නිවන් මගට

නිවන් මගට නිවන් මගට කල්‍යාණ මිත්‍රයෙකු

04/09/2025

මේකනම් අහන්නම ඕන කතාවක්!

21/01/2024

පිංවත සතුට දුර්ලභ ලෝකය තුළ පිංවත් ඔබ දුකට යටත් වෙන්න එපා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට අයිති ලෝකය තුළින්, පිංවත් ඔබ සතුට උදුරා ගන්න. අකුසල් වැඩි ලෝකය තුළ සතුට අපිට සිහිනුවණින් තොරව ලැබෙන්නේ නැහැ. අධර්මයෝ කැමති අධර්මයන්ටමයි. බොහෝම කෙටි කාලයකින් තම විවාහ ජීවිතය අසාර්ථක කොටගත් තරුණ මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට ආදරයේ නාමයෙන් බොරු කරපු සැමියා ගැන ගැටිලාම, මම දැන් ලෙඩෙක් වෙලාය කියලා. පිංවත අකුසල් සංස්කාරයෝ පෙරළා අකුසලය දිශාවටමයි අපිට දැනීම් සකස්කොට දෙන්නේ. භික්ෂුව ඇයට අවවාද කළේ, දුක තුළින් සැපය උදුරා ගන්න කියලයි. ඇයගේ දෙදරා ගිය විවාහය තුළින් අසාර්ථක වී ගියේ ඇයගේ කුසල් සංස්කාරයෝමයි. පිංවත අකුසල් විපාකයන් ඉදිරියේ ද්වේශය, වෛරය, පළිගැනීම් ඇතිකොට ගන්නේ නැතුව, පිංවත් ඔබේ අසාර්ථක විවාහය, අසාර්ථක සැමියා සහ ඔබට අහිමි වූ ආත්මගරුත්වය සිහිගැන්වෙන සෑම මොහොතකම, සුවපත් වේවා යැයිම සිතන්න පුහුණු වෙන්න. එවිට ඔබ අකුසලයට සහ දුකට යටත් නොවුණා වෙනවා. දුක මගහැර මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් ජීවිතයට එකතුකොටගත් දක්ෂයෙක් වෙනවා. එයම ඔබලාට විරහ වේදනාවන්ගෙන් තොර සතුට, සමගිය වැඩි අනාගතයකට මාර්ගයක් වෙනවා.

පිංවත, තම බත් පිඟානේ ලුණු වැඩි වුණොත් හැමදාමත් තම නෝනාට හොඳටෝම බණින මහත්මයෙක්, මේ දවස්වල මෛත්‍රී භාවනාවට යොමු වෙලා. දැන් නෝනා හදන කෑමවල ලුණු, ඇඹුල් අඩු හෝ වැඩි වුණොත් මේක මගේ අකුසලයක් යැයි සිතා, එම අකුසලයටත් සුවපත් වේවා යැයිම සිතනවාලු. පිංවත ඔබට පේනවා නේද ඔබේ ගැටෙන සිතෙන්, උපේක්ෂා ධර්මයෝ මතුකොට ගන්නා අපූරුව. හැබැයි ඉතින් ඔබේ ඔය උපේක්ෂාව මෝහයට ගොදුරුකොට දෙන්න නම් එපා. බිරිඳ හදන ආහාරවල ලුණු වැඩිනම් කරුණාකර ආදරයෙන් ඇයට ඒ බව කියන්න. වැරදි නිවැරදි කොටගත යුත්තේ සමගියෙන්මයි. ඔබේ ගැටෙන සිත අසමගියටත්, රෝගීභාවයටත් අකුසලයේ ලුණු, ඇඹුල් පදමට යෙදූ ආහාරයක්ම වෙනු ඇත.

පිංවත අපි ජීවත්වන සමාජයේ කාමයේ වරදවා හැසිරීම් බහුල වෙනකොට විවාහ ජීවිත අවුලෙන් අවුලට පත්වෙනවා. විපාකයට පැමිණි කොරෝනා අකුසලය, තරුණ දරුවන් අතට සෙලියුලර් දුරකථන ලබාදීම හේතුවෙන් කාමයේ වරදවා හැසිරීමේ වරද සමාජය තුළ ජවසම්පන්න වෙලා තිබෙනවා. පිංවත් පිරිමි දරුවෙක්ගේ තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, අතීතයේ පිරිමි දරුවන්ගෙන් ගැහැනු දරුවන් ආරක්ෂාකොට ගැනීමට දෙමාපියන්ට සිදුවුණත්, වර්තමානයේ පිංවත් ගැහැනු දරුවන්ගෙන් තම පිරිමි දරුවන් ආරක්ෂාකොට ගැනීමට සිද්ධවෙලා තිබෙනවාය කියලා. පිංවත ඉහත කාරණයේ සත්‍යතාවයක් තිබෙනවා නම්, ඉන් අදහස් කෙරෙන්නේ ජාතියක් වශයෙන් පිරිහීමේ අධිවේගීභාවයයි. පිංවත අකුසලය නවතින්නේ නැහැ. අකුසලය අකුසලයටම පාර පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්ත්වයා රාගයට මෙතරම් බැඳී යන්නේ රාගයේ ආශ්වාදයක් තිබෙන නිසාය කියලා. මහණෙනි, රාගයේ ආශ්වාදය කෙටියි. මේ කෙටි රාගයේ ආශ්වාදය මහමෙරක් සේ සිතීම නිසාම, සත්ත්වයා දීර්ඝ ආදීනවයන් අයිතිකොට ගන්නවාය කියලා. අපි ළමා වියේදීම රාග සිතට බැඳුණොත් මුළු ජීවිතයම පරාජිතයෙක් වෙලා, මරණින් පසු තිරිසන් සතෙක් වෙලා උපදින්න පුළුවන්. පිංවත වඳුරෙක්, වැඳිරියක්, රිළවෙක්, රිළවියක්, ඌරෙක්, ඊරියක් යැයි කියන්නේ අනුවණ මනුෂ්‍ය ජීවිතවල කෙටි රාගයේ ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝයි. පිංවත කර්මය කර්මඵල විශ්වාසය මරාගෙන අධිවේගයෙන් සමාජගතවෙන රාගයේ උමතුව සමාජයට හඬගා කියන්නේ සම්මා දිට්ඨියේ දුර්වලභාවයමයි.

