Mahamevnawa Gimhae 마하매우나워 선원 김해

Mahamevnawa Gimhae 마하매우나워 선원 김해 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Gimhae 마하매우나워 선원 김해, Buddhist Temple, 2nd Floor, 483, Hogye-ro, Gimhae-si, Gyeongsangnam-do, Gimhae.

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය

ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් වූ පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දහසය වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරල සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට, 600 කට අධික තරුණ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ද, හැත්තෑ පහකට අධික තරුණ සිල් මෑණිවරු පිරිසක් ද, ලක්ෂ සංඛ්‍යාත ගිහි ශ‍්‍රාවක පිරිසක් ද, දේශීය සහ විදේශීය ශාඛා මධ්‍යස්ථාන 75 කට අධික ප්‍රමිණයක් ද දාහත් වසරක් වැනි මෙම කෙටි කාලය තුළ දී බිහිවුණා.

දේශීය අසපු ශාඛා ව්‍යාප්තිය

පොල්ගහවෙල, මාතර-අපරැක්ක, කඩුවෙල, මාලබේ, කුණ්ඩසාලය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මඩවල උල්පත, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර, සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, කොච්චිකඩේ, කැබිතිගොල්ලෑව, පින්නවල, බෝවත්ත, බිබිල, සහ අම්පාර යන ප්‍රදේශ වල ද දේශීය අසපු ශාඛා ස්ථාපිත වී තිබෙනවා.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, ඩුබායි, ඉතාලිය, ජර්මනිය යන විදේශ රටවල් තුළ ද මහමෙව්නාව භාවනා අසපු බිහි වුනා.

කොරියානු දේශයේ සේවයේ නියුතු පුතුන්ගේ ඉල්ලීම මත දකුණු කොරියාවේ අන්සාන් නුවර ද මහමෙව්නාව භාවනා අසපුවක් බිහිවුණා. අසපුව බිහිවීමට පෙර සිට ම රටේ විවිධ ප්‍රදේශ වල දහම් වැඩසටහන්, විවිධ වන්දනා පවත්වමින් නොයෙකුත් ගැටළු වලින් පීඩාවට පත්වී සිටින තරුණයින්ට එ්වායින් මිදී ජීවිතයට ධර්මය සම්බන්ද කර ගන්නා ආකාරය කියාදෙනවා.

බොහෝ බෞද්ධ රටවල්වල සහභාගීත්වයෙන් ඉන්දියාවේ බුද්ධගයා පුණ්‍ය භූමියේදී පැවැත් වූ ත‍්‍රිපිටක සජ්ඣායනාවට 2006, 2007, 2008 යන වසරවල ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මහමෙව්නාව භාවනා අසපුවයි.

මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල පිහිටා ඇති අතර, එය ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාව නම් වු අසදෘශ විහාර මන්දිරයකින්ද, සිරි ගෞතම බෝධි මණ්ඩපයකින් හා සුන්දර සිරි ගෞතම දම්සක් මහා සෑයෙන් සුන්දර වී තියෙනවා.

මීට අමතරව දඹදෙනිය, වරකාපොළ, මාවතගම, අනුරාධපුරය, උඩුපිල, කඩුගන්නාව, කුලියාපිටිය යන ස්ථානයන්හි මහමෙව්නාව අනගාරිකා අසපු බිහිවී තියෙනවා.

ඒ අනුව රට පුරා බොහෝ පළාත් ආවරණය පරිදි විහිදී ඇති මහමෙව්නාව භාවනා අසපු නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සැලසී තිබෙන්නේ ඉමහත් වාසනාවක්. මේ වන විට මෙම බොහෝ අසපු ශාඛාවන් තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා, සුන්දර චෛත්‍ය රාජයාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැඩසිටිනවා.

ගිහි උපාසක පින්වතුන් සඳහා නේවාසිකව බණ භාවනා ප්‍රගුණ කරගැනීමට පහසුවක් සලසමින් ගිහි සති භාවනා මධ්‍යස්ථානද පිහිටා තියෙනවා. උපාසක පින්වතුන් සඳහා තඹකන්ද, භාවනා කන්ද සති භාවනා මධ්‍යස්ථානයද, උපාසිකාවන් සඳහා මුතුගල අනගාරිකා අසපුව ඒ සඳහා වෙන්වී තිබෙනවා.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පැවිදි වූ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද දිවයින පුරා විසිරී පවතින මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහන් සිදුකරනු ලබනවා. එමෙන්ම රට පුරා බොහෝ විහාරස්ථාන වලද වැඩසටහන් සිදුවෙනවා. මේ සියලු වැඩසටහන් වලට ඉතා විශාල සැදැහැවතුන් පිරිසක් ධර්මශ‍්‍රවණය පිණිස ඒකරාශී වෙනවා. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත් වන, භාවනා වැඩසටහන් වලට ඇතැම් දිනවල, 15000 කට අධික පිරිසක් ද සහභාගී වන අවස්ථා තිබෙනවා.

