SL CIJ

SL CIJ WORK FOR THE GLORY OF GOD

The Sri Lankan community in Jordan Celebrated Easter with all religious participation. It was a moment of joy when Chris...
12/04/2026

The Sri Lankan community in Jordan Celebrated Easter with all religious participation. It was a moment of joy when Christ Jesus risen from the dead , and we as Sri Lankans in this blessed land joyfully commemorated. The Sri Lankan Embassy in Jordan joined with us to make it more colorful.
I will you all a happy and blessed Easter.
Hope risen Lord will bring peace to our Region.

11/04/2026
29/03/2026

_*විශේෂ දැනුම් දීම*_ .
දැනට පවතින ආරක්ෂක අවදානම් තත්වය නිසා ලබන සිකුරාදාට නියමිත විශේෂ චතාරික වැඩ සටහන් රුසයිෆා දේවස්ථානයේ සිදු නොකරන බව දන්වමි.
එමනිසා සාමාන්‍ය පරිදි ජබල් වෙයිබ්දේ දේවස්ථානයේ සවස 2:00 පාදනමස්කාරය සහ ගොබ් ඉරුදින පුජාව සිදු කරන බව දන්වමි...

Kindly notice that I have cacelled the special lenten program on 3rd April, next friday at Russaife.
Instead we will hold the way of the Cross and the Palm sunday liturgy at Jabal weibdei... as usual.

පාස්කුව වෙනුවෙන් පාපොච්චාරණය ලබා දීම සදහා දහවල් 12:00 සිට පියතුමා වෙබ්දේ දේවස්ථානයේ රැදී සිටිනවා.
ජේසු පිහිටයි.
ගරු පියතුමා.

15/03/2026

ශුද්ධවු සතියේ වැඩ පිලිවෙල 2026 අප්‍රියෙල්

අප්‍රියෙල් 03 සිකුරාදා - රුසයිෆා දේවස්ථානය
උදේ 10.30 චතාරික දේශනය
දහවල් 12.00 දිවා ආහාරය
ප.ව. 1.45 පාදනමස්කාය
ප.ව. 3.00 ගොබ් ආශිරවාද පුජාව

අප්‍රියෙල් 09 මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පුජාව සවස 7.00
ජබල් වෙයිබ්දේ දේවස්ථානය

අප්‍රියෙල් 10 මහා සිකුරාදා
පෙ.ව. 9.30 - සරකා දේවස්ථානය
ශ්‍රී කුරුසියේ මෙහෙය

ප.ව. 3.00 - ජබල් වෙයිබ්දේ දේවස්ථානය
තුන් පැය ධ්‍යානය

අප්‍රියෙල් 11සෙනසුරාදා - සවස 7.00 උත්ථාන මංගල්‍ය දිව්‍ය යාගය ජබල් වෙයිබ්දේ දේවස්ථානය

අප්‍රියෙල් 12 ඉරිදා -සවස 3.00 පාස්කු ඉරුදින දහවල් දිව්‍ය යාගය ජබල් වෙයිබ්දේ දේවස්ථානය
.........................................................................................................................................
Holy week 2026

April 3rd. Friday –
10.30 am Lenten program At Russeife Church
1.45 pm Way of the cross
3.00 pm Palm Sunday mass

April 09th Maundy Thursday
at 7.00 pm last supper Mass
At Jabal Weibdei Church.
April 10th Good Friday Services
At 9.30 am at Sarqa Church
At 3.00 pm at Jabal Weibdei Church

April 11th at 7.00 pm Vigil Mass at Jabal Weibdei

April 12th at 3.00 pm Easter Sunday Mass at Jabal Weibdei

02/12/2025

ජොර්-දාන්හි සිටින ශ්‍රී ලංකාවේ සැම වෙත,
අප රටෙහි ඇති මෙම විපත් සමයෙහි අපගේම අයට උපකාර කිරිම සදහා ඔබගේ පරිත්‍යාග මෙම සතියේ දිව්‍ය යාගයට - පැමිණෙන විට රැගෙන ඒමට කටයුතු කරන්න. මෙම සිකුරාදා දිව්‍ය පුජාව සිදු කරන්නේ ජබල් වෙයිබ්දේ දේවස්ථානයේ නොව, ජබල් -හුසේන් ගරු කන්‍යා සොයුරියන්ගේ කන්‍යාරාමයේ බව කාරුණිකව දැනුම් දෙමි.
ජේසු පිහිටයි.

