දශක 7ට ආසන්නව ගී ක්ෂේත්රය රනින් බැබලවූ, ආචාර්ය නන්දා මාලනී පෙරේරා මහත්මිය ඔබට සුබ ගමන් !