පින්වත් ඔබටත් දායකත්වය දැරීමට අවස්ථාව උදාවී ඇත.🌸🌸🌸
24/08/2026

පින්වත් ඔබටත් දායකත්වය දැරීමට අවස්ථාව උදාවී ඇත.🌸🌸🌸

22/08/2026
🌸උදෑසන සංඝගත දක්ශිණාව🌸☸️නමෝ බුද්ධාය...!!!🙏🌷 අගෝස්තු මස 08 වන සෙනසුරාදා කිමේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින බුද්ධ ප්‍රම...
22/08/2026

🌸උදෑසන සංඝගත දක්ශිණාව🌸

☸️නමෝ බුද්ධාය...!!!🙏🌷

අගෝස්තු මස 08 වන සෙනසුරාදා කිමේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ සිටින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා උදෑසන දානය බාරගෙන කටයුතු කලේ ලහිරු මහත්මා එම මහත්මිය සහ පුතණුවන් ඇතුලු මිතුරන් විසින් ය.ලහිරු මහත්මා ඇතුලු පවුලේ සියලු දෙනා නව නිවසකට පැමිණීම අරමුණු කරගෙන උතුම් සංඝගත දක්ෂිණාව පැවැත්විය..

උතුම් බුද්ධ උපස්ථානයන්,සංඝ උපස්ථානයන් සිදුකරමින් ,ධර්ම ශ්‍රවණය කරමින් රැස් වූ සියලු පුණ්‍යධර්මයන්
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් ,පින්වත් ස්වාමීන්වහන්සේලා හටත් අනුමෝදන් වෙත්වා...!!!

රැස් වූ සියලු පුණ්‍යධර්මයන් දානය බාරගෙන කටයුතු කල ලහිරු මහතාටත්, එම මහත්මියටත් ,පුතණුවන්හටත්,උපකාර කල සියලු දෙනාටත් සහ පවුලේ සැමටත් අනුමෝදන් වේවා...!!!

රැස් වූ සියලු පුණ්‍යධර්මයන්, සියලු දෙනාගේම දෙමව්පියන් ඇතුලු පවුලේ සියලු දෙනාට මේ පිං අනුමෝදන් වේවා..!!!

රැස් වූ සියලු පුණ්‍යධර්මයන්, උතුම් පිංකම සඳහා දායකත්වය දෑරූ පිංවත් සියළු දෙනාගේ මව් පිය දෙපාර්ශවයෙන් මිය පරලොව ගිය සියළු ඥාතීන් හට අනුමෝදන් වේවා...!!!

දකුණු කොරියාවේ වෙසෙන සියලුම පිංවතුන්ටත්,පිංකමට සම්බන්ධ වූ සියලු පිංවතුන්ටත්,සියලු දෙනාගේ දෙමව්පියන් ,පවුලේ සියලු දෙනා හටත් අනුමෝදන් වෙත්වා...!!!
උතුම් බුද්ධ උපස්ථාන සිදු කරමින්ද, උතුම් සංඝෝපස්ථානයන් සිදු කරමින්ද,ධර්මශ්‍රවණයෙන්ද රැස් කලාවූ සියලු පුණ්‍ය ධර්මයන්, හිතමිත්‍රාදීන් ඇතුලුව පින්වත් ඔබ සියලුදෙනාමද
අනුමෝදන් වෙත්වා!

සියලු දෙනාටම දෙලොව සැපත පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උදාර වූ සියලු පින් අනුමෝදන් වෙත්වා!

සාදු ! සාදු !! සාදු !!!

නමෝ බුද්ධාය...!!!🙏🌷🙏🌸උත්තම අරහන්තක වන්දනාව🌸🙏කිමේ මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් 2026...
21/08/2026

නමෝ බුද්ධාය...!!!🙏🌷

🙏🌸උත්තම අරහන්තක වන්දනාව🌸🙏

කිමේ මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් 2026.07.18 වන සෙනසුරාදා දින රාත්‍රී 7.30 පවත්වන්නට යෙදුන උත්තම අරහන්තක වන්දනාව සඳහා දායකත්වය දැක්වූයේ ඩිලාන් සුභාෂිත මහතා,චමිත් ලක්ශාන් මහතා සහ චමිලා කුමාරි යන පිරිස විසින් ය.

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ උදෙසා සහ උතුම් රහතන් වහන්සේලා උදෙසා සුවඳ මල්, පිරිසිදු පැන් , සුවඳ දුම්,පහන් ආලෝක, ගිලන්පස,ආදී පූජාවන් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරන ලදී,
සම්බුද්ධ වන්දනාවන්,අරහන්තක වන්දනාවන්,සෙත් පිරිත් සජ්ඣායනයන් සිදුකරමින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ,
සියලු දෙවියන් හටත්, අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ හටත් මහමෙව්නාව භාවනා අසපුවාසි පිංවත් මහ සඟරුවනටත්,ලක්වාසී ලෝකවාසී පිංවත් මහ සඟරුවනටත් ,
අනුමෝදන් වෙත්වා...!!!