පිංවත කාම, රාග, පටිඝයෝ අපි පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදියි. එතෙක් කාම, රාග, පටිඝයෝ අපි සියලු දෙනාටම පොදු ධර්මතාවයක්. අපි හැමෝටම පොදු ධර්මතාවයක් ඉදිරියේ වැරදිකරුවාට චෝදනා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. වර්තමානයේ අධිවේගයෙන් සමාජගතවෙන ළමා, තරුණ සහ වැඩිහිටි කාම රැල්ලට එම අහිංසකයින්ට දොස් කියන්න භික්ෂුවට බැහැ. මේ කාම රැල්ලේ සැබෑ වගඋත්තරකරුවා රාජ්‍ය දේශපාලනයයි. රටේ විනය මුදලට, බලයට යටවුණ සමාජයක දුශ්ශීලභාවය රජවීම හේතුඵල ධර්මයක්ම වෙනවා. පිංවත නිවැරදි මනුෂ්‍යයින් සොයන්න බැරි සමාජයකයි අපි ජීවත් වෙන්නේ. අපි අනුනගේ වැරදි සොය සොයා විවේචනය කළත්, අපිට වගකීමක් පවරපුදාට, අපිත් අනුන් කරපු වරදම කරනවා. පිංවත අපි හැමෝම කරන්නේ වංචාවක්. අපි කවුරුවත්ම චතුරාර්ය සත්‍යයට අවංක නැහැ. අපි කවුරුවත්ම අපිට අවංක නැහැ. අපි අපිට අවංක නම්, අපි දුකෙන් මිදෙන දිශාවටයි ගමන් කරන්න ඕනේ. අපි තෙරුවන් සරණයි කිය කියා යන්නේම තෘෂ්ණාව පසුපසමයි. අපි රටට, ජාතියට, ආගමට, තමන්ට සැප දෙනවා යැයි කිය කියා යන්නේම තෘෂ්ණාව පසුපසමයි. පිංවත කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදය අපිව සිහිමුළාවට පත්කරලා තිබෙන්නේ. ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය ජීවත්ව සිටිය දී ඇයි අපි මේ තරම් අවාසනාවන්ත වුණේ..? එකම පිළිතුර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙරෙහි අසීමිත තෘෂ්ණාවමයි. පිංවත සියලු විනාශයන්ට හේතුව අපි තුළම තබාගෙන, අපි සොයන අර්බුදයට විසඳුම තව තවත් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෝම නේද..? පිංවත ඔබ ඔබට අවංක වෙන්න. තෘෂ්ණාව නිරාහාරව තබලා දුකට පිළියම් සොයන්න.

