Son of God - ජේසුගෙ දරුවෙක්

Son of God - ජේසුගෙ දරුවෙක් Son Of God �
(2)

හිත ආසාවෙන් හොයපු සතුට හැමදාමත් තිබුණේ 🌟ජේසු🌟 ලඟ විතරමයි! fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God C...
08/24/2026

හිත ආසාවෙන් හොයපු සතුට හැමදාමත් තිබුණේ 🌟ජේසු🌟 ලඟ විතරමයි!

fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God CSMAS Official

🙏 සංවේගයෙන් දැනුම් දෙමි… 🕯️✝️සිදුව ග්‍රාමයෙන් බිහි වූ පූජක පුතකු වන,රත්නපුර පදවියේ විශ්‍රාමික රදගුරුඅති උතුම් ක්ලිටස් චන...
08/24/2026

🙏 සංවේගයෙන් දැනුම් දෙමි… 🕯️✝️

සිදුව ග්‍රාමයෙන් බිහි වූ පූජක පුතකු වන,
රත්නපුර පදවියේ විශ්‍රාමික රදගුරු
අති උතුම් ක්ලිටස් චන්ද්‍රසිරි හිමිපාණන්
අද උදෑසන ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමි.

උන්වහන්සේගේ ආත්මයට
ජේසු සමිඳුන්ගේ සදාතනික සමාදානය ලැබේවා! 🕯️✝️
ස්වර්ගීය රාජ්‍යයේ සදාකාලික විවේකය ලැබේවා! 🙏🤍

08/23/2026

ශුද්ධාත්මයාණන්වහන්සේගේ
බලයෙන් ඔබට සුවය ලැබේවා! 🔥✝️♥️🙏

ජේසුගේ දරුවෙක් - Son of God
#ජේසුගේදරුවෙක් #✝️❤️🙏

ජීවත් වෙනවා කියලා දැනෙන්න මට ඔයා ඕනමයි 🌟ජේසු🌟 fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God CSMAS Officia...
08/23/2026

ජීවත් වෙනවා කියලා දැනෙන්න මට ඔයා ඕනමයි 🌟ජේසු🌟

fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God CSMAS Official

08/22/2026

ඔයාට රිද්දපු අයට හදවතින්ම සමාව දෙන්න♥️ජේසු♥️ වගේ 🙏

Son of God - ජේසුගෙ දරුවෙක්

කන්‍ය මරියාවන්ගේ රාජිණිය වීමේ මංගල්‍යයසාන්ත සභා මාතාව අගෝස්තු මස 22 වන දින භාග්‍යවත් කන්‍ය  මරියාවන්ගේ  රාජිණිය   වීමේ ම...
08/22/2026

කන්‍ය මරියාවන්ගේ රාජිණිය වීමේ මංගල්‍යය

සාන්ත සභා මාතාව අගෝස්තු මස 22 වන දින භාග්‍යවත් කන්‍ය මරියාවන්ගේ රාජිණිය වීමේ මංගල්‍ය සමරන්නීය. ජනවන්දනා වසර තුළ අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයත් ලෙස සැලකෙන මේ මංගල්‍යය තුළ මෙලොව පරලොව සියල්ලේම රම රාජිණිය ලෙස දේවමාතාවන් පිළිගැනීම තුළින් සාන්ත සභාවේ මාතාවන් ද රාජිණිය ලෙස මරියෝත්තමාවන් හුවා දක්වා ඇත.

ජනවන්දනාමය පැතිකඩ

මරිය රැජිනියගේ මංගල්‍යයට ප්‍රබල දායකත්වයක් වූයේ මීට සතියකට පෙර සමරනු ලැබූ දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය වීමේ මංගල්‍යය අරඹයාය. පස්වන සියවසේ දී මෙම මංගල්‍ය ආරම්භ වූ බවට සාධක තිබුණද , ක්‍රමික විකාශනයක් දක්නට ඇත්තේ මධ්‍යතන යුගයේ දී ය. එය රාජකීයත්වය ඔස්සේ මරියෝත්තමාවන් හට ගරු බුහුමන් පුද කිරීමටත් , ඕ තොමෝ රැජිණිය කෙලෙස හෝ ආ දැක්වීම යන භක්ති අභ්‍යාසයන් ඔස්සේය.