උතුම් පිංකම සඳහා දායකත්වය දැක්වූ ඩිලාන් සුභාෂිත මහතා,චමිත් ලක්ශාන් මහතා සහ චමිලා කුමාරි යන පිරිසටත් සහ සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුලු පවුලේ සැමටත් උපකාර කල සියලු දෙනාටත් පිං අනුමෝදන් වේවා...!!!

රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ,
සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් හට පිං අනුමෝදන් වේවා...!!!

රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ,
පිංකම සඳහා උදව් උපකාර කල සියලු පිංවතුන්ටත් ,සහභාගී වූ සියලු පිංවතුන්ටත්,දුර සිට දැක බලා අනුමෝදන් වෙන සියලු පිංවතුන්ටත්, දකුණු කොරියාවේ වෙසෙන සියලු පිංවතුන්ටත් අනුමෝදන් වේවා...!!!

සියලුම පිංවතුන්ට තුණුරුවණේ ආශිර්වාදය සැලසේවා...!!!
උතුම් ධර්මාවබෝධය පිණිස රැස් කල පුණ්‍යධර්මයන් උපකාර වේවා...!!!

තෙරුවන් සරණයි ....!!!
සෙනසුරාදා දිනවල පවත්වන සම්බුද්ධ වන්දනාවන්,මහ සෑ වන්දනාවන්,සිරි ගෞතම බෝධි වන්දනාවන්,අරහන්තක වන්දනාවන් සඳහා පිංවත් සැමට දායකත්වය දැරීමට අවස්ථාව ඇත...
විමසීම්-
අසපුව-01058581845

20/08/2026
🩸රුධිර දාන පින්කම🙏නමෝ බුද්ධාය..!!!🙏🌸                පුණ්‍යානුමෝදනාවයි.!කිමේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන්වහන්ස...
18/08/2026

🩸රුධිර දාන පින්කම🙏

නමෝ බුද්ධාය..!!!🙏🌸

පුණ්‍යානුමෝදනාවයි.!

කිමේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ,කිමේ අසපුවට සම්බන්ධ ශ්‍රාවක දරුවන් විසින් සංවිධානය කල
රුධිර දාන පින්කම අගෝස්තු මස 02වන ඉරු දින සාර්ථකව පවත්වන ලදි.

අසරණ රෝගියකුගේ ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් මෙත්තා,මුදිතා,කරුණා,
උපේක්ඛා ආදි උතුම් ගුණධර්ම පුරුදු කර ගනිමින් තමන්ගෙ රුධිරය පරිත්‍යාග කිරීමෙන්ද, මේ උදාර වූ පින්කමට උපකාර කිරීමෙන්ද, බොහෝ දෙනා රැස් කල උදාර වූ පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!

මේ උදාර වූ රුධිර දාන පින්කමෙන් රැස් වූ සියලූම පින්, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, අවවාද අනුශාසනා ලබා දී මේ උතුම් පින්කම සිදුකිරීමට අවස්ථා සලසා දුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, කොරියානු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ටත්,කිමේ මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රාවක දරුවෝ සංවිධානයේ සැමටත්,මේ පීන්කමේ රුධිරය පරිත්‍යාග කල, සහභාගීත්වය දැරූ පින්වත් ඔබටත්,
මේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කල සියලූම දෙනාටත්,

දැක බලා සාදු! කියා අනුමෝදන් වන පින්වත් ඔබටත්,
මේ පීන්කමෙන් රැස් වූ සියලු පින් දෙලොව සැපත පිණිසත්,

මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් එකසේ පුණ්‍යානුමෝදනා වේවා...!!!
සාදූ.. සාදු... සාදූ...!!!

"සන්තානය කිලුටු කරන,අඳුරු කරන අහංකාර කම, මානය, එකට එක කිරීම ආදී දුර්ගුණ බැහැර කර, සන්තානය පැහැපත් කරන කරුණාව, මෛත්‍රීය,ප්‍රඥාව, මුල්කරගෙනම මේ කුසලයේ යෙදෙත්වා! මෙසේ යහපත් ආකල්පවලින් යුතුව ලේ දන්දීමේ ආනිසංස මෙසේය

•නීරෝගී ජීවිත ලැබීම
• දීර්ඝායුෂ ලැබීම •ශරීර ශක්තිය ලැබීම
• සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම
තෙරුවන් සරණයී...!

Address

2nd Floor, 483, Hogye-ro, Gimhae-si, Gyeongsangnam-do
Gimhae
50921

Telephone

+821058581845

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Gimhae 마하매우나워 선원 김해 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share