පිංවත මේ ලෝකයේ ලොකුම ධනය රුපියල් ශත නොවේ. මේ ලෝකයේ ලොකුම ධනය ඩොලර්, පවුම් නොවේ. මේ ලෝකයේ ලොකුම ධනය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පිංවත ශෝක, පරිදේවයන්ගේ උල්පත වන මුදල් පසුපස හඹාගොස් ලෝකය පරදින්න එපා. පිංවත් ඔබට සුරංගනා කතා කියන කාමයේ සහ රූපයේ කෙටි ආශ්වාදය සුරංගනාවියක් නොවේ. ඇය දීර්ඝ භව ආදීනවයේ මාරදූතියයි. පිංවත කරුණාකර සිහිනුවණින් තේරුම් ගන්න, ඔබේ ජීවිතයට එකතුකොට ගැනීමට ශ්‍රේෂ්ඨ ධනයක් තිබෙනවා නම්, ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. ඔබේ කැපවීමෙන් ලෝකයාට ආරක්ෂාකොට තැබිය යුතු ශ්‍රේෂ්ඨ ධනයක් තිබෙනවා නම්, ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝමයි. කරුණාකර ඒ උතුම් අරමුණු දෙක උදෙසා පමණක් කැපවෙන්න. ඉන් බැහැර අන් සියලු කැපවීම් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට නම් අදාළ නැහැ. ඒවා අයිති දුකට හෙවත් ලෝකයටයි. පිංවත මීට වසර දෙදහස් හයසියයකට පෙරාතුව තෘෂ්ණාව අතහැරපු උත්තම මනුෂ්‍යයෝ ගැන අපි අදත්, හෙටත් කතා කරනවා. අපි එම උත්තම, උත්තමාවියන්ට අදත් ගරු කරනවා. ඒ උත්තම, උත්තමාවියෝ අදත් අපේ හදවත් තුළ පූජනීයව ජීවත් වෙනවා. එහෙත් ගෙවීගිය අඩ සියවස තුළ මියගිය, තෘෂ්ණාව කර උඩ තබාගත් අපේ නායක, නායිකාවෝ ගැන අද අපිට මොන මතකයක් ද? මොන ගෞරවයක් ද..? පිංවත මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පුළුවන් ඔබ මිය ගියත්, ඔබේ මතකය ලෝකය තුළ ජීවත් කරවන්න. පිංවත තෘෂ්ණාවට පුළුවන් වෙන්නේ මරණින් පසු ඔබේ මතකය තෘෂ්ණාව විසින්ම ගිලදමන්නයි.

පිංවත භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා සිංහල බෞද්ධයා කියන්නේ හරිම පුණ්‍යවන්ත ජාතියක්. එම පුණ්‍යවන්තභාවය සමාජගත අසත්පුරුෂ, අධාර්මිෂ්ඨ දේශපාලනය විසින් ගිලගෙනයි තිබෙන්නේ. තෘෂ්ණාවේ මාරයා එම පුණ්‍යවන්තභාවය වහලයි තිබෙන්නේ. භික්ෂුව කිනම් ගමකට වැඩියත්, කිනම් ආයතනයකට වැඩියත්, කිනම් පූජනීය ස්ථානයකට වැඩියත් භික්ෂුව දැක්කේ එම පිංවතුන් සද්ධර්මය ශ්‍රවණය කරන්න, භාවනා කරන්න, විශේෂයෙන් සංසාර බිය ගැන අහන්න පුදුමාකාර කැමැත්තක් දක්වන්නේ. තරුණ දරුවෝ, පාසල් දරුවෝ කියලා වෙනසක් නැහැ. ගෞරවනීය ගිහි සහ පැවිදි නායකයිනේ මේ ඇත්ත තේරුම් ගන්න. මේ අහිංසකයින්ව මාරයාගේ ගොදුරු බවට පත්කරන්න එපා. තෘෂ්ණාව බිමින් තියලා පින අක්‍රීයව පවතින මේ අධාර්මිෂ්ඨභාවයෙන් වැසුණ සමාජයට සරණක් වෙන්න. උතුම් චතුරාර්ය සත්‍යය ජීවත් කරවීමම ඔබේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව බව නුවණින් තේරුම් ගන්න. අපේ තෘෂ්ණාවෙන් තවදුරටත් මේ අහිංසක මනුෂ්‍යයෝ අපි අකුසලයටම කොටුකළොත්, අනාගතයේ අපේ ධනය වෙන්නේ ගින්දරම, ගිනි වතුරම බව කාරුණිකව තේරුම් ගන්න. පිංවත මනුෂ්‍ය සමාජය දෙස ධර්මානුකූල ඇසෙන් බලද්දී, අපි දකින්නේ ධර්මයක්මයි. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින් මුළු මනුෂ්‍ය සමාජයම අපිට ධර්මානුකූලව විග්‍රහකොට ගන්න පුළුවන්. පිංවත අපේ එකම අරමුණ ලෞකික සැපය සෙවීම නම්, ඉන් අදහස් වෙන්නේ අපේ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයයි. සංසාර බිය නොදැනීමයි. යම් පිංවතෙක් දිගින් දිගටම දුශ්ශීල වෙනවා නම්, ඉන් අදහස් වෙන්නේ ඔහුගේ සම්මා දිට්ඨියේ දුර්වලභාවයයි. යම් බෞද්ධයෙක් තෙරුවන්ට ගරු නොකරනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔහුගේ අසත්පුරුෂ ආශ්‍රයයි. පිංවත හේතුඵල ධර්මයන් නිසාම සමාජගතවෙන වැරදි ඉදිරියේ ඔබ ඇතිකොට ගන්නා ධර්මයේ උපේක්ෂාවයි වර්තමානයේ ඔබව සතුටින් තබන්නේ. පිංවත අනාගත සතුට උදෙසා වර්තමානයේ දුක් විඳින්න එපා. කිනම් පීඩාවන් ඉදිරියේ වුව ද, ධර්මයේ උපේක්ෂාවෙන් ඔබ මතුකොට ගන්නා වර්තමාන සතුටමයි, අනාගතයේ සැබෑ සතුටකට මාර්ගය වෙන්නේ. වර්තමානයේ තෘෂ්ණාව උදෙසා දුක් විඳින්නා අනාගතයේ දී සතුටේ නාමයෙන් අයිතිකොට ගන්නේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ම බව සමාජ අත්දැකීම් තුළින්ම තේරුම් ගන්න.