එනමුදු එය මංගල්‍යයත් දක්වා විකාශනය වීමක් දක්නට ඇත්තේ 19 වන සියවසේදීය. එහෙත් ඊට පෙර යුගවල දී ඇතැම් ස්ථාන අරඹයා ප්‍රාදේශීය මට්ටමෙන් මේ මංගල්‍යය සමරා ඇති බවට සාධක ද පවතී. විශේෂයෙන් ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ලතින් ඇමෙරිකානු රටවල් වල මෙම මංගල්‍යය ඉතා ජනප්‍රිය වී ඇත. එය ඒ රටවල මුලින් ම සමරා ඇත්තේ මැයි මස පිස්සෙක් වන පිස්සෙක් වන දින දීය. 1954 නොවැම්බර් මස 01 වන දින දොළොස් වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් මෙම මංගල්‍යය විශ්ව සභාවේම මංගල්‍යය ලෙස නිර්දේශ කරන ලදී.

දෙවන වතිකාන කතිකාවෙන් පසුව මෙම මංගල්‍යය දේව වාර්තා මංගල්‍යයන් අතර අනිවාර්‍ය අනුස්මරණ මංගල්‍යය මංගල්‍යයන් අතර ස්වර්ගාරෝපණ මංගල්‍යයෙන් පසුව 08 වන දින මෙය සමරන්නට නියෝග කරන ලදී. එමඟින් ස්වර්ගාරෝපණය මේ හා රාජිණිය ලෙස කිරුළු පැළඳීමේ සබඳතාව වඩාත් අර්ථාන්විතව පිළිබිඹු වේ. තවද සභා සම්ප්‍රදායට අනුව මෙම මංගල්‍යය තුළින් දේව මාතාවන්ගේ ස්වර්ගාරෝහණ වීමේ මංගල්‍යය සඳහා ගාම්භීරභාවයක් මෙන්ම උත්සවශ්‍රීයක් ද උද්දීපනය කරයි.

ශුද්ධාසනීය නිර්දේශයන්ට අනුව දේවමාතාවන්ගේ ප්‍රතිමාවන්ට ඔටුණු පැළදවීම

මරියෝත්තමාවන්ට ඔටුණු පැළදීමේ සිරිත
මධ්‍යතන යුගයේදී මරියෝත්ත්මාවන් රාජකීයත්වයෙන් සමරන්නට වූ නිසා ඕ තොමන්ගේ රාජකීයත්වයෙන් අරභයා ඔටුණු පැළදවීමේ සම්ප්‍රදායක් ශු.සභාව තුළ ආරම්භ විය. මෙය මුලින්ම ආරම්භ කරන ලද්දේ කැපුචින් ප්‍රැන්සිස්කාන තාපසවරුන්ගේ සුවිශේෂී දායකත්වය තුළින් බව සභා ඉතිහාසයේ සදහන් වේ.මේ සම්ප්‍රදාය ආරම්භ වීමට ප්‍රධානතම සාධකය වුයේ 16 වන සියවසේ දී ආරම්භ වුණු රෙපරමාදු විප්ලවයයි. ඒ තුළින් මුලධර්මවාදීන් මරිය බැතිය අවතක්සේරුවට ලක් කළ නිසා එයට සභාව තුළින් සිදුකරන ලද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක්, ප්‍රබල චාරිත්‍රයක් ලෙස මෙය නම් කළ හැකිය.මේ සම්ප්‍රදායට ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාව තුළින් ද අනුමැතිය ලබා දුන් අතර ලිඛිත වාර්තාවන්ට අනුව ප්‍රථමයෙන් දේවමාතාවන් පිළිරුවක් සදහා ඔටුණු පළදවන ලද්දේ ක්‍රි.ව.1631 මැයි මස 27 වන දින, 8 වන උර්බානු ශුද්ධෝත්තම පියතුමා විසින් වතිකාන බැසිලිකාවේදීය.වර්තමානයේ පවා මේ සිරිත ක්‍රියාත්මකව වන අතර අද එය ක්‍රියාත්මක වන්නේ ශුද්ධාසනයේ දේවවන්දනාව භාර සංසදය මගිනි.මෙම ඔටුණු පැළදවීමේ මෙහෙයේ මුලසුන දරන්නේ ශුද්ධෝත්තම පියතුමා විසිනි. එතුමනට ඒ සදහා සහභාගී වීමට නොහැකි නම් එතුමන් වෙනුවෙන් නියෝජිතවරයෙකු පත් කළ හැක.
මෙම ඔටුණු පැළදවීමේ මෙහෙය තුළ ඔටුණු දැනට පළදවනු ලබන්නේ ජේසු සමිදුන්ගේ , මරියෝත්තමාවන්ගේ සහ ශු. ජුසේ මුනිදුන්ගේ ප්‍රතිමාවන්ට පමණකි. තවද 1981 සිට ශු.සභාව තුළ මේ සදහාම Coronandi Imaginem Beatae Mariae Virgini නමින් පිළිවෙතක් පවති. තවද මෙම ඔටුණු පැළදවීමේ මෙහෙයන් අරභයා ශුද්ධෝත්තම පියතුමා විසින් ඔටුණු පැළදවීමේ පිළිබද ප්‍රකාශයට පත්කිරීම සදහා අපෝස්තලික නිල නිවේදනයක් නිකුත්කරන අතර මෙහි ශුද්ධෝත්තම පියතුමා තම අත්සන සහිත මුද්‍රාව (Papal Bull) නිකුත්කරනු ලැබේ.

