06/09/2026
🌸🌼🌸🌼🌸🌼🌸🌼
🙏🙏🙏 නමෝ බුද්ධාය! 🙏🙏🙏
උතුම් බිනර පුන් පොහෝ දිනය නිමිති කරගෙන ඕසකා මහමෙව්නාව භාවනා අසපුවේ අද දවස පුරාවට පවත්වනු ලැබූ සීල-භාවනා වැඩසටහනේ දී ,
උතුම් සිල් ආරක්ෂා කිරීමෙන් සීලමය වශයෙනුත්, දානමය වශයෙනුත්, ධර්ම දානමය වශයෙනුත්, ධර්ම සාකච්ඡාමය වශයෙනුත්, භාවනාමය වශයෙනුත්, සම්බුද්ධ පූජාමය වශයෙනුත්, දවස පුරා රැස් කර ගන්නට යෙදුනු මහත්ඵල මහානිශංස පුණ්‍යධර්මයන්;
සියළු දෙනා සතුටින් අනුමෝදම් වෙත්වා !!
ගුරු දෙවිඳු ඇතුළු රට ලෝකවාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සඟරුවන මේ පින් අනුමෝදන් වෙත්වා ...!!!
මහා සංඝරත්නයට සහ උපාසක පින්වතුන්ට දහවල දානයෙන් උපස්ථාන කල, ලක්ෂානි ප්‍රියංගිකා මහත්මිය ඇතුළු ඒ සඳහා උපකාර කල සහභාගී වූ, සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටු වූ සියළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ...!!!
සියළු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසම රැස්කල සියළු පුණ්‍ය ධර්මයන් හේතුවාසනා වේවා…!!!
තෙරුවන් සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