පිංවත සමාජය වැරදි නැහැ සමාජය වරදට පොළඹවලයි තිබෙන්නේ. වැරදි සමාජගතවීමට සමාජය නිදහස් කරලයි තිබෙන්නේ. පිංවත සමාජයට විනයක්, නීතියක්, දණ්ඩනයක්, සීමාවක්, ලෞකික ප්‍රඥාවක් අත්‍යාවශ්‍යයි. මුදලට, බලයට, යටවුණ රාජ්‍ය දේශපාලනයට සම්මා දිට්ඨියේ දැක්ම අවශ්‍යයි. ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනයට ගරු නොකරන්නෝ, මෙලොව සහ පරලොව දෙකේම මරණ බියෙන් සහ නොසෑහීමෙන් දුක් විඳිනවා. ශීලයට අවනත නැති මනුෂ්‍යයෝ තමන්ටත්, අනුනටත් දෙන්නේ අකුසලය, දුගතිය පමණක්මයි. මේ දේවල් ඔබට ගැටෙන්න හේතූන් නොවේ. සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්. කරුණාකර වර්තමානයේ සමාජගතවෙන මේ සැබෑ සිංහල බෞද්ධකමට ආගන්තුක වියරු හැසිරීම් ධර්මයේ උපේක්ෂාවෙන් දැකලා, ධර්මයක් දැකීමේ සතුට ඇතිකොට ගන්න. එම වර්තමාන සතුටමයි ඔබේ සම්මා සතිය වෙන්නේ. එම සම්මා සතියමයි, සමාධිමත් සිතකින්, නිරවුල් මනසකින් සමාජගතවෙන තෘෂ්ණාවේ මාරාවේශයට, තෘෂ්ණාවෙන් තොරව විසඳුම් කියලා දෙන්නේ. පිංවත ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තෘෂ්ණාවේ ජන්ම උරුමය බව, තෘෂ්ණාව මැඩගෙන නුවණින් දකින්න....!

තෙරුවන් සරණයි...!

- පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ.

පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය
(21/01/2024)

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න - https://www.facebook.com/kaalenadharmasaakachcha/

21/01/2024

ප්‍රශ්නය 03 :-

බොහෝ අය මරණින් පසු ප්‍රේත ආත්මභව වල උපදිනවා කියනවා. ඒ අයගෙන් සිදුවන කරදර වලින් මිදෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස..?

පිළිතුර :-

ප්‍රේතයන්ගේ කරදරවලට, බලවේග වලට භය වෙන්න ඕනෙ ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක නැත්නම් පමණයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනෙ. යමෙක් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනව නම්, තමන් සීලයෙන් පරිපූර්ණ නම්, ඒ ගොල්ලන්ට භය වෙන්න දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ආරක්‍ෂාව ගැන. දැන් අපි ආරක්‍ෂාව කියලා කියන්නේ මොකක්ද..? ඒ ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයෝ ඉන්නවා තුවක්කු පිස්තෝල තියාගෙන. මේවනෙ ආරක්‍ෂාව. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ආරක්‍ෂාව මේක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ ආරක්‍ෂාව කියලා කියන්නෙ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයත්, දානයත්. ඒ තුන තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ ආරක්‍ෂාව.

දැන් ඔබේ නිවස තියෙනවා. ඔබේ නිවස තුළ ඔබ නිරතුරුවම දන් දෙනව නම්, නිවසේ අය සිල් ආරක්‍ෂා කරනව නම්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනව නම් මොකද වෙන්නේ..? ඔබ හරි පිරිසිදුයි. ඔබ පිරිසිදු වෙනකොට ඔබේ නිවසත් පිරිසිදුයි. අතුපතු ගානවා කුණු එකතු වෙන්නට දෙන්නෙ නැහැ. කිළුටු රෙදි ටික එකතු වෙන්න දෙන්නෙ නැහැ. මකුළු දැල් ටික බැඳෙන්න දෙන්නෙ නැහැ. ඒවා එකතු වෙන්න වෙන්න තමයි අමනුෂ්‍යයෝ ළං වෙන්නෙ. තමන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලයෙන් පරිපූර්ණ වෙද්දී දන් දෙනකොට තමන්ගේ සිත ප්‍රභාෂ්වරයි පිරිසිදුයි. ඒ නිසාම තමන්ගේ ගේ පරිසරයත් පිරිසිදුයි.