මේ අතුරින් අප මවුබිම වන ශ්‍රී ලංකාවද අයත් වීම සුවිශේෂී වේ. එම ස්ථානය වන්නේ ලාංකේය කතෝලික ජනතාවගේ ප්‍රධානතම වන්දනා ස්ථානය වන මරුද මඩු සිද්ධස්ථානයේ ඓතිහාසික මරුද මඩු ජපමාල මාතා ප්‍රතිමාවයි. එය සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1924 ජුලි මස 02 වන දින එවකට ශුද්ධාසනයේ සසුනිසුරාණන්ව වැඩ විසු 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා නියෝජනය කරමින් එකල කොළඹ අග්‍රරාජගුරු අති උතුම් ඇන්තනි කුඩෙට් (නි.ම.නි.) හිමිපාණන්ව මෙහි නියෝජිතයාණන් ලෙස නම් කරන ලදී. මේ සදහා එවකට ලක්දිව පැවති රදගුරු වසම් පහේම (කොළඹ ,යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය සහ ගාල්ල ) රාජගුරුප්‍රසාදි තුමන්ලා පැමිණ සිටි අතර , දකුණු ඉන්දියාවේ ටුටිකොරින් හි රාජගුරුප්‍රසාදිතුමන්ද මිට එක් විම ඉතා සුවිශේෂී සිද්ධියකි.

දේවධාර්මික වටිනාකම

මෙම මංගල්‍යය තුළ දෙවි දාන තම ක්‍රියාකාරිත්වය තුළ මිනිසා ඉහළ නැංවීමත් , මනුෂ්‍යත්වය උද්දීපනය කිරීමක් දක්නට ලැබේ. ගැළවුම්කාර දෙවි දානන් ගේ ආගමනයෙන් හා ගැළවීමේ පල හේතුකොටගෙන ස්වර්ගයෙහි ඔටුනු පළන් දේව අම්මාගේ දිවි ආදර්ශය හා ක්‍රියාපටිපාටිය මෙහිදී අපට දිස් වේ.

අසම්මත වූ දේව සැලැස්ම වටහා ගෙන ඊට හිස නමා , වචනයාණන් වූ දේව පුත්‍රයාණන් තම හදින් ද ,ගතින් ද, මනසින් ද පිළිගෙන තම කැමැත්තට නොව දේව අභිමතය අභිමතයට පූර්ණව හිස්වී ගැලවීමේ කර්තව්‍යයට සෘජුවම දායක වූ ප්‍රබල චරිතයක් ලෙස මරියෝත්තමාවන් කළ හැකිය. සියල්ලේ ස්වාමියාණන් වූ දෙවියන් වහන්සේම මෙහිදී මරිය මාතාවන් තුළින් එක්තරා මට්ටමකට මනුෂ්‍යත්වය ඉහලට නැංවීමක් ද , ඊට භක්ත්‍යාදරයක් දැක්වීමක් ද දිස් වේ. මෙකී උදාහර තිළිණය එතුමිය අත් කරගන්නට හැකිවූයේ පෙර කී ගැලවීමේ සැලැස්ම තුළිනි.

