16/09/2024
ජනාධිපතිවරයෙක් පත් කරගැනීමේදී කතෝලික අපේ භූමිකාව!
===================
එලැබෙන ජනාධිපතිවරණයේදී කතෝලික ජනතාව සිට ගත යුත්තේ කොතැනද? එ් ඇයි? ඇත්තටම මේ මොහොතේ කිතුනු අපේ දේශපාලන වගකීම කුමක්ද? රට හරි දිශාවට හැරවීම සදහා කිතුනු ජනතාව මේ මොහෝතේ සහාය දිය යුතු කදවුර කුමක්ද? යන පුළුල් සංවාදය සදහා කතෝලික සභාව තුළ ක‍්‍රියාකාරීව විවිධ කටයුතුවල යෙදෙමින් සිටින ගිහි පැවිදි නායක නායිකාවන් පිරිසක් මේ සදහා සම්බන්ධ කරගෙන සිටින අතර එ් හැමටම විවිධ දේශපාලන මත හා රුචි අරුචිකම් ඇත. එක් කතිකයෙක් සදහා විනාඩි 10 ක අදහස් දැක්වීමකින් පසු සියල්ලන්ගේ අදහස් වලින් අනතුරුව අපට යම් පොදු කෙටි සංවාදයකින් කතෝලිකයා මේ මොහොතේ සටගත යුතු තැන සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගත යුතුයැයි විශ්වාස කරමු. පොදුවේ කතෝලික ගිහි නායකයින් ලෙස පොදු සමාජයට පෙටුගාමීව ගොස් නායකත්වයක් ලබාදිය යුතුයැයි සිතන බැවින් කතෝලික ගිහි සංවිධාන එකමුතුව මේ මොහොතේදි කඩිනමින් මෙය සංවිධාන කරන අතර ඇතැම් පක්ෂ වලට සහාය දෙන ගිහි නායකයින් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔවුන් ප‍්‍රසිද්ධියේ මේ සදහා අදහස් දැක්වීමට අකමැති වීම නිසා අපට වඩාත්ම සමීප සමබර ගිහි හා පැවිදි එකමුතුවක් මේ සංවාදය සදහා එක්කර ගැනීමට අපගේ ශක්ති ්‍රමාණයෙන් උත්සහ කරන ලදි. මේ සදහා ඔබ දන්නා කතෝලික කිතුනු හැම දෙනෙකුවම සම්බන්ධ කර ගන්න. මේ පොස්ට් එක හැකි පමණ ඔබ දන්නා අයට ෂෙයාර් කරන්න. පහත ලින්ක් එකෙන් Zoom තාක්ෂණය හරහා මෙම සංවාදයට එක් වන්න.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83296646512?pwd=5UZUcRb14UFStMDBUpaaCXZ3BarLjt.1
Meeting ID: 832 9664 6512
Passcode: 068474