අන්න ඒ පිරිසිදු භාවයට පත් වෙනකොට සම්‍යක්දෘෂ්ඨික බලවේග තමන් ළඟට එනවා. මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නවා මහ විශාල සම්‍යක්දෘෂ්ඨික බලවේග. ඒ ගොල්ලො සම්‍යක්දෘෂ්ඨික යක්‍ෂයෝ. ඒ යක්‍ෂයෝ කියන්නේ පෙර ජීවිතවල ද්වේශය සහිත සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වුණාට පස්සෙ සම්‍යක්දෘෂ්ඨික යක්ෂයෝ වෙලා උපදිනවා. මේ යක්‍ෂයෝ කිව්වහම භය වෙන්න එපා. ඒ දිව්‍ය ස්වභාවයේ යක්‍ෂයෝ. මහා තේජස්, මහා බලැති ආභරණ පැළඳ ගත්ත දිව්‍ය ස්වභාවයේ ඒ යක්‍ෂ අයට සේනාව සිය දහස් ගණනක් ඉන්නවා. එතකොට ඔබලා දන් දෙනකොට අර සතරවරම් දෙවියන්ගෙන් වරම්ගත්ත සම්‍යක්දෘෂ්ඨික යක්‍ෂයෝ තව තවත් තමන් ළඟට එනවා. තමන් ළඟට එනකොට මොකද කරන්නේ අමනුෂ්‍යයෝ පැනලා යනවා, මිථ්‍යාදෘෂ්ඨික බලවේග නැතුව යනවා.

දැන් පොලිසියේ ඉන්න ඕ.අයි.සී මහත්තයා කසිප්පු විකුණන තැනට ආවොත් කසිප්පු විකුණන මහත්තයා ඉන්නවද නැහැ. එයා පැනලා යනවා. ඒ වගෙයි අර සම්‍යක්දෘෂ්ඨික බලවේග. දැන් ඔබ තෙරුවන් සරණින් සීලයෙන් පරිපූර්ණ නම් ඒ ගොල්ලො එනකොටත් අර ගොල්ලො යනවා. දැන් සමහරු අපෙන් අහනවා හාමුදුරුවනේ ගෙදර පින් දෙන්න හොඳ නැහැ නේද..? ගෙදර බුදුන් වඳින්න හොඳ නැහැ නේද..? ගෙදර දන් දෙන්න හොඳ නැහැ නේද..? කියලා ඒක සම්පූර්ණ මිථ්‍යාදෘෂ්ඨියක්. ඔබ ගෙදර පින් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම්, සීලයක් ආරක්‍ෂා කරන්නේ නැත්නම් ගෙදරත් අපිරිසිදුයි, පරිසරයත් අපිරිසිදුයි. ඔබත් අපිරිසිදුයි. එහෙම තැනක දී මිථ්‍යාදෘෂ්ඨික බලවේගයි ඇවිල්ලා පිරෙන්නේ.

ඒ නිසා ඔබ පින් කරන කොට, දන් දෙනකොට, සිල් රකිනකොට අර සම්‍යක්දෘෂ්ඨික බලවේග තමන් ළඟට එනවා. ඒ ගොල්ලො ඔබව ආරක්‍ෂා කරනවා. ඔබලා වාහනේ නැඟලා යනකොට ඒ ගොල්ලො වාහනේ නැඟලා යනවා. ඔබලාට පේන්නේ නැහැ. ඔබලා කාර්යාලයට යනකොට ඒ ගොල්ලො කාර්යාලය තුළ ඉන්නවා. ඔබට පේන්නේ නැහැ. ඔබට අනතුරක් වෙන්න යනව නම් ඒක වළක්වනවා. ඔබට ඒ හිත වළක්වනවා දැන් යන්න එපා කියලා. ඒගොල්ලන්ට ඒ දේ කරන්න පුළුවන්. ලිස්සලා කකුල වද්දලා කකුල තුවාල කරලා හරි ගමන ප්‍රමාද කරනවා. එතකොට එහෙමනම් එම බලවේග තමන් ළඟට ආවේ කුමක් නිසාද..?

තෙරුවන් කෙරෙහි දානයත්, සීලයත්, ශ්‍රද්ධාවත් නිසා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ තෙරුවන් කෙරෙහි සීලයත්, දානයත්, ශ්‍රද්ධාවත් ජීවිතයෙ ආරක්ෂකයා කර ගන්න. ඔබ තෙරුවන් කෙරෙහි සීලයත්, දානයත්, ශ්‍රද්ධාවත් ඔබේ ජීවිතයේ ආරක්‍ෂාව කර ගත්තොත් ඔබේ මේ ජීවිතය විතරක් නෙමෙයි ආරක්‍ෂා වෙන්නේ. ඔබේ පරලොව ජීවිතයත් ආරක්‍ෂා වෙනවා. නමුත් ඔය ආරක්‍ෂාව යොදා ගෙන ආරක්‍ෂක භටයෝ සිය දහස් ගණනක් යොදා ගෙන මේක තමයි සැබෑ ආරක්‍ෂාව කියලා හිතාගෙන යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරව යනව නම්, ඒ කොච්චර ආරක්‍ෂා තිබ්බත් මැරෙන මොහොතේ සතර අපායටයි යන්නේ. සැබෑ ආරක්‍ෂාව නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි, සීලයයි, දානයයි....!

තෙරුවන් සරණයි...!!!

උපුටා ගැනීම - අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ "කාලේන ධම්ම සාකච්ඡා" නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු...!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න...