එම නිසා අපටද දේව කැමැත්තට හිස නැමිය යුතු බව අවධාරණය කරයි. මෝක්ෂ රාජේශ්වරිය ලෙස සකල ලෝකයාගේ ගෞරවයට පාත්‍රව ඇති මරිය මාතාවන්ගේ මහඟු දෙවි ආදර්ශය තුළ ශුද්ධාත්ම වරමින් පිරිපුන් වී ඕ තොමෝ ලැබූ ප්‍රකාර අපිද දිනක මෝක්ෂ රාජ කිරුළු පළඳින්නට හැකි බව මෙහිදී අපට පෙන්වා දෙයි. එම නිසා දෙව් මවුන් මෙන් දේව කැමැත්තට හිස නමා , සමාජය , රට දැය උදේ සහ මුළුමනින් කැප වෙමින් ද වැය වෙමින් ද දෙවිඳුන්ගේ ප්‍රසාද ලත් ලත් ජනතාවක් ලෙස දිවි ගෙවන්නට මේ මංගල්‍යයෙන් අපට ආරාධනා කරනු ලබයි.

සටහන - අසේල දසනායක
fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God CSMAS Official

08/21/2026

ඹබවහන්සේගේ පිහිටෙන්
කුරුසේ ලකුණින්
මා ජය ගන්නවා ජේසු
♥️✝️🙏

යුක්තිය වෙනුවෙන් ස්වරයෙන් හඩ නැගූ ගාන්ධර්වණියණි!සුළඟේ පවා රැඳී තිබූ,ඒ මහා නාදය නිහඬ විය...දෙසටත් දැයටත් අභිමානයක් වූ,සරස...
08/21/2026

යුක්තිය වෙනුවෙන් ස්වරයෙන් හඩ නැගූ ගාන්ධර්වණියණි!
සුළඟේ පවා රැඳී තිබූ,
ඒ මහා නාදය නිහඬ විය...
දෙසටත් දැයටත් අභිමානයක් වූ,
සරසවි දියණිය නික්ම ගියා...
සරල පෙම් ගීයේ සිට
සමාජයේ අසාධාරණය හමුවේ
රැව්දුන් ඒ විප්ලවීය කණ්ඨය,
තවත් පරම්පරා ගණනාවකට
මඟ පෙන්වන පහනක් වනු නියතය.
'තේජාන්විත ස්වරය' නිසල වුවද,
ඔබ තැබූ පිය සටහන් සහ
ගීත අමරණීයයි!

කලාශූරී ආචාර්ය නන්දා මාලනියනට නිවන් සුව පතමු!

Passion of the Christ ජේසුට මං ආදරෙයී
Son of God - ජේසුගෙ දරුවෙක්

08/21/2026

විශ්වාසයෙන් ඉන්න...
ජේසු මොනාහරි කරනවාමයි පුතේ ♥️✝️🙏

fans Son of God - ජේසුගෙ දරුවෙක් ජේසුගේ දරුවෙක් - Son of God Scp Creazioni CSMAS Official

08/19/2026

පාස්කු ප්‍රහාරයේ මහමොළ කරුවන් මේ වන විට සත්‍යය යට ගැසීමට ජාති ආගම් බේද වපුරමින් සිටිති. අපක්ශපාතී නීතියට යුක්තිය පසිදලීමට ඉඩ දෙමු. ජාති ආගම් බේද වළක්වා ගැනීමට එකා මෙන් පෙළගැසෙමු. මේ
ඒ වෙනුවෙන් කළ නිර්මාණයකි.

පිපාසය තව නිවිල නෑ
සැනසීම තව ලබල නෑ
අහිංසකයින් මරා දමලත්
උන් ලබපු එක ජයක් නෑ

තරාදිය දැක
දේශපාලන කිණිතුලන්
ජාති ආගම් භේද වපුරනවා ඉතින්

නොලැබු ජය මල කද උඩින්
බේද අවුලා ලබන්නට හිත
දන්නවා සිරි ලක් මවුන්

ධර්ම චක්‍රය කුරුසිය
අවුලුවන්නෑ නිවනවා මිස
දන්නවා ධර්මිශ්ට උන්

නීතියේ දෙවඟන පසිඳලන
පාස්කුවේ විලාපය
යුක්තියට ඇයි බාධක
දෙවිදුනේ..
තවත් ඔබ ඉවසනවද?

lyrics/Melody/Voice - SCP Creations Scp Creazioni
Music - Shammi Prashan (Noah Studio)
ජේසුගේ දරුවෙක් - Son of God

Address

Toronto, ON

Telephone

+94777648855

Website

Alerts

Be the first to know and let us send you an email when Son of God - ජේසුගෙ දරුවෙක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share