30/11/2025

ශ්‍රී ලාංකික සැමදෙනා වෙතට,
ලංකාවෙ පවතින තත්වය සංවේදීව සලකා බලා මේ මොහොතේ විපතට පත්ව ඇති සියලු දෙනා උදෙසා දෙවිදුන් යදින්න. ඔවුන් වෙත ලබා දීම සදහා අලුත් ඇදුම් වර්ග ලබා දීමට කටයුතු කරන්න. තුවා, බෙඩ්ශීට්, ඇද ඇතිරිලි වෙනත් ඇදුම්. මේ සතිය තුල ලබදීමට කටයුතු කරන්න.. ඉක්මන් යැවීම් සේවාවක් මගින් ලංකාන්වට යැවීමට කටයුතු කරනු කරනු ලබන්නට උත්සාහ කරනවා. ඔබට හැකි පමනින් දායක වන්න. පරිත්‍යාග පිලිබද මා දැනුවත් කරන්න.
ජේසු පිහිටයි.

ගරු. ඇලෙක්සැන්ඩර් ලයිලි පියතුමා.

ජොර්දානයේ සිටින ශ්‍රි ලාංකික සැමට මෙය යොමු කරන්න.

නොවැමබර් 11, රාජගුරුප්‍රසාදි සා.මාටින් මුනි..පළමු⁣ දේව ප්‍රකාශයනය සලමොන්ගේ ප්‍රඥා 2:23-39..ශු.සුපුවත ලුක් 17:7-10......7...
10/11/2025

නොවැමබර් 11, රාජගුරුප්‍රසාදි සා.මාටින් මුනි..පළමු⁣ දේව ප්‍රකාශයනය සලමොන්ගේ ප්‍රඥා 2:23-39..
ශු.සුපුවත ලුක් 17:7-10......
7 එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද? 8 එසේ නොව, ‘මට කෑම බීම පිළියෙළ කොට, ඇඳගෙන ලෑස්ති වී, කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න; ඉන්පසු ඔබ කන්න බොන්නැ’යි කියන්නේ නැද් ද? 9 ඒ දාසයා තමාට අණ කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයි ද? නැත. 10 එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.

නොවැමබර් 11, රාජගුරුප්‍රසාදි සා.මාටින් මුනි..පළමු⁣ දේව ප්‍රකාශයනය සලමොන්ගේ ප්‍රඥා 2:23-39..ශු.සුපුවත ලුක් 17:7-10......7 එහෙත්, ඔ....

10/11/2025

නොවැම්බර් 10 , සභාධර්මදර රාජගුරුප්‍රසාදි සා.මහා ලියෝ පාප් තුමා.පළමු⁣ දේව ප්‍රකාශයනය ප්‍රඥා 1:1-7...
ශු. සුපුවත ලූක් 17: 1 – 6
1 උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, ”මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත! 2 මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. 3 කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න. 4 දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක.
5 එවිට ප්‍රේරිතයෝ කතා කොට, ”අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. 6 සමිඳාණන් වහන්සේ කතා කොට, ”අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.

14/10/2025
නවක පියතුමන් පිලිගැනිම 2025/10/10
14/10/2025

නවක පියතුමන් පිලිගැනිම 2025/10/10

14/10/2025

ඔක්තෝම්බර් 14 වන දින සුබ අස්න – ශු. ලූක් 11: 37 – 41

37 උන් වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරයෙක් තමා සමඟ කෑමට වඩින මෙ‍න් උන් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ ඇතුළු ව කෑමට වැඩහුන් සේක. 38 කෑම කන්නට පළමු ව උන් වහන්සේ අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය. 39 සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: ”පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සො‍්දා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත. 40 අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද? 41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.

Address

Annunciation Of Mary Church, Jabal Weibdeh
Amman

Website

Alerts

Be the first to know and let us send you an email when SL CIJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share