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න - https://www.facebook.com/kaalenadharmasaakachcha/

21/01/2024

චංකම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරවූ, ගිජ්ජකූට පර්වතයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙම බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් මහා කස්සප ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි. දේවදත්ත ස්ථවිර තෙමේද බොහෝ භික්ෂූන් හා සමග භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි සක්මන් කරයි.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ, ශාරිපුත්‍රයන් දක්නහුද?”

“එසේය, ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු මහත් ප්‍රඥා ඇත්තෝ වෙත්.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ, මහා මෞද්ගල්‍යායනයන් දක්නහුද?”

“එසේය. ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු මහත් ඍද්ධි ඇත්තෝ වෙත්.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ, මහා කාශ්‍යපයන් දක්නාහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු ධූතාංග ඇත්තෝ වෙත්.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ, අනුරුද්ධයන් දක්නහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු දිවැස් ඇත්තෝ වෙත්.”

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ, මන්තානිපුත්ත පුණ්ණයන් දක්නහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු ධර්මකථිකයෝ වෙති.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ උපාලි දක්නහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු විනයධරයෝ වෙති.”

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ ආනන්දයන් දක්නහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු බහුශ්‍රැතයෝ වෙති.

“මහණෙනි, තොපි බොහෝ භික්ෂූන් හා සමග සක්මන් කරන්නාවූ දේවදත්තයන් දක්නහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ සියලු භික්ෂූහු පාප අදහස් ඇත්තෝ වෙත්.”

“මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්. යහපත් අදහස් ඇති සත්වයෝ යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන්ම සත්වයෝ එක් වූහ. සමගි වූහ. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගි වූහ. යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වූහ. සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක් වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්. යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.

(පස්වන චංකම සූත්‍රය නිමි.)

ධර්ම දානය_________________________✾ ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේ ය.ලො...
02/01/2023

ධර්ම දානය
_________________________

✾ ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේ ය.ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අතිපාරිශුද්ධ වන්නේ ය.ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේද,විපාකය මහත්ඵල වන්නේ ය.දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියෙකුදු නැත්තේ ය.ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේ ය.දිවි හිමිකොට ධර්ම දානය කළද අඩුවීමක්ද නැත්තේය.දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.

✾ ධර්ම දානය නිවන් උදෙසා කරන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි.ඥාන විප්‍රයුක්තව බණකීම් විරල හෙයින් බොහෝවිට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේ ය.ධර්ම දානය ඇසිල්ලකින් කර නිමවන කුසල කර්මයක් නොවේ.ධර්ම දේශනාව පටන්ගත් මොහොතේ සිටම අවසන් වනතෙක් අප්‍රමාණ කුසල චිත්ත විධීන්ගෙන්ද,සද්ධා,සති,කරුණා,මුදිතාදී කුසල චයිතසිකයන්ගෙන්ද සිදුකරන අති බලවත් කුසල කර්මයකි.

❦ ඔබට, පෙර භවය අත හැර මවු කුසක ගර්භාෂයේ දස මසක් සිටින්නට සිදු විය. එයද අත හැර මෙළොව බිහි වන්නට සිදු විය. උපත ලබා මවු කිර...
16/05/2022

❦ ඔබට, පෙර භවය අත හැර මවු කුසක ගර්භාෂයේ දස මසක් සිටින්නට සිදු විය. එයද අත හැර මෙළොව බිහි වන්නට සිදු විය. උපත ලබා මවු කිරි විතරක්ම ආහාරය විය. එයද අතහරින්නට සිදු විය.

❦ ළමා විය අත් හැර තරුණ වන්නට සිදු විය. තරුණ විය, මැදි විය, මහළු විය මෙන්ම නැවතත් මේ භවයද අත් හරින්නට ද සිදු වේ.

❦ දානය රැස්කර ගතහොත් ඔබ නුවණැත්තෙකි. සීලය, කාමයන්ගෙන් වෙන් වීම, ස්කන්ධ ධාතු ආයතනාදිය ගැන දැන ගන්නා ප්‍රඥ්ඥාව, වීර්‍යය, ඉවසීම, සත්‍යවාදී බව, අධිෂ්ඨානය , මෛත්‍රීය, උපේක්ෂාව යන පාරමිතා තුන් ආකාරයටම රැස්කරගත හොත් නුවණැති ඔබේ බෝධිපාක්ෂික ධර්ම තිස් හත නම් හේතු සම්පත් වැඩේ.

❦ නිවන් දකින්නට සියළුම අකුසල් අත් හැරිය යුතුම ය. සියළුම කෙළෙස් නැසිය යුතුම ය. එහෙත් කුසල් අත් හැරීම නොකළ යුතු ය. කුසල් වැඩිය යුතු ය. රැස් කළ යුතු ය. මේ නාමරූපයෝ හට ගන්නේ හේතූන්ගෙන් පමණී.

❦ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වක් වන නාම රූප ධර්ම, අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පානා තෙක් අනෙකුත් හේතු අතර කුසල කර්මජ හේතුවෙන් සංසාර ගත ඇත්තන්ගේ ත්‍රිහේතුක හේතුසම්පත් මුහුකුරා යා යුතු ය.

නුවණැත්තෝ කුසල් වඩත්වා!

තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

🛑 මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?‼️▫️න...
13/05/2022

🛑 මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද?‼️

▫️නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි.

▫️අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි.

▫️පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

▫️නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

▫️තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ “රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

🔴රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය.

මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.

ධර්ම විනිශ්චය
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි

13/05/2022

🛑 ගෞතම බුදු සසුනේ අසූමහා ශ්‍රාවකයින් වහන්සේලා

❶ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

❷ සාරිපුත්ත මහරහතන් වහන්සේ

❸ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

❹ මහා කස්සප මහරහතන් වහන්සේ

❺ අනුරුද්ධ මහරහතන් වහන්සේ

❻ කාලිගෝධාපුත්ත මහරහතන් වහන්සේ

❼ ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේ

❽ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

❾ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ

❶⓿ මහා කච්චාන මහරහතන් වහන්සේ

❶❶ චූලපන්ථක මහරහතන් වහන්සේ

❶❷ මහාපන්ථක මහරහතන් වහන්සේ

❶❸ සුභූති මහරහතන් වහන්සේ

❶❹ ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

❶❺ කංඛාරේවත මහරහතන් වහන්සේ

❶❻ කෝළිවීස සෝණ මහරහතන් වහන්සේ

❶❼ කුටිකන්න සෝණ මහරහතන් වහන්සේ

❶❽ සීවලී මහරහතන් වහන්සේ

❶❾ වක්කලී මහරහතන් වහන්සේ

❷⓿ රාහුල මහරහතන් වහන්සේ

❷❶ රට්ඨපාල මහරහතන් වහන්සේ

❷❷ කුණ්ඩධාන මහරහතන් වහන්සේ

❷❸ වංගීස මහරහතන් වහන්සේ

❷❹ වංගන්තපුත්ත උපසේන මහරහතන් වහන්සේ

❷❺ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ

❷❻ පිළින්දවච්ච මහරහතන් වහන්සේ

❷❼ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ

❷❽ කුමාර කස්සප මහරහතන් වහන්සේ

❷❾ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

❸⓿ ආනන්ද මහරහතන් වහන්සේ

❸❶ උරුවේල කස්සප මහරහතන් වහන්සේ

❸❷ කාලුදායී මහරහතන් වහන්සේ

❸❸ බක්කුල මහරහතන් වහන්සේ

❸❹ සෝභිත මහරහතන් වහන්සේ

❸❺ උපාලි මහරහතන් වහන්සේ

❸❻ නන්දක මහරහතන් වහන්සේ

❸❼ නන්ද මහරහතන් වහන්සේ

❸❽ කප්පින මහරහතන් වහන්සේ

❸❾ සාගත මහරහතන් වහන්සේ

❹⓿ රාධ මහරහතන් වහන්සේ

❹❶ මෝඝරාජ මහරහතන් වහන්සේ

❹❷ භද්දිය මහරහතන් වහන්සේ

❹❸ වප්ප මහරහතන් වහන්සේ

❹❹ මහානාම මහරහතන් වහන්සේ

❹❺ අස්සජි මහරහතන් වහන්සේ

❹❻ කිම්බිල මහරහතන් වහන්සේ

❹❼ භගු මහරහතන් වහන්සේ

❹❽ චුන්ද මහරහතන් වහන්සේ

❹❾ නාලක මහරහතන් වහන්සේ

❺⓿ සේලුදායී මහරහතන් වහන්සේ

❺❶ භද්දාලී මහරහතන් වහන්සේ

❺❷ තෝදෙය්ය මහරහතන් වහන්සේ

❺❸ කප්ප මහරහතන් වහන්සේ

❺❹ චතුකණ්නි මහරහතන් වහන්සේ

❺❺ පෝසාල මහරහතන් වහන්සේ

❺❻ පුණ්ණක මහරහතන් වහන්සේ

❺❼ ධෝතක මහරහතන් වහන්සේ

❺❽ දුතිය නන්ද මහරහතන් වහන්සේ

❺❾ අජිත මහරහතන් වහන්සේ

❻⓿ තිස්ස මෙත්තය්ය මහරහතන් වහන්සේ

❻❶ මෙත්තෙය්ය මහරහතන් වහන්සේ

❻❷ උපසීව මහරහතන් වහන්සේ

❻❸ හේමක මහරහතන් වහන්සේ

❻❹ කද්‍රාවුධ මහරහතන් වහන්සේ

❻❺ උදායී මහරහතන් වහන්සේ

❻❻ පිංගිය මහරහතන් වහන්සේ

❻❼ මේඝිය මහරහතන් වහන්සේ

❻❽ චන්න මහරහතන් වහන්සේ

❻❾ උපවාන මහරහතන් වහන්සේ

❼⓿ භද්දජී මහරහතන් වහන්සේ

❼❶ යස මහරහතන් වහන්සේ

❼❷ ලක්ඛණ මහරහතන් වහන්සේ

❼❸ ගවම්පතී මහරහතන් වහන්සේ

❼❹ පුණ්ණක මහරහතන් වහන්සේ

❼❺ නදී කස්සප මහරහතන් වහන්සේ

❼❻ අංගුලිමාල මහරහතන් වහන්සේ

❼❼ ගයා කස්සප මහරහතන් වහන්සේ

❼❽ අචේල කස්සප මහරහතන් වහන්සේ

❼❾ සභිය මහරහතන් වහන්සේ

❽⓿ සකුලුදායී මහරහතන් වහන්සේ

බලතල වලින් පිරුණු නිලතල ලබන්නට කවුරු කවුරුත් කැමතියි. බොහෝ දෙනා ඉගෙනුම ලබා විභාග සමත්කොට අපේක්‍ෂා කරනුයේද උසස් නිලතල ලබා ගන්නටය. නිලතලවලට හිමි බලතල රැකගන්නට බොහෝ දෙනා උත්සාහ ගන්නා අතර සමහරු සිය බලතල අනිසි ලෙස යොදවා කටයුතු කර අවසානයේදී සිය නිලතල ද නැති කර ගන්නවා ඇත. අද ලෝකයේ තිබෙන විශාල බල අරගලවල ආරම්භය මෙම නිලතලය.

ලෝකයේ ආරම්භයේ සිට මේ දක්වා කුමන, කුමන අන්දමේ නිලතල තිබෙන්නට ඇත්දැයි අප නොදනිමු. නමුත් ලෝකයේ තිබෙන උසස්ම නිලතල ප‍්‍රදානය කරනුයේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නමක් විසින්ය. ලොවේ ඉහළම පදවිය වන බුදු පදවියට පත්වන මහ බෝසතාණන් වහන්සේ බුදු පදවි ලැබ ප‍්‍රථම ධර්ම දේශනාවෙන් පසුව විවිධ අවස්ථාවලදී තම ශාසනයේ පැවිදි දිවියට පත්ව මහ රහත් බවට පත්වන ස්වාමීන් වහන්සේලාට සහ මෙහෙණින් වහන්සේලාට සිය ශාසනයේ අග‍්‍ර ශ‍්‍රාවක, ශ‍්‍රාවිකා තනතුරු පිරිනමන්නේ නිර්ලෝභීවය. මෙම තනතුරු සර්වකාලීනය. මේ තනතුරු හිමි නිසි අයටමය. කලින් කලට තනතුරු වෙනස් වීමක්වත්, ඉවත් කිරීමක්වත්, පුරප්පාඩු පිරවීමක්වත් සිදු නොවනු ඇත. එම තනතුරු එම බුදුරාජණන් වහන්සේගේ ශාසනය පවතින තුරුම නොවෙනස් වන අතර ඒවා වෙනස් වනුයේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී එම බුද්ධ ශාසනය ආරම්භ වීමෙන් පසුවය. යම් ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ නමක් සිය ආගමික සංස්ථාව තුළ යම් තනතුරු ප‍්‍රදානයක් සිය අනුගාමික ශ‍්‍රාවක ශ‍්‍රාවිකාන්ට සිදුකර ඇත්නම් එය සම්බුද්ධ ශාසනයකම මිස වෙනත් තැනක නොවේ.

බුදුරාජාණන් වහන්සේ තනතුරු ප‍්‍රදානය කළේ පෙර සසර භවයන්වල සිටම තනතුරු අපේක්‍ෂාවෙන් පින් කුසල් කරමින් ප‍්‍රාර්ථනා කරගෙන පැමිණි තැනැත්තන්ටමය. ඡුන්න හාමුදුරුවන් බුදුපියාණන් වහන්සේගේ තනතුරු ප‍්‍රධානය ගැන කලකිරී තමාට කිසිම තනතුරක් නොදීම ගැන මැසිවිලි නඟන විට බුදුපියාණන් දේශනා කළේ, ඡුන්න එවන් තනතුරක් සඳහා සසර පතාගෙන පැමිණ නොමැති බවයි. ඒ අනුව බුදු සසුනක තනතුරු ලබන්නට ප‍්‍රාර්ථනා කළ යුතුය. ඒ සඳහා පින් දහම්වල යෙදිය යුතුය. සිල් රැුකිය යුතුය. අප දැන් මෙම බුදු සසුනේ අග තනතුරු ලද ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් හා එම තනතුරු පිළිබඳ දැන ගනිමු. එසේ දැන ගන්නා ඔබටද යම් බුද්ධ ශාසනයක එවැනි තනතුරක් අපේක්‍ෂා කර පින් රැුස් කිරීමටද හැකියාව ඇත. එම තනතුර ඉලක්ක කර සසර පුරා දිගින් දිගටම පින් පුරන්නේ නම් ඔහුට හෝ ඇයට යම් බුද්ධ ශාසනයක එම අපේක්‍ෂා කළ තනතුරු ලබන්නට හැකියාව ලැබෙනු නියතය.

Address

Main Street, Alawwa
Alawwa
60280

Alerts

Be the first to know and let us send you an email when නිවන් මගට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share